තාප්සිගේ රංගනයෙන් හැඩවෙන තප්පාද්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
25

තාප්සිගේ රංගනයෙන් හැඩවෙන තප්පාද්

තාප්සිගේ රංගනයෙන් හැඩවෙන තප්පාද්

ඉන්දියානු සිනමාව යනු දිනෙන් දින අලුත් වන නැවුම් වන සිනමා කලාවක්. 2020 වර්ෂයට ඉන්දියානු සිනමාවට ආලෝකයක් ගෙන දෙමින් එක් වූ සිනමාපට රැසක් මේ වනවිට තිරගත වෙමින් පවතී. පෙබරවාරි මස 28 වැනි දින ප්‍රදර්ශනය ආරම්භ කරන ලද ඉතා වේගයෙන් ජනප්‍රිය වෙමින් සිටින නිළියක් වන තාප්සි පන්නුගෙ රංගනයෙන් හැඩ ගැන්වී ඇති චිත්‍රපටයකි තප්පාද්. තප්පාද් යන්නෙහි තේරුම කම්මුල් පහර යන්නයි. ඇත්තෙන්ම මෙය මේ දිනවල තිරගත වන අතිශය ආන්දෝලනාත්මක චිත්‍රපටයක් වශයෙන් ද හඳුනාගත හැකියි.

මෙම සිනමාපටයට පසුබිම් වන්නේ තරුණ අඹුසැමියන් දෙදෙනෙකු ගැන කතාවක්. අම්රිතා සහ වික්‍රම නම් වන ඔවුන් දෙදෙනා ඉතා සතුටින් ජීවිතය ගෙනයන අඹුසැමියන් දෙදෙනෙක්. නමුත් එක් දිනක සිදුඋන සිද්ධියක් නිසා ඔවුන් එතෙක් ගත කළ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වීමට පටන් ගනී. එම සිද්ධිය නිසාවෙන් ඔවුන් අතර පැවති සම්බන්ධය බිඳ වැටෙන්නට පටන් ගනී. එනම් එක්තරා සාදයක් අතර තුර වික්‍රම විසින් අම්රිතාට දැඩි කම්මුල් පහරක් එල්ල කිරීමයි. එමනිසාවෙන් අම්රිතා සිය විවාහය පිළිබඳව දෙවරක් සිතන්නට පටන් ගනී. මෙම චිත්‍රපටයට මූලික වී ඇත්තේ මෙම සරල සිද්ධියයි. වර්තමානයේ දී නිතර අවධානයට යොමු වන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සහ ඒ තුළ කාන්තාවන්ගේ ඉරණම පිළිබඳ කතාවක් වශයෙන් ද මෙම චිත්‍රපටය පෙන්වාදිය හැකියි. අම්රිතා වටා සිටින බොහෝ දෙනා එයට විරෝධය දක්වන විට ඇය දිගටම තම ස්ථාවරයෙහි රැඳී සිටීමට ගන්නා උත්සාහය සහ එහිදී මුහුණ දෙන අභියෝග මෙම චිත්‍රපටය හරහා ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කෙරේ.

 

 

 


මෙම චිත්‍රපටය මේ වන විට විශාල ආන්දෝලනයක් සහ සංවාදයක් ඇති කර තිබෙන අතර එහි නිලියගේ රඟපෑම ප්‍රේක්ෂකයන් මෙන්ම විචාරකයන්ද මහත් ඉහළින් අගය කර තිබේ. පසුගියදා පැවති filmfare සම්මාන උළෙලේදී හොඳම නිළිය ලෙස සම්මානය හිමි කරගත් තාප්සි, මෙම චිත්‍රපටය වෙනුවෙන්ද මෙවර සම්මානයට පාත්‍ර වේ යැයි ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වේ. මේ වන විට 32 වැනි වියේ පසුවන ඇය ඉතාම කාර්ය බහුල නිළියක් බවට පත්ව තිබේ. ඇය පළමු වරට සිනමාවට එක් වූයේ 2010 වසරේ තිරගත වූ ජුමාන්දි නාදම් නැමැති චිත්‍රපටියෙන් ය. එහි ඇය රඟපෑවේ ඇමරිකානු මිලියනපතියෙකුගේ දියණියක් හැටියටයි. සිනමාවට පැමිණීමට පෙර ඇය නිරූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කළාය. මෑත කාලයේ දී ඇය රඟපෑ චිත්‍රපට අතර මුල්ක්, මන්මාසියාන්, බාද්ලා, mission mangal වැනි චිත්‍රපට ප්‍රමුඛත්වයක් ගනී. මේ දිනවල ප්‍රදර්ශනය වන මෙම තප්පාද් චිත්‍රපටයත් සාර්ථක ලෙස තිරගත වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

views

297 Views

Comments

arrow-up