නිවාඩු පාඩුවේ සංචාරය කරන්න හොඳ සියෑන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
09

නිවාඩු පාඩුවේ සංචාරය කරන්න හොඳ සියෑන්

නිවාඩු පාඩුවේ සංචාරය කරන්න හොඳ සියෑන්

ලෝකයේ පවතින මේ අහිතකර තත්ත්වය වෙනස් උනාම සංචාරය කරන්න පුළුවන් හොඳ සංචාරක ස්ථානයක් තමයි චීනයේ සියෑන් නගරය කියන්නේ. ලොව හොඳම සංචාරක ගමනාන්ත 5 අතරට එක්වන චීනයේ සියෑන් නගරය පුරාතන චීනයේ අගනගරය ලෙස සැලකෙනවා. මිලියන 13ක් පමණ වන එතරම් විශාල නොවන ජනගහනයක් වෙසෙන මෙම නගරය පාගමනින් සංචාරයක සංචාරය කළ හැකි තදබද නොවූ නිදහස් නගරයක්. සේද මාවතේ නැගෙනහිර පිහිටල තියෙන මේ නගරය නැගෙනහිර හා බටහිර වෙළඳ ජාලය සම්බන්ධ කරනවා. එය බටහිර හා නැගෙනහිර කලාප අතර ආර්ථික සංස්කෘතික දේශපාලනය ආගමික අන්තර් සම්බන්ධතා වලට උපකාරී වෙනවා. ක්‍රි.පූ 2 සහ 18 කාල තුළ මෙම කටයුතුවලට සේද මාවතේ පිහිටි රටවල් මූලික වුණා.

මෙහි මතුවී ඇති පිලිස්සුණු මැටියෙන් තනන ලද යුද භටයන්ගේ පිළිම අඩු වියදම් වැදගත් පුරාවිද්‍යාත්මක වටිනාකම් ලෙස පිළිගැනෙනවා. ඒ වගේම අසුන් ඇතුළු සියලුම පිළිම ජීවමාන ප්‍රමාණයෙන් තනා ඇති අන්දමද විශ්මයජනකයි. මේ පුරාවිද්‍යාත්මක නගරයේ රාත්‍රිය කලාත්මකව විදුලි එළියෙන් බැබළෙන අලංකාර ස්මාරක වලින් පිරී පවතිනවා. ඇත්තෙන්ම සියෑන් සංචාරය කියන්නේ ලාභදායී මිල අඩු සංචාරක ගමනාන්තයක්.

චීන ජනරජයේ බොහෝ පළාත්වල මෙන් සියෑන් නගරයේත් මුදල් ඒකකය වන්නේ යුවාන්. චීන පැරණි නුවර වශයෙන් සැලකෙන මෙම නගරය තුළ භාවිතා වන්නේ චීන මැන්ඩරින් භාෂාවේ උපභාෂාවක්. ඉංග්‍රීසි භාෂාව නොදත් අය බොහෝ නිසා ටැක්සි රියදුරන් ඇතුළු වෙනත් ගනුදෙනු සඳහා ඉංග්‍රීසි පමණක් දත් අයෙකුට මහත් පරිශ්‍රමයක් මෙහිදී දරන්න සිදුවෙනවා. ඔවුන්ගේ සාම්ප්‍රදායික ආගම වන්නේ තාඕ ආගමයි. එහෙත් ක්‍රිස්තියානි ආගම සහ බෞද්ධාගම අදහන පිරිස චීනය තුළ දැකගත හැකි වෙනවා.

 

 

 


සියෑන් නගරයේ තාප්ප තවත් වැදගත් පුරාවිද්‍යාත්මක සාධකයක් වෙනවා. අතීතයේ චීන නගර වටා ඉදිකරන ලද තාප්පවලින් තවමත් ඉතිරිවී ඇති තාප්ප ඇති නගරයන්ගෙන් එකක් ලෙස සැලකෙන්නේ සියෑන් නගරයයි. මින්ග් රාජවංශයට අයත් මෙම ඉදිකිරීම් මීටර් 12ක් උස තාප්ප හා ඒ වටා වූ දිය අගල් වලින් යුක්ත වෙනවා.

Big goose pagoda චෛත්‍යය මහල් හතකින් සමන්විත වෙනවා. එය සියෑන් නගරයේ වඩාත් ප්‍රසිද්ධම මං සලකුණක් ලෙස සැලකෙනවා. මෙය නගර පවුරට ඇතුලතින් පිහිටා තියෙනවා. Famen නම් විහාරය ක්‍රිස්තු වර්ෂ දෙවන සියවස දක්වා දිවෙන ඉතිහාසයක් තියෙනවා. මෙම විහාරය තනවා ඇත්තේ ශාක්‍යමුනිගේ ධාතු කොටසක් රටවලට බෙදා හැරි ඉන්දියාවේ අශෝක අධිරාජයා විසින් චීනයට ප්‍රදානය කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ ඇඟිලි අස්ථි කොටස් තැන්පත් කිරීම සඳහායි.


වෛරස උවදුරු දුරු වුනාම චීනයේ බලන්න යන්න හොඳ ස්ථානයක් තමයි සියෑන් නගරය කියන්නේ.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

401 Views

Comments

arrow-up