We can be Heroes ළමා චිත්‍රපටය
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
30

We can be Heroes ළමා චිත්‍රපටය

We can be Heroes ළමා චිත්‍රපටය

පිටසක්වල ජීවීන් විසින් සුපිරි වීර දෙමාපිය යුවළක් පැහැරගෙන යනවා. ඔවුන්ගේ දරුවන් එක්ව තම දෙමාපියන් බේරා ගැනීමට මෙහෙයුමක් දියත් කරන්නට සූදානම්. මේ දරුවන්ට ඔවුන්ගේ දෙමාපියන් වත් මුළු මහත් ලෝකයත් බේරා ගැනීමට හැකියාවක් ලැබේවිද ?

" වී කැන් බී හීරෝස් " චිත්‍රපටිය විශේෂයෙන් දරුවන් අතර ඉතාමත් ජනප්‍රිය වේ යැයි බොහෝ දෙනාගේ මතයයි. පවුලේ සියළු දෙනාම එක්ව නැරඹිය යුතු සුපිරි කුඩා දරුවන්ගේ වික්‍රමාන්විතයන් ගෙන් කැටි වූ මෙය ඉතා අපූරු චිත්‍රපටියක්.

2005 වසරේදී තිරගත වූ " ද ඇඩ්වෙන්චර්ස් ඔෆ් ෂාර්ක් බෝයි ඇන්ඩ් ලාවා ගර්ල් ඉන් 3D " චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළ රොබට් රොඩ්රිගේස් විසින් මෙම චිත්‍රපටියෙහිත් තිර රචනය , අධ්‍යක්ෂණය හා නිශ්පාදනය යන තුනටම දායකත්වය දෙනු ලබනවා. ට්‍රබල් මේකිං ස්ටූඩියෝ නිශ්පාදන සමාගම මෙය ප්‍රවර්ධනය සඳහා සහය වනවා.

2019 අගෝස්තු මස රූගත කිරීම් ආරම්භ කළ " වී කැන් බී හීරෝස් " චිත්‍රපටිය 2021 ජනවාරි 01 වන දින තිරගත වීමට නියමිතයි. සුප්‍රසිද්ධ බොලිවුඩ් රංගන ශිල්පිණියක් වන " ප්‍රියංකා චොප්රා " ද ඇඩ්වෙන්චර්ස් ඔෆ් ෂාර්ක් බෝයි ඇන්ඩ් ලාවා ගර්ල් හි රංගනයෙන් දායක වූ ටෙයිලර් ඩූලිද මෙම චිත්‍රපටියටද රංගනයෙන් දායක වනවා.

 


ඊට අමතරව ක්‍රිස්ටියන් ස්ලේටර් , පෙඩ්ඩ්‍රො පැස්කල් , සුං කැං , බොයිඩ් හොල්බරූක් , හේලි රයින්හාට් , ඇන්ඩි වෝල්කන් , යා යා ගොස්සෙලීන් , අකීරා අක්බාර් යන සුප්‍රසිද්ධ රංගන ශිල්පීන් හා ශිල්පිණියන් මෙම චිත්‍රපටියට රංගනයෙන් දායකත්වය ලබා දී ඇත.

දරුවන්ට හා පවුලේ සියල්ලම එක්ව නැරඹිය හැකි මේ චිත්‍රපටිය ඉතාමත්ම විනෝදජනක මෙන්ම ත්‍රාසයජනක චිත්‍රපටියක් වනවා නොඅනුමානයි. " වී කැන් බී හීරෝස් " ළඟදීම බලාපොරොත්තු වන්න.

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

349 Views

Comments

arrow-up