ආසියාවේ දිගම ලෙන ලංකාවේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
13

ආසියාවේ දිගම ලෙන ලංකාවේ

ආසියාවේ දිගම ලෙන ලංකාවේ

කරඳහෙළ කන්ද ආරණ්‍ය භූමියේ අපට ආසියාවේ පිහිටි දිගම කටාරම් කොටන ලද ගල්ලෙන පිහිටා තිබේ. ලෙන දිගින් අඩි 512 කි. පළල අඩි 30 කි. උසම ස්ථානය අඩි 82 කි. මෙම ප්‍රධාන ලෙනට අමතරව තවත් ලෙන් කිහිපයක් මෙම කරඳහෙළ භූමිය තුළ දක්නට ලැබෙයි.


මුහුදු මට්ටමේ සිට අඩි 633 ක් වූ කරඳහෙල කන්ද රුදුරු වනසතුන්ගේ නිවහනකි. පාළු වනගත ස්වභාවයක් උසුලන කඳු ගැටයට නැගීමේදී ගල්තලා කීපයක් ඔස්සේ ගල විද සකස් කර ඇති අත්වැටවල් අල්ලාගෙන ඉතා බිහිසුණු ගමනක් යා යුතුය.
ලෙන පාමුල පිහිටි භූමිය සමතලා භූමියකි. එම බිම් තට්ටුව මට්ටම් අටකින් යුක්තය. බිත්ති බැඳ තිබුණු බවට සැලකෙන ගඩොල් තැන තැන විසිරී තිබෙනු දක්නට ලැබෙයි. මුළු ලෙනම කටාරම් කොටා තිබේ. මෙම දිගම ලෙන ඉහළ කොටසේ කටාරමට යටින් අංක 1 සටහන කොටා ඇති බවත්, කන්ද මුදුනේ වූ ස්තූපවලින් එකක් පිහිටියේ එම ලෙන පිහිටි පර්වතය මත බවත් එම ලෙන රාජා ලෙන ලෙස නම් කර තිබෙනවා. මෙම රාජ ලෙනට බටහිරින් යාර 100 ක් පමණ දුරින් එකදිගට යාව පිහිටි ලෙන් තුනකි. ඒවායේද කටාරම් කොටා තිබේ. පැරණි බිත්තිවල ගඩොල් දක්නට ඇත. මෙහි අංක 2 යනුවෙන් සඳහන් කර ඇති බවත් එයට යෝධ ලෙන යන නම් කර තිබේ.


මෙවැනි ගල් ලෙන් 28 ක් කරඳහෙළ කඳුමුදුන තුළ දක්නට ඇතත් එ්වා සියල්ලේ කටාරම් කොටා ඇතත් ලෙන් එකක්වත් අභිලේඛන පිහිටුවා නොමැති බව වාර්තා වෙනවා. කරඳහෙළ කන්ඳට ප්‍රවේශවන ස්ථානයේ පිහිටි ලෙනකි. මෙම ලෙන දිග අඩි 175 කි. ලෙන සම්පූර්ණයෙන්ම කටාරම් කොටා තිබේ.ලෙන තුළ බැඳ ඇති ආසනයක් තුළ සැතපෙන බුදුපිළිම වහන්සේ තැන්පත් කර තිබේ. එහි දිග අඩි 41 කි. මැටි හා ගඩොල් භාවිතයෙන් සකස් කර ඇති පිළිම වහන්සේගේ උරහිස අඩි 6 යි. අඟල් 5 ක් විශාලය. සිරිපතුලේ දිග අඩි 4 යි. අඟල් 6 කි. පිළිම වහන්සේගේ ළැම පෙදෙස නිධන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව තිබේ. මෙම ලෙන පිළිම ලෙන යි.

අතීතයේදී ඓතිහාසික හා පූජනීය තත්ත්වයෙන් අග්‍ර පූජා භූමියක් වූ කරඳහෙළ වලසුන්ගෙන් පිරි ප්‍රදේශයක් වූ බැවින් කෙමෙන් ජන ශුන්‍ය ප්‍රදේශයක් වූ අතර පසුගිය යුද සමයේදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ තර්ජන හමුවේ තව තවත් ජනශුන්‍ය ප්‍රදේශයක් බවට පත්විය.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

369 Views

Comments

arrow-up