මාර්ක් විලියම්ස්ගේ Honest Thief
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
26

මාර්ක් විලියම්ස්ගේ Honest Thief

මාර්ක් විලියම්ස්ගේ Honest Thief

හොරකමක් වන්නේ වෙනත් අයකුට හිමි වස්‌තුවක්‌, අයිතිකරුට නොදන්වා හෝ ඔහු රැවටුමෙන් හෝ බිය ගැන්වීමෙන් හෝ බලහත්කාරයෙන් හෝ ගැනීමයි. එවැනි දේ සිදුකරන විවිධ ආකාරයේ හොරු සමාජයේ සිටී. අරාබි නිසොල්ලාසයේ කියැවෙන අලි බබා සහ හොරු හතළිහ ගැන කියවෙන කතාව ලොවපුරා ජනප්‍රිය වූ කතාපුවතකි. හොරුන් නොමැති තැනක් නොමැත. මේ අතර අවංක හොරුත් සිටින බව ඔබ දන්නවාද?


වසර ගණනාවක් පුරා බොස්ටන් වටා සැරිසැරූ අති දක්ෂ හොරෙක් වන්නේ ටොම් කාටර්. බැංකුවලට ඇතුළු වී මුදල් විශාල ප්‍රමාණයක් රැගෙන කාටත් නොදැනීම පිටතට පැමිණීමට ඔහු වඩාත් දස්කම් දක්වයි. නමුත් කාලයකට පසු ඇනී නම් මනෝවෛද්‍ය ශිෂ්‍යාව හමු වීමත් සමඟ ටොම්ගේ ජීවිතය වෙනස්වීමට පටන් ගනී.


ඇය සමඟ තිබූ ටොම්ගේ සබඳකම මොනතරම් ප්‍රබල දැයි කිවහොත් ඔහුගේ හොරකම් කිරීමේ ජීවිතයට සමුදී ඔහු සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට සූදානම් වෙයි. ඒ වෙනුවෙන් තමා මෙතක් කළ වරද පිළිගෙන ඔහු හොරකම් කළ සියලු මුදල් එෆ්බීඅයි වෙත භාරවී ආපසු ලබාදීමට තීරණය කරයි. තම කළ වරද කලින් පිළිගෙන ඉදිරිපත් වන පුද්ගලයන්ට කෙටි දඬුවම් කාලයක් ලබාදී නිදහස්ව සාමකාමී ජීවිතයක් ගත කිරීමට අවස්ථාවක් සැලසේ. ඒ නිසාම ටොම්ගේ බලාපොරොත්තුව වූයේද එලෙස ඇනී සමඟ යහපත් සාර්ථක ජීවිතයක් ගත කිරීමයි.

 


මෙතෙක් ටොම් වරදකරුවකු බවට සාක්ෂි හෝ සැක කටයුතු තොරතුරක් පවා නොමැති අවස්ථාවක එෆ්බීඅයි වෙත මෙම සිදුවීම විශාල ගැටලුවකි. මේ නිසාම ටොම් හොරෙකු බව පිළිගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත. එබැවින් එෆ්බීඅයි ටොම්ට තමා හොරෙකු බව ඔප්පු කිරීමට අවස්ථාවක් ලබාදෙයි. ඒ නිස රහසිගතව ප්‍රවාහනය කරන මුදල් හොරකම් කර පෙන්වීමට ටොම්ට ඔවුන් අවස්ථාව ලබා දේ. ටොම්ගේ මෙම කටයුත්ත භාර වී තිබෙන්නේ බේකර් සහ නිවෙන්ස් නම් නිලධාරින්ටයි. නමුත් ඔවුන් ටොම් ඝාතනය කර මුදල් ඔවුන් සතුකර ගැනීමට සැලසුම් කරයි. කතාව ආරම්භයේ ටොම් වරද පිළිගෙන අවසන්ය. ඉන්පසු මෙම අවස්ථාවට ඔහු මුහුණ දෙන්නේ කෙසේද යන්න Honest Thief චිත්‍රපටය මගින් කියැවේ.
මාර්ක් විලියම්ස්ගේ අධ්‍යක්ෂණයක් වන අමෙරිකානු ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටයක් වන Honest Thief පසුගිය ඔක්තෝබර් 16 වැනිදා තිරගත වීම ඇරඹීය. මෙම චිත්‍රපටය සඳහා ලියම් නීසන්, කේට් වෝල්ෂ්, ජේ කර්ට්නි, ජෙෆ්‍රී ඩොනොවන්, ඇන්තනි රාමන්ස්, රොබට් පැට්‍රික් ඇතුළු පිරිසක් දායක වේ. දැනය මෙම චිත්‍රපටය මිශ්‍ර විචාරක ප්‍රතිචාර ලැබීමට සමත්වී ඇත. මෙම චිත්‍රපටය සඳහා අයිඑම්ඩීබී දර්ශකයේ 6.1/10ක ලකුණු ප්‍රමාණයක් හිමි වී ඇත.

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

349 Views

Comments

arrow-up