සුරතල් සුනඛයාගේ කතාව The call of the wild
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
05

සුරතල් සුනඛයාගේ කතාව The call of the wild

සුරතල් සුනඛයාගේ කතාව The call of the wild

නිවෙස් වල සුරතලයට ඇති දැඩි කරන සතුන් අතර සුනඛයන් කියන්නේ සුවිශේෂී සුරතල් සතුන් විශේෂයක්. නිවසක සාමාජිකයන්ට මෙන්ම තැනක් හිමිකර ගැනීමට සුරතල් සුනඛයන් සමත්වෙලා තියෙනවා. ඔවුන් සුරතලයට පමණක් නොව විවිධ වගකීම් දරන පිරිසක් ලෙසද දකින්න ලැබෙනවා. ආරක්ෂක කටයුතු වෙනුවෙන් දායක වන සුනඛයන් සේම චිකිත්සක සුනඛයන් ද ඒ අතර වෙනවා. රෝහල්වල විශ්‍රාමක නිවාස වල සාත්තු නිවාස වල ආපදා ප්‍රදේශ වැනි ස්ථානයන්හි වල සෙනෙහස සුවපහසු ආදරය ලබාදීම සඳහා පුහුණුව ලබා දුන් චිකිත්සක සුනඛයන් ලොව වටා දැකගත හැකි වෙනවා.

බක් කියන්නේ කැලිෆෝනියාවේ නිවසක හැදී වැඩෙන සුරතල් සුනඛයෙක්. හදිසියේ බක් අතුරුදහන් වෙනවා. කැලිෆෝනියාවෙන් සොරකම් කළ බක් ඇලෙස්කාවේ හිමයානා ඇදගෙන යාමේ හැකියාව ලැබෙනවා. කැලිෆෝනියාවේ සැපවත් ජීවිතයක් ගතකර ඇලස්කාවේ ජීවිතය බක්ට තරමක් අසීරු කරනවා. නමුත් ඔහුට එය අලුත් අත්දැකීමක්. කාරුණික හදවතක් හිමි බක් එතැන් පටන් මේ ලෝකයේ තමාට හිමි තැන හඳුනාගෙන කටයුතු කරනවා.

 

 

 


බක් නම් සුනඛයාගේ ජීවිත කතාව දශක ගණනාවක් පුරා විද්‍යාමාන වුවත් ආරම්භය සටහන් කරන්නේ 1903 ඇමෙරිකානු ලේඛක ජැක් ලන්ඩන් විසින් රචිත කෘතියක් ඔස්සේ. මෙම කෘතිය හරහා මුල්වරට සිනමාවට නැගුණු එය 1923දී නිහඬ චිත්‍රපටයක් ලෙස එළිදැක්වුණා. මේ වසරේදීත් අපට බක්ගේ කතාව දැක ගැනීමට ලැබෙන්නේ ක්‍රිස් සැන්ඩර්ස්ගේ සිනමා අධ්‍යක්ෂණයක් ලෙස. ඔහුගේ කුලුඳුල් වෘතාන්ත සිනමා නිර්මාණය වන මෙම The call of the wild චිත්‍රපටය පෙබරවාරි 21 වනදා සිට ලොවපුරා තිරගත වීම ආරම්භ කළා. ට්වෙන්ටියත් සෙන්චරි ස්ටූඩියෝ හි නිර්මාණයක් වූ එය 1935 වසරේදී නිර්මාණය කළ චිත්‍රපටයක අනුවාදයක් වෙනවා. හැරිසන් ෆෝඩ්, ඩැන් ස්ටීවන්ස්, ඕමාර් සෙ, කෙරෙන් ගිලන් ඇතුළු පිරිසක් මෙයට රංගනයෙන් දායක වෙනවා. මෙම චිත්‍රපටය rotten tomatoes අඩවියේ 63% ක ප්‍රතිශතයක් ලබාගෙන තියෙනවා. එහි විචාරකයන් පවසන්නේ යුගයෙන් යුගයට හදවතට දැනෙන සුන්දර කතාවක් සිනමා නිර්මාණයක් ලෙස එය ගෙනැවිත් ඇති බවයි. නමුත් එහි අනවශ්‍ය දෘශ්‍ය ප්‍රයෝග භාවිතා කර සුන්දරත්වය යම් තරමක හානියක් පමුණුවා ඇති බවත් ඇතැමුන් පවසනවා. බක්ගේ ජීවිත කතාව අනුව සුනඛයෙකු හට අලුත් උපාංගයන් ඉගැන්වීමෙහි හැකි බවත් මේ ඔස්සේ පෙන්වාදෙන බව විචාරක අදහසයි. මේ දක්වා බොහොම දුර්වල පැවති පරිවර්තන නවකතාව හොඳම සිනමා නිර්මාණයක් බවට ගොඩනගා ඇති බවත් විචාරකයන් අදහස් කරනවා. ඔබත් මේ බක්ගේ කතාව නරඹන්න.

 

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

337 Views

Comments

arrow-up