ඉන්දීය කාන්තාවට මුල්තැන දුන් Thappad
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
30

ඉන්දීය කාන්තාවට මුල්තැන දුන් Thappad

ඉන්දීය කාන්තාවට මුල්තැන දුන් Thappad

ඉන්දීය මුල් සමාජයේ ස්ත්‍රීන් සම්බන්ධව විශේෂතා රැසක් හඳුනා ගන්න පුළුවන්. දේව පූජා පැවැත්වීමට තරම් සමාජ තත්වයක් හිමි වී තිබූ ඇයට නූතන සමාජ මට්ටම දක්වා පැමිණි ගමනේදී ඇඳුමේ සිට ඇය හා සම්බන්ධ සියලුම දේ කෙරෙහි සමාජය බලපෑම සිදුකර තියෙනවා. මේ ඔස්සේ ගොඩනැගුනු ගෘහස්ථ හිංසනය ඉන්දියන් සමාජයේ විශාල ගැටළුවක් වෙලා තියෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ ඉන්දීය සමාජය විවාහක කාන්තාවන් දූෂණයට ලක් වීම පවා අපරාධයක් ලෙස සලකන්නේ නැහැ. ඒ පමණක් නොවෙයි ඇතැම් බොලිවුඩ් නිර්මාණවලදී ප්‍රචණ්ඩත්වය ආදරය පෙන්වන එක්තරා ආකාරයක් ලෙසද දැක්වීමට නිර්මාණකරුවන් උත්සාහ ගෙන තියෙනවා. පසුගිය වසරේ තිරගත වූ කබීර් සිං එවැනි නිර්මාණයක්.
 

 

 


නමුත් මේ වසරේදී අනුභව් සිංහා මිනිස්සුන්ගේ මෙම ආකල්පය නිරාකරණය කිරීමට උත්සාහ කර තියෙනවා. ඒ සඳහා ඔහු වෙනස්ම චිත්‍රපට නිර්මාණය කරනවා. Thappad කියන එකේ තේරුම කම්මුල් පහර යන්නයි. එහි එන පරිදි අම්රිතා සිය සැමියා සමග සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන නමුත් එක් දිනෙක උත්සව අවස්ථාවකදී පිරිසක් ඉදිරියේ සැමියා විසින් එල්ල කරන ලද කම්මුල් පාරක් හේතුවෙන් ඇය විවාහ දිවිය පිළිබඳ වෙනස් ආකාරයට සිතන්න පටන් ගන්නවා. චිත්‍රපටය පුරාවට දිව යන්නේ ඒ පිළිබඳ කතාන්දරයයි. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අනුභව් සිංහා විසින් Ra one චිත්‍රපටය චිත්‍රපටය ද අධ්‍යක්ෂණය කර තියෙනවා. මෙහි තිරගත කිරීම් ආරම්භ කෙරුණේ පසුගිය පෙබරවාරි 28 වැනිදායි. අනුභව් සමගින් මෘන්මේ ලගෝ විසින් රචනා කෙරුණු එහි අම්රිතා ලෙසින් ප්‍රධාන චරිතයට පණ පොවන්නේ තාප්සි පන්නු විසින්. පන්ජාබ් පවුලක උපත ලද තාප්සි පන්නු නවදිල්ලියේ තාක්ෂණික විශ්ව විද්‍යාලයෙන් පරිගණක විද්‍යාව පිළිබඳ උපාධි ලබාගෙන තියෙනවා. මෘදුකාංග ඉංජිනේරුවරියක ලෙස සේවය කළ ඇය පසු නිරූපණ ක්ෂේත්‍රයට එක් වෙනවා. ඇය සිනමාවට පිවිසෙන්නේ 2010 වසරේ දී Jhummandi Naadam නම් තෙළිඟු චිත්‍රපටය හරහා. ඉන්පසු pink, Badla, mission mangal ඇගේ රංගන දායකත්වය ලද අතිශයින්ම සාර්ථකත්වයට පත් හින්දි චිත්‍රපට අතරට එක් වෙනවා. පසුගිය වසරේ තිරගත කෙරුණු Saand Ki Aankh චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇය ෆිල්ම්ෆෙයාර් උළෙලේ හොඳම නිළියට හිමි විචාරක සම්මානය ලබා ගන්නවා. මෙම චිත්‍රපටියේ අම්රිතාගේ සැමියා ලෙස පෙනී සිටින්නේ පවාලි ගුලාති විසින්. ඉන්දීය සමාජයේ ගෘහස්ථ හිංසනයට ලක්වන කාන්තාවන් වෙනුවෙන් නිර්මාණය කර ඇති චිත්‍රපටය ඔබත් රස විඳින්න. ඔබටත් සමාජය පිළිබඳ හොඳ පාඩමක් කියා දේවි.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

330 Views

Comments

arrow-up