2020 ට Bollywood, Kollywood සහ Hollywood අලුත් කළ නිර්මාණ

ලොව පුරා විසිරී සිටින දහස් සංඛ්‍යාත චිත්‍රපට ලෝලීන් සැමවිටම අලුත් නිර්මාණ එළිදැක්වෙන තුරු බලා හිඳින්නේ දැඩි කුතුහලයෙන්. එම නිසාම එවැනි අයට හඳුන්වා දී ඇති නවතම චිත්‍රපට කිහිපයක් පිළිබඳව ඔබ දැනුවත් කරන්නටයි මේ සූදානම. මෙම චිත්‍රපට ත්‍රිත්වය බොලිවුඩ් හොලිවුඩ් සහ කොලිවුඩ් තීරයන් තුනෙන් වර්ණ ගැන්වුණු ඒවා වෙයි.
1. Blood Shot
hollywood රිදී තිරයට එකතු වූ නවතම චිත්‍රපට අතර මේ දිනවල වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගැනීමට සමත්ව ඇති ඉංග්‍රීසි චිත්‍රපටියක් තමයි bloodshot. සුපිරි වීර චරිතයක් මුල්කරගත් ක්‍රියාදාම සපිරි ත්‍රාසජනක සිනමා නිර්මාණයක් ලෙස මෙය හඳුන්වන්නට පුළුවනි. david wilson නමැති අයගේ අධ්‍යක්ෂණයක් වන මෙය valiant comics හි එන bloodshot නම් සුපිරි වීර චරිතය පාදක කරගත් සිනමා නිර්මාණයක්. මෙම සිනමා නිර්මාණය ක්‍රියාන්විතයකදී මියයන සෙබළෙකුට විද්‍යාඥයන් පිරිසක් නැවත පණදීම නැනෝ තාක්ෂණයෙන් දියුණු කළ ජෛව තාක්ෂණික අවියක් බවට ඔහු පත් කිරීමත් සමඟ සිදුවන අපූර්ව වූත් ත්‍රාසජනක සිදුවීම් මාලාවක් ඔස්සේ ඉදිරියට ගලා යන්නක්. හොලිවුඩයේ සුපිරි තරු Vin diesel, Eiza Gonzalez, Sam Heughan ඇතුළු පිරිසකගේ රංගනයෙන් හැඩවන මේ මේ චිත්‍රපටිය තිරගත වීම ආරම්භ කරන ලද්දේ මාර්තු 13 දා සිටයි.
2. Angrezi Medium
bollywood රිදී තිරයට එක්වූ නවතම චිත්‍රපටයක් තමයි Angrezi Medium. පවුලේ චිත්‍රපටයක් ලෙස වර්ග කර ඇති මෙය තම දියණියගේ සිත තුල තිබෙන ලන්ඩනයේ අධ්‍යාපනය ලැබීම සඳහා වූ සිහිනය සැබෑ කිරීමට පියෙකු දරණ වැයම පාදක කර ගනිමින් නිෂ්පාදනය කර තිබේ. එමනිසාවෙන් පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි සිනමා නිර්මාණයක් ලෙසද මෙය පෙන්වා දිය හැකියි. තවද මෙම චිත්‍රපටය පවුලක බැඳීම් වල ශක්තිමත් බව මනාවට පෙන්නුම් කරන සිනමා නිර්මාණයක් ලෙසද විග්‍රහ කළ හැකියි. බොලිවුඩයේ සුපිරි තරු වන ඉර්ෆාන් ඛාන්, කරීනා කපූර් ඇතුළු පිරිසකගේ අපූරුව රංගනයෙන් වර්ණවත් වන මෙය තිරගත වීම ආරම්භ වූයේ මාර්තු 15 දා සිටයි.
3. Velvet Nagaram
ක්‍රියාදාම සපිරි kollywood චිත්‍රපට වෙනුවෙන් ඇලුම් කරන සිනමාලෝලීන් බොහෝ දෙනෙක් රිදී තිරයට පැමිණෙන තෙක් ඇඟිලි ගනිමින් මඟ බලා සිටි චිත්‍රපටියක් තමයි Velvet Nagaram. ක්‍රියාදාම සහිත මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක සිනමා නිර්මාණයක් ලෙස වර්ග කර ඇති මෙය ඉන්දියාවේ සිදුවූ සත්‍ය සිදුවීමක් පාදක කරගනිමින් නිර්මාණය කර තිබේ. ඒ අනුව එම ප්‍රදේශයේ මිනිසුන්ට යුක්තිය ඉටුකරමින් සටන් වදින මාධ්‍යවේදිනියකට මුහුණ දීමට සිදුවන අපේක්ෂිත සිදුවීම් දාමයක් ඔස්සේ මෙම චිත්‍රපටය ඉදිරියටම ගලා යයි. කොලිවුඩයේ සුරූපී නිළි varalakshmi සහ සරත් කුමාර්, රමෙෂ් තිලක් ඇතුළු පිරිසකගේ ප්‍රධාන රංගනයෙන් ඔපවත් වෙන අතර තිරගත වීම ඇරඹුනේ මාර්තු මස 6 දා සිටයි.
ඔබත් අදම මෙම චිත්‍රපට නරඹන්න අමතක නොකරන්න. එය ඔබගේ ජීවිතයේ ලබන සුන්දරම චිත්‍රපට අත්දැකීම වේවි.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
424 Views
Comments