ලංකාවේ හදන TV series එක - Cyber beggars
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
24

ලංකාවේ හදන TV series එක - Cyber beggars

ලංකාවේ හදන TV series එක - Cyber beggars

කොරෝනා වෛරස වසංගතයක් සමඟ Netflix ඇතුළු සමාජ මාධ්‍යයන් ඔස්සේ TV Series නැරඹීම ලාංකේය ප්‍රේක්ෂකයන් පෙරට වඩා පුරුදු වී සිටිනවා. ටෙලිවිෂනයට කොටු වුණු ප්‍රේක්ෂකයන් දැන් ක්‍රමයෙන් අන්තර්ජාලය හා සම්බන්ධ වෙමින් ටෙලිනාට්‍ය ඇතුළු විවිධ නිර්මාණ නැරඹීමට පටන්ගෙන තිබේ. Cyber Beggars යනු එවැනි ප්‍රේක්ෂකයන් උදෙසා නිර්මාණය වුණු TV Series එකක්. එහි තිරරචනය සහ අධ්‍යක්ෂණය සිදුකර ඇත්තේ කසුන් මහේන්ද්‍ර හීනටිගල නම් තරුණ නිර්මාණකරුවායි. සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වූ cyber beggars TV series එකෙහි පළමු Season එක කොටස් දහයකින් සමන්විත වෙනවා.


ලංකාවේ කාලයක් පුරාවට සිදුවූ සහ වර්තමානයේ සිදුවෙමින් පවතින නූතන සයිබර් මාධ්‍ය හරහා මිනිසුන් මංකොල්ලකෑමේ කල්ලියක් පිළිබඳ සත්‍ය සිදුවීම් පදනම් කරගෙන මෙය නිර්මාණය කර ඇති බවයි වාර්තා වන්නේ. මෙය නූතන යාචක පරම්පරාව හා සැබැඳි කතාවක්.


එම කතා මාලාව සඳහා නිනෝ ජයකොඩි, කළණ ගුණසේකර, චමත්කා ලක්මිණි, සුදත් ඇන්තනී, තීන පෙරේරා, ශානක ප්‍රනාන්දු, මිලින්ද මඩුගල්ල, කසුනි කාවින්දි වැනි ජනප්‍රිය හා දක්ෂ නළු නිළි පිරිසක් රංගනයෙන් දායක වෙනවා. නව පරපුරේ තරු රැසක් මෙන්ම සුසිලා කෝට්ටගේ වැනි ජේෂ්ඨ කලාකරුවන් ද මීට සම්බන්ධ වීම විශේෂත්වයක්. Cyber beggars හි කැමරා අධ්‍යක්ෂණය චින්තක සෝමකීර්ති, කතාව තිරරචනය සහ අධ්‍යක්ෂණය මහේන්ද්‍ර හීනටිගල විසින් සිදුකර තිබෙනවා. සංගීත අධ්‍යක්ෂණය දිනේන්ද්‍ර ජයවීර, මාලිංග මධුසංක කලා අධ්‍යක්ෂණය කළා. නිෂ්පාදන කළමනාකරු විදිහට චානක නිරෝෂන් දායක වී තිබේ.

 


ලෝකයේ Netflix, Amazo වගේ නිෂ්පාදන ආයතන හරහා විශාල වශයෙන් චිත්‍රපටි ආදී නිර්මාණ බිහිවෙනවා. මේ නිසාම බොහෝ රටවල සිනමාශාලා වෙනුවට ඔවුන් සමාජ මාධ්‍ය භාවිත කරනවා. ලංකාවෙත් සිනමාවට කලාවට ආදරය කරන නිර්මාණකරුවන් වගේම ප්‍රේක්ෂකයා පවා මේ මොහොතේ ලෝකේ නව ප්‍රවණතා සමඟ යාවත්කාලීන වෙමින් සිටිනවා. ලංකාවේ TV Series නිර්මාණය කියන එක අලුත් වුණාට හොඳ නම් ඒක භාරගන්න ප්‍රේක්ෂකාගාරයක් සිටින බව එහි අධ්‍යක්ෂකවරයා පෙන්වා දෙනවා. අද වන විට ටෙලි නාට්‍ය පවා යූටියුබ් වැනි මාධ්‍ය ජාලා ඔස්සේ නැරඹීමට ජනතාව වැඩි උත්සාහයක් දරන බැවින් මෙවැනි නිර්මාණ ඉදිරියේදී ප්‍රේක්ෂකයන් අතර වඩා ජනප්‍රිය වනු ඇතැයි ඔහු අපේක්ෂා කරනවා.
දැනට cyber beggers හි කොටස් සුළු ප්‍රමාණයක් මුදාහැර ඇති අතර මේ වන විට ඊට හොඳ ප්‍රතිචාර ලැබෙන බවයි වාර්තා වන්නේ. නව තාක්ෂණය සමඟ කලා ක්ෂේත්‍රයේ ගමන් මග වෙනස් කලයුතු කාලය එළඹ ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

717 Views

Comments

arrow-up