සංචාරයට ලොව භයානකම දූපත

ලෝකය වටේ සංචාරය කරන එක සමහරු පුරුද්දක් කරගෙන තියෙනවා. ගොඩක් අය හිතාගෙන ඉන්නේ ලෝකයේ හැමතැනකම වගේ සංචාරය කරන්න පුළුවන් කියලා. නමුත් සංචාරය කරන්න ආස උනත් සංචාරය කරන්න භයානක ස්ථානයක් ගැන මේ ලිපිය හරහා දැනුවත් වෙමු. මේ කියන්න සුදානම් වෙන්නේ ගෝත්‍රික ජනතාවක් වෙසෙන සැන්ටිනල් දූපත ගැන. ගල් යුගයේ මිනිස්සු තාමත් ජීවත් වෙනවා.
සාමාන්‍ය ජන සමාජයෙන් ඉවත් වෙලා හුදෙකලා ජීවිතයක් ගෙවන මේ ගෝත්‍රික ජනතාව ජීවත් වෙන්නේ බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ තියෙන අන්දමන් දූපත් දූපතක. අන්දමන් සහ නිකොබාර් දූපත් සමූහයට දූපත් තුන්සීයක් පමණ අයිති වෙන අතර ඉන්දුසියාව මියන්මාරය අතර කලාපය කිලෝමීටර් 775ක විතර දුරකට මේ දූපත් පිහිටලා තියෙනවා. සෙන්ටිනලීස් කියන ගෝත්‍රිකයන්ගේ නිජබිම වන්නේ මේ සෙන්ටිනල් දූපතයි. සමාජය එක්ක ගනුදෙනු කරන්න සම්පූර්ණයෙන්ම අකමැති මේ සෙන්ටිනල් ගෝත්‍රිකයො එයාලගේ දූපතට අමුත්තන් එන එකට නම් ඒ තරම් කැමැත්තක් දක්වන්නෙ නෑ.
සෙන්ටිනල් දූපතට මුලින්ම සංචාරය කරලා තියෙන්නේ ඉංග්‍රීසි ජාතික ගවේෂකයෙක් වුණු එම් වී පෝට්මන්. එයා කියලා තියෙන්නේ මේ අයගේ ආහාර සැකැස්ම අන්දමන් දූපත්වල ජීවත්වෙන අනිත් ගෝත්‍රිකයන්ගේ ආහාර රටාවල් වලට බොහෝ විට සමාන බව. ඉන්දියානු රජයට අයිති සෙන්ටිනල් දූපතේ ගෝත්‍රික ජනතාව සමග සුහද වෙන්න ඉන්දියාව කීප වරක්ම උත්සාහ කරලා තියෙනවා. රජය ඒ උත්සාහය අත ඇරල තියෙන්නේ කිහිප දෙනෙක්ම ජීවිත පරිත්‍යාග කල නිසා. ඒ නිසා දූපතට සැතපුම් තුනකට කලින් ආරක්ෂිත කලාපයක් ඉන්දියානු රජය විසින් නම් කරලා තියෙනවා. යම් කෙනෙක් මේ ආරක්ෂිත කලාපය පහු කළොත් එයාට ආපහු පණ පිටින් නම් එන්න ලැබෙන්නේ නෑ. 1896 අන්දමන් දූපතේ තිබුණු සිරකඳවුරකින් පැන ගිය සිරකරුවෙක් අහම්බෙන් මේ දූපතට ගොඩ වැදිලා තියෙනවා. දවස් කිහිපයකට පස්සේ එයාව ආපහු හම්බ වෙලා තියෙන්නේ ඉතාම දරුණු විදියට ඊතලවලින් විදලා මරාදාලා. ඒ වගේම මේ ගෝත්‍රය ගැන වාර්තා වැඩසටහනක් කරන්න ගියපු ඉන්දියානු අධ්‍යක්ෂකවරයෙක්ටත් ඊතලයක් වැදිලා තියෙනවා . ඒ වගේම මෑතකදී ඉන්දියානුවන් පිරිසක් වැරදීමකින් මේ දූපත ආසන්නයේ මාළු බෑමක නිරත වෙලා ගෝත්‍රිකයන් අතින් මිය ගියා. අවාසනාවකට ඒ මළ සිරුරු ගෙන යන්න ආපු හෙලිකොප්ටර් වලටත් මේ ගෝත්‍රිකයො ඊතල ප්‍රහාර එල්ල කරලා. අද සමාජයත් එක්ක කිසිම සම්බන්ධතාවක් පවත්වන්න අකමැති මේ සෙන්ටිනලීස්ලා කිසිම කම්පාවක් නැති ගෝත්‍රික මිනිස්සු කොටසක් විදියට තමයි සලකන්නේ. මේ නිසා ලොව සංචාරය කිරීමට අපහසු සහ භයානකම ස්ථානයක් විදිහට විදිහට සැලකෙන්නේ මේ අරුම පුදුම දූපතයි.
by Dilki Shamani
Photo Source: Internet
558 Views
Comments