ලෝක විනාශය ගැන කියන Love and monsters
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
06

ලෝක විනාශය ගැන කියන Love and monsters

ලෝක විනාශය ගැන කියන Love and monsters

ලෝක විනාශය ගැන නිර්මාණය වුණු සිනමාපට රාශියක් තිබෙනවා. මේ සූදානම් වන්නේ තවත් එවැනිම සිනමා පටයක් ගැන ඔබට විස්තර කියන්න. මයිකල් මැතිව්ස් විසින් අධ්‍යක්ෂණය කෙරුණු, ෂෝන් ලෙවි සහ ඩෑන් කොහෙන් විසින් නිෂ්පාදනය කරන ලද, ලෝක විනාශයෙන් පසු කාලීනව සිදුවන සිදුවීම් පෙළක් ආශ්‍රයෙන් නිර්මාණය වුණු, ඔක්තෝබර් 16 වනදා සිට තිරගත වන Love and Monsters චිත්‍රපටය ඇරඹෙන්නේ චිත්‍රපටයේ කතා නායක වන ජොඑල් ඩෝසන් නම් තරුණයා විසින් සිය අතීතය ගැන තබන ඉහත සටහනත් සමඟිනි.


අප දන්නා ලෝකය විනාශ වී කුඩා කෘමි සතුන් මිනිසුන් දඩයම් කරන කුරිරු මෘගයින් වී ඇති සමයක, සිය පාසල් පෙම්වතිය සොයා වික්‍රමාන්විත ගමනක නිරත වන ජොඑල්ගේ කතාව මෙම චිත්‍රපටයෙන් විදහා දැක්වේ.


2020 අප්‍රේල් 20 තිරගත වීමට නියමිතව තිබුණු මෙම චිත්‍රපටය කොවිඩ්-19 වසංගතය හේතුවෙන් කල් ගොස් අවසානයේ සීමිත සිනමාහල් කිහිපයක සහ වීඩියෝ-ඔන්-ඩිමාන්ඩ් ක්‍රමය, රූපවාහිනිය හරහාත් විකාශය ඇරඹුණු බව සඳහන්. ඩිලන් ඕ බ්‍රයන්, මයිකල් රූකර්, අරියානා ග්‍රීන්බ්ලැට් සහ ජෙසිකා හෙන්වික් ඇතුළු පිරිස රංගනයෙන් දායක වන Love and Monsters පැරාමවුන්ට් බෙදාහැරීමකි.


එය අමෙරිකානු ඩොලර් මිලියන 30ක පිරිවැයකින් තනා නිමකළ බව ද වාර්තා වේ. IMDB අඩවියේ 7.1/10ක ඉහළ ලකුණු ප්‍රමාණයක් වාර්තා කරන මෙය රොට්න් ටෝමැටෝස් දර්ශකයේ 91% ක ලකුණු ප්‍රමාණයක් වාර්තා කර විශිෂ්ට විචාරක පැසසුම් ලබා තිබේ. රොට්න් ටෝමැටෝස් පොදු විචාරයට අනුව මෙම චිත්‍රපටයේ ජොඑල්ගේ චරිතයට පණ පොවන ඩිලන් විශිෂ්ට රංගනයක යෙදෙන අතර ලෝක විනාශය මඳ ගැඹුරු හැඟුම්බර ලෝකයකට අපව කැඳවාගෙන යයි. මෙහි රූගත කිරීම් පසුගිය වසර දක්වා ඔස්ට්‍රේලියාවේදී සිදු කෙරිණ.

 


චිත්‍රපටයට අනුව පෘථිවිය දෙසට ගමන් කරන ග්‍රහකයක් විනාශ වීමෙන් පසුව, රසායනික වැටීම නිසා සීතල-ලේ සහිත සතුන් විශාල රාක්ෂයන් බවට විකෘති වේ. ෆෙයාර්ෆීල්ඩ් ඉවත් කිරීමේදී ජොයෙල් ඩෝසන් ඔහුගේ පෙම්වතිය වන අයිමීගෙන් වෙන්ව සිටියද ඇය සොයා ගැනීමට පොරොන්දු වූ අතර ඔහුගේ දෙමව්පියන් මරා දමනු ලැබේ අවුරුදු හතකට පසු, ජොයෙල් ජීවත් වන්නේ භූගත බංකරයක ය. ඔහු හැර සෙසු දිවි ගලවා ගත් අය, රාක්ෂයන් සමඟ සටන් කරමින් සහ සැපයුම් සඳහා කැණීම් කරමින් සිටියදී එකිනෙකා සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන තිබේ. ජොයෙල් ජීවිතය බේරා බේරා ගැනීම සඳහා දරන උත්සහය මේ චිත්‍රපටය හරහා ඉදිරිපත් කෙරේ.

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

 

views

454 Views

Comments

arrow-up