රොග් වෝෆෙයාර්: ද හන්ට්
බ්ලැක් මාස්ක් සංවිධානයේ තර්ජනයට මුළු ලෝකයම මුහුණ දී සිටී.
මෙම තර්ජනය විසුරුවා හැරීම සඳහා ඉහළ පුහුණුව ලත් සොල්දාදුවන්ගේ කණ්ඩායමක්
දෙවන මෙහෙයුමක් සඳහා යවා ඇත. කිසිදු සොල්දාදුවෙක් අතරමං කර නොඑන්න. එයයි ඔවුන්ට පැවරූ කාර්‍ය්යය.
එහෙත් ඔවුන්ගේ කණ්ඩායමට වඩා ත්‍රස්තවාදී කණ්ඩායමෙහි පිරිස වැඩි බව එහිදී සොයාගන්නා විට ඔවුන්ගේ නායක ඩැනියෙල් (විල් යුන් ලී) අල්ලා ගනු ලැබේ. ඩැනියෙල්ව ප්‍රාණ ඇපයට තබා ඇත්තේ ‘උත්තරීතර නායකයා’ ලෙස හැඳින්වෙන දරුණු රණශූරයෙක් විසිනි.
එක්සත් ජනපද ජනාධිපති (ස්ටීවන් ලැන්ග්) සහ ඔහුගේ ප්‍රධාන අණදෙන නිලධාරි බ්‍රිස්කෝ (ක්‍රිස් මල්කි) විසින් ගලවා ගැනීමේ මෙහෙයුමක් සූදානම් කරයි.
වහාම සතුරන්ගේ මූලස්ථාන කඳවුරට රිංගා ඔවුන්ගේ සහෝදරයා සහ සොල්දාදුවන් මොනයම් දෙයකින් හෝ නිදහස් කරගෙන එන ලෙස නියෝග කරනු ලැබේ. සතුරා පරාජය කර නොනැසී සිටීමට කණ්ඩායම සිය සියලුම ශක්තිය එක්සත්ව භාවිතා කළ යුතුයි.
ඔවුන්ට එය කල හැකි වේවිද?
ස්ටීවන් ලැන්ග්,
මයික් ගුන්තර්,
විල් යුන් ලී,
ක්‍රිස් මල්කි,
කේටි කීන්,
ජර්මයින් ලව්,
ජිනා ඩීසෙයාර්,
මයිකල් බ්ලොක්,
එසම් ෆෙරිස්,
බර්ට්‍රන්ඩ්-සේවියර් කෝබි, ෆර්නෑන්ඩු චියන්,
රෝරි මාක්හැම්,
ඇන්ඩෲ එමිලියෝ ඩීසෙයාර් රංගනයෙන් දායක වන,
ට්‍රාන්ස්ෆෝමර් - ලාස්ට් නයිට් චිත්‍රපටයෙහි අධ්‍යක්ෂක, සැබොටාජ් චිත්‍රපටයෙහි
දෙවන ඒකක අධ්‍යක්ෂක නිෂ්පාදකයා වන මයික් ගුන්තර් විසින් නිර්මාණය කරන ලද අද්විතීය, ත්‍රාසජනක, කුතුහලය දනවන වික්‍රමාන්විතය...
රොග් වෝෆෙයාර් - ද හන්ට් 2020 අප්‍රේල් 3 වන සිකුරාදා සීමිත සිනමාහල් වලදී නිකුත් විය.
ඔබත් අවසානය වනතෙක් නැරඹීය යුතුම චිත්‍රපටයකි...
by Kaushalya De Silva
Photo Source: Internet
375 Views
Comments