X man චිත්‍රපට පෙළ අවසන්
දීර්ඝ කලක් තිස්සේ ලොව පුරා ප්‍රචලිත වූ චිත්‍රපට මාලාවක් ලෙස x-man චිත්‍රපටය හැඳින්විය හැකියි. 1963 දී මාවල් කොමික්ස් හි පළමු වරට එළිය දුටු ‘x-men’ චරිත එදා මෙදා තුර චිත්‍රකතා, කාටූන් කතාමාලා සහ චිත්‍රපට ගණනාවක දිගු ගමනක් පැමිණ ඇත. X-men චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපටය ‘x-men’ 2000 දී තිරගත විය. අද දක්වා ‘x-men’ චිත්‍රපට මාලාවේ චිත්‍රපට 13ක් තිරගතව ඇති අතර වැඩිම ආදායම් ලත් ‘x-men’ චිත්‍රපට ලෙස වාර්තා වන්නේ Deadpool 2. X-men චිත්‍රපට මාලාවේ අවසන් චිත්‍රපටය ලෙස නම් කෙරී ඇති ‘The New Mutants’ 2020 අගෝස්තු 28 තිරගත වීම ඇරඹිණි.
‘Mutant’ යන ඉංග්‍රීසි වචනයේ සිංහල තේරුම ‘විකෘත’ නොහොත් ‘විකෘතියකට ලක්වූ තැනැත්තා / සත්ත්වයා’ යන්නයි. විකෘතිය නරක දෙයක් හෝ අප්‍රියජනක හැඟීමක් ජනිත කරවන්නක් වුවද යම් අවස්ථාවන්හිදී විකෘතිය ප්‍රයෝජනවත්ද විය හැකිය. චාල්ස් ඩාවින්ට අනුව සත්ත්වයාගේ පරිණාමය සඳහා සත්ත්වයන්ගේ දියුණුවට හේතු වන ‘විකෘතිය’ අත්‍යවශ්‍ය අංගයකි. ස්ටෑන් ලී සහ ජැක් කර්බි දෙපල ‘x-men’ චරිත නිර්මාණයේදී සැලකිල්ලට ගැණුනේ මෙවන් විකෘතීන් ය. සියලුම ‘x-men’ චරිත සාමාන්‍ය මිනිසුන්ට නොමැති යම් යම් විකෘතීන්ට උරුමකම් කියයි.
The New Mutants එහි අරුතට අනුවම ‘නව විකෘතීන්’කණ්ඩායමක් ගැන කියැවෙන්නක්. තරුණ විකෘතීන් පස් දෙනෙකු එක්තරා රහස් පරීක්ෂණාගාරයකදී ප්‍රථිකාර ලබන්නේ ඔවුන්ගේ බලයන්ගෙන් වෙන් කිරීමටයි. පරීක්ෂණාගාරයේ අරමුණු ගැන ප්‍රශ්න කරන මේ තරුණ තරුණියන් මුහුණ දෙන ත්‍රාසජනක අත්දැකීම් මෙම චිත්‍රපටයේ දැක්වේ. අලුත් විකෘතීන් අතර, රානේ සින්ක්ලෙයාර් හට වෘකයෙකු වීමේ හැකියාව ඇති අතර මේසී විලියම්ස් විසින් ඇයගේ චරිතය රඟ දක්වයි. ආන්යා ටේලර් ජෝයි විසින් ඉලියානා රස්පුටින් නම් චරිතයට පණ පොවන අතර ඇයට මන්ත්රකාර බල ඇත. හෙන්රි සාගා විසින් හිරුගේ ශක්තිය නතු කරගැනීමේ හැකියාව ඇති රෝබෙර්තෝ ඩි.කොස්තාගේ චරිතය පණ ගන්වයි. චිත්‍රපටයේ එන ප්‍රධාන චරිත පහම රූපවාහිනී කතා මාලාවන්ගෙන් ජනප්‍රිය වූ තරුණ තරුණියන් විසින් නිරූපණය කිරීම ද මෙහි විශේෂත්වයකි. අමෙරිකානු ඩොලර් මිලියන 80 ක පිරිවැයකින් තැනුණු මෙම චිත්‍රපටය ලත් ආදායම මේ වන විට අමෙරිකානු ඩොලර් මිලියන 30 සීමාවට පැමිණ ඇති අතර මෙය එතරම් විචාරක පැසසුම් ලත් චිත්‍රපටයක්ද නොවන බව වාර්තා වේ. සාර්ථකත්වය අසාර්ථකත්වය කෙසේ වුවත් x-men චිත්‍රපට මාලාවේ අවසානය මින් ඉදිරිපත් වන බව අනාවරණය වේ.
by Dilki Shamani
Photo source : Internet
389 Views
Comments