The 800 නවතීද?

මුත්තයියා මුරලිදරන් යනු ලොව අන්තර්ජාතික ටෙස්‌ට් සහ එක්‌දින ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියායි. ඔහුගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වීමට නියමිතව තිබූ දමිල චිත්‍රපටයක් වන්නේ The 800 නම් චිත්‍රපටයයි. එහි මුරලිදරන්ගේ චරිතය නිරූපණයට ආරාධනා ලැබූයේ දකුණු ඉන්දීය නළු විජේ සේතුපතිය. විජේ සේතුපති යනු මේ වන විට දෙමළ සිනමාවේ ජනප්‍රිය චිත්‍රපට තරුවක් බවට පත් වී සිටින්නෙකි. කොලිවුඩයේ අංක එකේ සිනමා තරුව රැජනිකාන්ත්, විජේ සහ අජිත් ගෙන් පසුව වයස් පරතරය වැඩි රසික ප්‍රජාවත් ලබන්නට ඔහු ද සමත් වී සිටී. වෘත්තියෙන් ගණකාධිකාරිවරයකු ලෙස කටයුතු කළ සේතුපති පසු කාලීනව රංගනයට පිවිස සාර්ථක චිත්‍රපට ගණනාවකම ප්‍රධාන චරිත නිරූපණය කළේය.
නමුත් මෙම චිත්‍රපටය සඳහා ප්‍රධාන චරිතය රඟපෑම සම්බන්ධයෙන් සේතුපතිහට විශාල විරෝධයක් එල්ල වු අතර ජනතාව, දේශපාලනඥයන් සහ දෙමළ සිනමා කර්මාන්තයේ ප්‍රවීණයන් පවා සේතුපති විවේචනය කරමින් චිත්‍රපටයෙන් ඉවත් වන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියහ. මුරලි ගැන කියන චිත්‍රපටයේ මුරලි චරිතය විජේ සේතුපති විසින් නිරූපණය කිරීමට නියමිත අතර 800 ලෙසින් නම් ලද එය එම්.එස්. ශ්‍රීපති විසින් එය අධ්‍යක්ෂණය කෙරෙනු ඇති බවත් පැවසුණි. මෙලෙස විරෝධය දැක්වීමට හේතුව වන්නේ මුරලිදරන් ශ්‍රී ලාංකික දමිළ ජාතිකයෙකු ලෙස ත්‍රස්තවාදය නිමාවීම පිළිබඳ යහපත් ප්‍රතිචාර දැක්වීමයි. ඊට ඉන්දීය ද්‍රවිඩ ජනතාවගේ බලවත් විරෝධය එල්ල වී තිබෙනවා.
සේතුපති මෙම චරිතයෙන් ඉවත් වී තිබෙන්නේ මුත්තයියා මුරලිදරන්ගේ ඉල්ලීම පරිදිය. මෙම චිත්‍රපටය හරහා කුඩා වියේදී වේග පන්දු යවන්නකු වූ මුරලි දඟ පන්දු යවන්නකු බවට පත් වූ අයුරුත් ඔහුගේ කුඩා කල ජීවිතය, එල්.ටී.ටී. ත්‍රස්තවාදය සහ ශ‍්‍රී ලංකාවේ පැවති භීෂණ සමයේදී ඔහු ලද අත්දැකීම්, ඩැරල් හෙයාර්ගේ නිපන්දුව, ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට එල්ල වූ බෝම්බ ප්‍රහාරය ඇතුළු සිදුවීම් කිහිපයක් ඇතුළත් කර ඇත. 800 චිත්‍රපටය සම්බන්ධව මේ වන විට තමිල්නාඩුවේ මහත් ආන්දෝලනයක් ඇති වී තිබෙන අතර දෙමළ හිතවාදී කණ්ඩායම් සමාජ මාධ්‍ය වේදිකාවල විවිධ අදහස් දක්වන්නට පටන් ගෙන ඇත.
මෙම තත්වයන් යටතේ ට්‍රේන් මෝෂන් පික්චර් සහ ඩාර් මෝෂන් පික්චර්ස් විසින් නිවේදනය කර සිටින්නේ 800 චිත්‍රපටය ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පිළිබඳව වන ක්‍රීඩා චරිතාපදානයක් පමණක්ම බවයි. කෙසේ නමුත් මෙලෙස පවතින මතවාද හේතුවෙන් දේශපාලන මතිමතාන්තර හිස තබාගත් ජනතාවක් නිසා ලොව දක්ෂ ක්‍රිකට් කරුවකුගේ ජීවිත කතාව යළි සිනමාපටයක් ලෙස ප්‍රේක්ෂකයන්ට රස විඳීමට ඉඩ නොලැබෙනු ඇත.
by Dilki Shamani
Photo source : Internet
361 Views
Comments