සෙනෙහසින් උමතු වූ මවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
02

සෙනෙහසින් උමතු වූ මවක්

සෙනෙහසින් උමතු වූ මවක්

හදිසි ප්‍රතිකාර ලබා ගන්නා ඩයෑන් ෂර්මන්, (සාරා පෝල්සන්) නොමේරූ දරු ප්‍රසූතියක් සිදු කරයි.

වසර 17 කට පසුව, ඩයෑන් ගෘහස්ථ ලෙස අධ්‍යාපනය ලබන, රෝද පුටුව භාවිතා කරන තම දියණිය ක්ලෝයි (කීරා ඇලන්) ගේ එකම භාරකාරිනිය වෙනවා.

තාක්‍ෂණය හා ඉංජිනේරු විද්‍යාව පිළිබඳ හසල දැනුමක් ඇති ක්ලෝයි ට වොෂිංටන් විශ්ව විද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනය ලැබීමට යාම සදහා ලිපියක් බලාපොරොත්තුවෙන් සිටී. ඩයෑන් ඇයගේ දියණිය ක්ලෝයිට පවසන්නේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා ඇය නිවසින් පිටව යාම තමාට ප්‍රශ්නයක් නොවන ලෙස වුවුද ක්ලෝයිට නිවසට එන ලියුම් කැඩීමෙන් වැළකෙන ලෙසයි.

දිනක් ක්ලෝයි ඇගේ මවට නියම කර ඇති නුහුරු වූ කොළ පැහැති පෙති කිහිපයක් සොයා ගනී. මෙම නව පෙති ට්‍රයිගොක්සින් නම් වූ බෙහෙතක් ඇයට නියම කර ඇති බව ඩයෑන් තම දියණියට පවසයි. ට්‍රයිගොක්සින් පිළිබඳ පර්යේෂණ කිරීමට ක්ලෝයි දරන උත්සාහය ගෘහස්ථ අන්තර්ජාල සම්බන්ධතාවයේ බිඳවැටීමකින් වලක්වනු ලබන අතර, ඖෂධයේ අනන්‍යතාවය සහ අරමුණ සෙවීමට ඇය ආගන්තුකයෙකුගෙන් උදව් ඉල්ලා සිටීමට උත්සාහ කරයි.

ට්‍රයිගොක්සින් හෘද රෝග වලට ප්‍රතිකාර කරන බව ක්ලෝයි දැනගනී, එහෙත් එම පෙති රතු පැහැය මිස කොළ පැහැය නොගන්නා බව ඇය දැනගනී. මෙතැන් සිට මේ දියණිය කුමක් කරාවිද? මව ඇයගෙන් සගවන්නට උත්සාහ කරන්නේ කුමක්ද?

 



ත්‍රාසය, භීතිය හා කුතුහලය රැගත් 2020 නොවැම්බර් මස සිට තිරගත වන " රන් " (Run) චිත්‍රපටිය අනීශ් චැගන්ටි විසින් අධ්‍යක්ෂණය කරයි. විනාඩි 90 ක කාලයක් තුළ දිගහැරෙන මෙම චිත්‍රපටිය මේ වන විටත් IMDB රේටිං වල 6.7 ක් ලබා ගෙන ඇත.

සෙනෙහසින් උමතු වූ මවකගේ හා එම දියණියගේ ජීවත කෙසේ වෙනස් වේවිද? අනිවාර්යයෙන්ම ඔබ නැරඹිය යුතු චිත්‍රපටියක්..

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

366 Views

Comments

arrow-up