සිංහල සිනමාවේ කතුරු මිතුරු

සිංහල සිනමාවේ කොමඩි චිත්‍රපට වලට ඒ තරම් හොඳ හොඳ ප්‍රතිචාර නම් ලැබෙන්නේ නැති බව අපි කවුරුත් දන්නවා. එවැනි මතයක් කොමඩි චිත්‍රපට ගැන ලංකාවේ ප්‍රේක්ෂකයන් තුළ තිබුණත් ගිරිරාජ් කෞශල්‍යගේ කතුරු මිතුරු සිනමාපටය ගැන කියන කොට බොහෝ දෙනා කතා කරන්නේ සිකුරු හතේ වගේ නැත්නම් සුහද කොකා වගේ නියමෙට ඇති කියලා.
ඇත්තටම ගිරිරාජ් කෞශල්‍ය ඒ තරමටම ප්‍රේක්ෂකයන්ව කෝමඩි චිත්‍රපට ඔස්සේ සිත් පැහැර ගෙන තියෙනවා. වේදිකාවෙන් තම රංගනය ආරම්භ කර පුංචි තිරය හා රිදී තිරය ජයගත් ගිරිරාජ්ගේ මීළඟ උත්සාහය කතුර, එතුමා, නාන කාමරය තුලින් ඔහු පුංචි තිරයේ සිනහා මවන්නා බවට පත්වුණා. තාමත් ලංකාවේ මෑත කාලයේ හැදුනු හොඳම හාස්‍යජනක චිත්‍රපටය සිකුරු හතේ කියන්න තරම් ගිරිරාජ්ගේ දක්ෂතා ඉහළ තලයක තිබෙනවා.
දැන් සියල්ල යටපත් කරගෙන කතුරු මිතුරු සිංහල සිනමාව ආක්‍රමණය කරන්න සූදානම් වෙනවා. හරි අපූරු කතාවක් ඔස්සේ තමයි ගිරිරාජ් කතුරු මිතුරු කතාවේ තිර රචනය ලියන්නේ. මෙය පාරම්පරිකව පැවත එන කරණවෑමියෙකු සහ ඇඳුම් මසන්නකු වටා ගෙතුණු කතාවක්. දෙදෙනාම තම රාජකාරිය කරන්නේ කතුරෙන් ඔවුන් දෙදෙනා අතර ඇත්තේ කතුර මූලික කරගත් මිතුරුකමක්. ඒ නිසා මෙම චිත්‍රපටය කතුරු මිතුරු ලෙස නම් කර තියෙනවා. චිත්‍රපටයට අනුව බාබර්ට දුවෙක් සහ ටේලර්ට පුතෙක් සිටිනවා. දෙනාම විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කර ගමට පැමිණ ඔවුන් උගත් දේ අනුව ඔවුන්ට රැකියා අවස්ථා අහිමිවෙනවා.
ඒ නිසා ඔවුන් තමන්ගේ පියවරුන්ගේ රැකියාවට සම්බන්ධ වීමට උත්සහ කරනවා. නමුත් මේ පියවරුන් ඒ පිළිබඳ තමන්ගේ දැඩි අකමැත්ත විරෝධය ප්‍රකාශ කරනවා. ඔවුන්ගේ එකම අභිප්‍රාය තම දරුවන් පරිපාලන ක්ෂේත්‍රයට සම්බන්ධ උසස් රැකියා කරනු දැකීමයි. නමුත් දෙමව්පියන්ගේ බලාපොරොත්තු සුන් කරමින් පියවරුන්ගේ රැකියාවට සම්බන්ධ වෙන මොවුන් වර්තමානයට ගැලපෙන නව මාන සොයාගෙන යනවා. සාම්ප්‍රදායික ටේලර් සාප්පුවට සහ බාබර් සාප්පුවට පැමිණෙන ගනුදෙනුකරුවන් සමඟ පවත්වන සම්බන්ධතා හාස්‍ය මතු කරවන ආකාරයෙන් ගිරිරාජ් නිර්මාණය කර තියෙනවා.
මේ අපූරු කතාව නිෂ්පාදනය කරන්නේ ආලංකුලම චිත්‍රපට වෙනුවෙන් බාසුරු සිරිවර්ධන. ආලෝකකරණය සහ කැමරාව රුවන් කොස්තාගෙන්. සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහයන් නිර්මාණය කර ඇති අතර පසුබිම් ගායනය අමරසිරි පීරිස් ජයලත් මනෝරත්න මහේන්ද්‍ර පෙරේරා රොඩ්නි වර්ණකුල ප්‍රියන්ත සෙනෙවිරත්න සහ තාරක ගුණවර්ධන දායක වෙනවා. ලගදීම රිදී තිරයේ දකින්න ලැබෙන කතුරු මිතුරු ඔබත් නරඹන්න.
by Dilki Shamani
Photo Source: Internet
905 Views
Comments