අද ලෝක සිනමාව
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
05

අද ලෝක සිනමාව

අද ලෝක සිනමාව

කොරොනා වෛරසය ලොව සියලු ව්‍යාපාර වෙනස් වෙනස් දිශාවකට යොමු කර හමාරය.මේ මොහොතේ ලෝක සිනමාව කියන්නේ මේ අන්තර්ජාල විනෝදාස්වාදන සේවාවටයි. Streaming Services යනුවෙන් ඉංග්‍රීසීයෙන් හඳුන්වන්නේත් මේ ඇප් මූලික සේවාවලටයි. තවත් සරල කරනවා නම් Netflix, Amazon Prime” Apple TV” Disney+ “Hulu” I Player ආදී ලෝකයේ ජනප්‍රියම චිත්‍රපට ඇතුළු විනෝදාස්වාදන අංගයන් සපයන සේවාවන් මෙම Streaming Servicesවලට අදාළ වේ. ඒ අනුව රටවල් වසා දැමීමෙන් පසු ලොව පුරා සිනමා රසිකයන් ක්ෂණික අකර්ශනයකට ලක් කරගැනීමට මෙම විනෝදාස්වාදන සේවාවන් සමත් විය. සිනමාවද ඇතුළුව සංගීත සංදර්ශන, රාත්‍රී විනෝද කටයුතු ආදී විනෝදාස්වාදන කර්මාන්ත සම්පූර්ණයෙන් ඇනහිටුණු තත්ත්වයක් මත ලෝකයක් වෙත ඉතුරු වූයේ රූපවාහිනිය හා අන්තර්ජාලය පමණකි. එහෙයින් සිනමාවට වැඩි තැනක් ලැබීම ගැන එතරම් පුදුමයක් වීමට නැත්තේ අන්තර්ජාල විනෝදාස්වාදන සේවාව භාවිත කරන්නන්ගේ දත්ත සැලකීමට ලක් කරද්දීය.


මාර්තු මාසයේ එළිදැක්වුණු අති ක්‍රියාදාම නෙට්ෆ්ලික්ස් චිත්‍රපටයක් වූ Extraction ඩොලර් මිලියන 65ක් වැයකර නිමවූ අතර එහි තිබූ ක්‍රියාදාම ජවනිකා නිසා ලෝකය පුරා තරුණ ප්‍රජාවගේ නොමද අවධානයට ලක් විය. එමෙන්ම ඒ චිත්‍රපටය ඇවෙන්ජර්ස්, කැප්ටන් ඇමරිකා වැනි දැවැන්ත බ්ලොක්බස්ටර් චිත්‍රපටවල ප්‍රධාන නිෂ්පාදන භූමිකාවන් දැරූ රුසෝ සහෝදරයන්ගේ ව්‍යාපෘතියක් වීම මෙම චිත්‍රපටයේ අවධානය තවත් වැඩි කළ සාධකයක් විය. එමෙන්ම මේ වසරේ ඔස්කාර් උළෙලේ අවධානයට පාත්‍ර වූ මාර්ටින් ස්කෝසසේ ගේ ‘ද අයිරිෂ්මන්‘ ද ඩොලර් මිලියන 159ක් වැය කළ නෙට්ෆ්ලික්ස් චිත්‍රපටයක්ය.

වෘත්තාන්ත චිත්‍රපට, වාර්තා චිත්‍රපට, ටෙලි කතා කොටස් ඇතුළු 50,000 කට අධික අන්තර්ගතයන් අඩංගු ලෝකයේ ජනප්‍රියම සේවාව ලෙස කිරුළ දරා සිටින නෙට්ෆ්ලික්ස් මේ වසරේ මුල් කාර්තුවේ තමන්ගේ වර්ධනය සටහන් කරගත්තේ අලුත් පාරිභෝගිකයන් මිලියන 16 ක් තමන්ගේ සේවාව වෙත එකතු කරගනිමිනි. ඒ එම සමාගම කිසිසේත් අපේක්ෂා නොකළ අගයක්. එමෙන්ම ඇමසන් ප්‍රයිම් වසරේ පළමු අර්ධය තුල වර්ධනය කරගත් අගය ඩොලර් බිලියන 5 කට අධික යැයි පැවසෙන අතරතුරයි. මේ සියලූ අගයන් ඔවුන් උපයාගන්නේ ඔවුන්ද නිර්මාණ වෙනුවෙන් විශාල ආයෝජන සිදුකරන පසුබිමකයි.

 


මෙතැනින් නොනවතින නෙට්ෆ්ලික්ස් ඩොලර් මිලියන 200 කට ආසන්න මුදලක් වියදම් කරමින් ‘රෙඩ් නෝටිස්‘ නමින් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන අතර ඩවේන් ජොන්සන් , රයන් රෙනොල්ඩ්ස් , ගැල් ගැඩෝ එහි රංගන දායකත්වය ලබා දීමට නියමිතව තිබුණි. එතැනින් නොනැවතී රුසෝ සහෝදරයන්ගේ මීළඟ දැවැන්තම චිත්‍රපටය එළිදැක්වීමට සූදානමින් පසුවෙයි. දැනට ඇස්තමේන්තු කර ඇති පරිදි ඩොලර් මිලියන 200කට අධික මුදලක් ඒ සඳහා වැයවන අතර නම් තබා තිබෙන්නේ ‘ද ග්‍රේ මෑන්‘ නමින්. ක්‍රිස් එවන්ස් සමඟින් රයන් රෙනොල්ඩ්ස් මෙහි රංගනයෙන් දායක වීමට නියමිතයි. මෙම චිත්‍රපට දෙකෙහිම එළිදක්වන දිනයන් තවම ප්‍රකාශයට පත් කොට නැත. තමන්ගේ මිලියන ගණනක පාරිභෝගිකයන් වෙනුවෙන් ඔවුන් කරන ආයෝජන එබඳුය. එබැවින් සිනමා කර්මාන්තය ඇතුළු සියලුම ව්‍යාපාර තම අනාගතය තීරණය කිරීමේ කාලය එළඹ තිබේ.

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

807 Views

Comments

arrow-up