සුන්දර උඩවාඩියට චාරිකාවක්

අප රටේ සිත් ඇදගන්නා සුන්දර ස්ථාන බොහෝමයි ඉතින් මේ වගේ ස්ථාන ගැන දැන ගන්න ආසාවෙන් සිටින අය බොහෝමයි. අන්න ඒ වගේ අය වෙනුවෙන් සුන්දර ස්ථානයක් පිළිබඳවයි මේ විස්තරය
අද වෙනකොට පුංචි ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම කොන්ක්‍රීට් වනාන්තර බිහි වෙන්න පටන් අරන් ඉතින් මේ නිසාම තුරුලතා අතරින් දිවෙන ගැමි ජීවිතය අපට දකින්න ලැබෙන්නේ හරිම අඩුවෙන් . නමුත් සතුටට කාරණාවක් වෙන්නේ එසේ ගෙවෙන ගැමි තිබෙන ජීවිත සුන්දර ගම්මාන කිහිපයක් හරි පුංචි දූපතේ වැලලිලා නොයා තවමත් සැඟවී තිබීමයි.
ඔබ කවුරුත් අසා තිබෙන සුන්දර ඉසව්වක් ලෙස මීමුරේ හැඳින්විය හැකිය. එවැනිම ගම්මානයක් තමයි උඩවාඩිය කියන්නේ.උඩවාඩියට දවස ඇරඹෙන්නේ හිරුටත් කලින් මේ ගම්මානයේ සෑම ගෙදර දොරකම වැඩ කටයුතු ගමේ හැමෝගෙම සහයෝගයෙන් සිදු වෙනවා ඒක මේ ගැමි ජීවිතය දකින්න ලැබෙන සුලබ කාරණයක් විදියටයි අපට අහන්න ලැබෙන්නේ
උඩවාඩිය නම් සුන්දර ගම පිහිටා තිබෙන්නේ නමුණුකුල කඳු පන්තිය පාමුලය. පහසුකම් අතින් අවම ගමක් වන මෙය අදටත් ගම්මානයට එන්න හරිහැටි මාර්ගයක් නැති නිසා තවලමක පිහිට තමයි අදටත් ගමේ අයට අවශ්‍ය බඩු බාහිර ගෙන යන්නේ. ගම කොයිතරම් දුෂ්කර වුණත් උඩවාඩිය ස්වභාවික සුන්දරත්වය නොඅඩුව රැදුණු සුන්දර නිමැවුමක් ඒ මැණික් ගඟ ගම වටේටම ගලාගෙන නිසයි .
ගමටම වුණු පාසලක් වගේම කෝවිල කුත් මෙහි පිහිටා තිබෙනවා ඒ හැරෙන්නට අපට වගේ පහසුකම් නම් මේ ගම්මානයේ ජීවත්වෙන උදවියට හිමි වන්නේ නැහැ . මේ නිසාම වෙන්න ඇති ගමේ ජනතාවගේ ජීවන රටාව අතිශයින්ම සරල බවට පත්වී තිබෙන්නේ .
මෙම සුන්දර උඩවාඩියට ගමන් කරන්නේ බදුල්ල පස්සර පැත්තෙන් නමුණුකුලට ගිහින් එතැනින් දේවාතුර මියනකදුර පාර දිගේ තැන්නකුඹුරට යන්න වෙනවා . එතැන සිට තේ වතු කැලෑ මැද්දෙන් වැටුණු කිලෝමීටර් 5ක පමණ උඩවාඩිය ගමන ආරම්භ වෙන්නේ .හැබැයි ගමන අතරමගදී විඩා නිවන්න ඕන තරම් ස්ථාන තිබෙනවා .පිරිසුදු වතුර වලින් අනූන මෙම ප්‍රදේශයේ තුරු ලතාවන්ගෙන් වටවුණු පරිසරය ගමනේ විඩාව සංසිදුවාන්නේ හරියට දිව ඔසුවක් ලෙසටයි.
මේ ගමනට එකතු වෙන අයට ලැබෙන තවත් සුන්දරම අත්දැකීමක් වන්නේ උඩවාඩිය ඇල්ල සීතල දිය පහසය. උඩවාඩිය ගමේ ගොඩක් අය ජීවත් වෙන්නේ එළවළු වගාවෙන් නමුත් අද වෙනකොට රසායනික පොහොර නිසා පාංශු ඛාදනයට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඒවගේම මේ ගම්මානය කිතුල් හකුරු වලටත් හරි ප්‍රසිද්ධයි .නමුත් එය කර්මාන්තයක් ලෙස දියුණු කිරීමට මේ වන තුරු යෝජනා කර නැති නිසා හරි වෙළඳපොලක් මේ ජනතාවට තවමත් හිමි වී නැහැ .
කොහොම නමුත් මේ සුන්දර ගම්මානය බලන්න යන්න වටින ස්ථානයක්.කාර්ය බහුල ජීවන රටාවෙන් මොහොතකට මිදී උඩවාඩිය ගමට යන්න . ඒ ගමන ඔබටත් අමිල මතකයක් ඉතිරි කරාවි.
by Dilki Shamani
Photo source : Internet
1094 Views
Comments