මොන්ස්ටර්ස් ඔෆ් මෑන් (2020)
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
07

මොන්ස්ටර්ස් ඔෆ් මෑන් (2020)

මොන්ස්ටර්ස් ඔෆ් මෑන් (2020)

රොබොටික් යන්ත්රයන් නිපදවන ආයතනයක්, දූෂිත සී අයි ඒ නියෝජිතයෙකු සමග එකතු වෙනවා. ඔහු නීති විරෝධී හා අනවසර මිලිටරි මෙහෙයුමක යෙදෙනවා. මොවුන් සැකසූ රොබෝවරු සතර දෙනෙකු ලාඕසය, කාම්බෝජය සහ තායිලන්තය අතර රන්වන් ත්රිකෝණය නම් වූ ස්ථානයේ, සැකකටයුතු සජීවී මත්ද්රව්ය අලෙවි කදවුරකට අත හරිනු ලැබේ. මෙසේ නිෂ්පාදිත රොබෝවරු සතර දෙනා දැමීම ලාභදායී බව පෙන්වමින් මිලිටරි කොන්ත්රාත්තුවක් ලබා ගැනීමට රොබෝටික් සමාගම සුදුසු බව ඔප්පු කරන්නට සැරසේ. අහිංසක ගමක් අමානුෂික ලෙස ඝාතනය කිරීම දුටු වෛද්යවරුන් හය දෙනෙකු සාක්ෂි දරන අතර, ඊළඟට ඔවුන් නව ඉලක්ක බවට පත්වනවා.

 

බළලුන් සහ මීයන් සේ මාරාන්තික ක්රීඩාවකට මෙය මුලපුරයි. ගුවන්යානාවෙන් පැනීමෙන් එක් රොබෝවකට හානි සිදුවනවා. රොබෝ තාක්ෂණික කණ්ඩායමට එය පාලනය කර ගත නොහැකි වන අතර එය ස්වයං දැනුවත් වීම නිසා නැවැත්විය නොහැකි ඝාතන යන්ත්රයක් බවට පත්වනවා. මෙම ගැටළු නිරාකරණය කර නිරුපද්රිතව පැමිණිය හැකි වේද? මාක් ටොයියා විසින් තිර රචනය හා අධ්යක්ෂණය කළ එම් ආර් ටී ෆිල්ම්ස් හා හනුමාන් ෆිල්ම්ස් නිශ්පාදන දායකත්වය ලබා දෙන "මොන්ස්ටර්ස් ඔෆ් මෑන් " තිරගත වීමට සියල්ල සූදානම්. කයිලි ට්රෑන් ජෙසිකා බ්ලැක්මෝර් ජෝස් රොසෙට් ටට්යානා ඇලෙක්සිස් ඩේවිඩ් ස්මාර්ටින් ජෝඩි ටූල්නර්ස් කොන්රඩ් කේ ප්රැට් පෝල් හාපනේයිමි ටේලර් ලී එඩ්වර්ඩ්ස් මයික් ගෝල්ඩ්මන් බ්රෙට් ටියුටර් ඩේවිඩ් හැවෙර්ටි මා රිනට් ට්රොන්ග් කැම් යන ජනප්රිය නළු නිළියන් මෙම චිත්රපටයට රංගනයෙන් දායක වනවා. විද්යා ප්රබන්ධ හා ත්රාසජනක ක්රියාදාම චිත්රපටයක් වන මෙය ඔබ අවසානය තෙක් නරඹාවී කියලා අපි හිතනවා.

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

350 Views

Comments

arrow-up