අරුම පුදුම පාට පහේ ගඟ
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
10

අරුම පුදුම පාට පහේ ගඟ

අරුම පුදුම පාට පහේ ගඟ

දකින්නන්ගේ නෙත් පිනවන සිත් ඇදගන්නාසුළු ගංගාවන් ලොව සෑම රටකම පාහේ ගලා බසී. අද අපි කියන්න යන්නේ එවන් සාමාන්‍ය ගගක් ගැන නම් නොවේ. එනම් ස්වභාවධර්මයා විසින් පාට පහකින් වර්ණ ගන්වන ගඟක් පිළිබඳවයි. නිල් කැටේ වගේ එහෙමත් නැත්නම් වීදුරුව වගේ ජලය ඇති ගංගා මේ ලෝකෙ ඕනෑ තරම් දකින්න පුළුවන්. ඒත් පාට පහකින් දිස්වන ගංගාවක් ගැන අහන්න ලැබෙන එක නම් සාමාන්‍ය දෙයක් නෙවෙයි. කොළොම්බියාවේ ඈත පිටිසර ජනශූන්‍ය වනාන්තර බද පෙදෙසක් වන සියෙරානියා ඩිලා මැකරීනා කඳුකර වනෝද්‍යානය ආශ්‍රිතව නැති නිවස පිහිටා ඇති කැනො ක්‍රිස්ටල්ස් වසරේ මාස හයක්ම ගලා යන්නේ සාමාන්‍ය ගඟක් වගේ. ඒත් ජුනි මාසයේ සිට නොවැම්බර් දක්වා මේ ගඟ වර්ණ පහකින් දිස්වේ.

ස්වදේශිකයන්ගේ පුරාවෘත්තයන්ට අනුව මෙම ගංගාව ආරම්භ වන්නේ ඩිලා makarina කඳු වැටියේ සැඟවී ඇති විශ්මිත පාරාදීසයේ සිටයි. මිත්‍යා විශ්වාසයන් හේතුවෙන් මෙය තහනම් ප්‍රදේශයක් බවට පත්ව තිබූ අතර 1969 දී මුල් වරට ලොවට අනාවරණය වූයේ මෙම ප්‍රදේශය හරහා ගමන් කළ එඬේරුන් පිරිසකගේ නෙත ගැටීමෙන් අනතුරුවයි. කෙසේ හෝ බාහිර ලෝකයා වෙනුවෙන් එය විවෘත වූයේ 1980 වකවානුවේන් පසුවයි. මේ අපූර්වත්වය නිසාම මෙම ගංගාව හඳුන්වන්නේ ලොව සුන්දරම ගංගාව ලෙසයි. සමහරු දියවූ දේදුන්න ලෙසත් මෙය හඳුන්වයි. ඒ ඇරුණම ලෝකයේ අටවැනි පුදුමය ලෙස හඳුන්වන අයත් නැතුවාම නොවේ. කහ කොළ නිල් කළු සහ රතු පැහැයකින් ද සමන්විත මෙම සුන්දරත්වය ලොව අන් කිසිම තැනක ගඟකින් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ හින්දම වසරේ ජූලි සහ නොවැම්බර් අතර කාලයේ සෑහෙන දුෂ්කර මගක් ගෙවාගෙන ලොව පුරා සංචාරකයන් මෙම විස්මය දැකගැනීමට ඇදී ඒම විශේෂත්වයකි.

 

 

 


ගඟේ වර්ණ අතරින් වැඩිපුරම ආකර්ෂණීය ලෙස දිස් වන්නේ රතු වර්ණයයි. ඊට හේතුව ගංවතුරේ වැවෙන මැඛරිනියා නම් ජලජ ශාක විශේෂයයි. මෙම ශාක විශේෂය වැඩෙන්නේ ලොව නිවර්තන ප්‍රදේශ අතළොස්සක පමණි. ඒ අතරිනුත් එය ඉතා සුන්දරව දැකගත හැකි එකම තැන තමයි මෙම ගංගාව. දවසේ විවිධ කාලවේලාවන් ට අනුව සහ ගං පතුලට වැටෙන හිරු එලියේ ප්‍රමාණය අනුව දම් පාටට හුරු රතු තද රතු සහ තද දම් ආදී වශයෙන් රටට නෑකම් ඇති විවිධ වර්ණ වලින් මෙහි චමත්කාරය වෙනස් වන අයුරු දැකගත හැකියි. අනෙක් වර්ණ ලැබෙන්නේ ස්වභාවධර්මයාගේ පසුබිම ආධාරයෙනුයි. වසර දහස් ගණනක් තිස්සේ ජල ඛාදනයට ලක් වීමෙන් නිර්මාණය වුණු පාෂාණ කුහර ගං පතුලේ විවිධ ප්‍රමාණයේ ජල තටාකයන් නිර්මාණය කොට තිබේ. ඇතැම් ඒවා ගැඹුරු වුවද තවත් සමහර ඒවා දිය නෑම සඳහා අපූරුයි. මෙවැනි වර්ණවත් ස්වාභාවික නාන තටාක ලොව කොහෙන්වත් සොයා ගැනීමට නොහැකි වීම ද මෙහි පවතින විශේෂත්වයකි. මෙහි ඇති අනෙක් අද්විතීය විශේෂාංගයක් වන්නේ ගඟ ආශ්‍රිත ප්‍රදේශයේ උභය ජීවීන් සහ උරග විශේෂ කිහිපයක් හැරුණු විට ගඟේ සත්ව විශේෂ ජීවත් නොවීමයි. ඊට හේතුව වන්නේ ගඟේ පාෂානමය පතුලේ සත්වයන් වෙනුවෙන් පෝෂක නොවැඩීමයි.

කැනො ක්‍රිස්ටල්ස් නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයන් මුලින්ම පැමිණිය යුත්තේ කොලොම්බියාවේ ඈත පිටිසරබද ලා මැකරිනා ගම්මානය වෙතයි. එතැන් සිට කැලෑ මාර්ග ඔස්සේ සෑහෙන දුරක් ගෙවා ගොසිනුයි ගඟ පිහිටි ප්‍රදේශයට ළඟා විය යුත්තේ. මෙම මාර්ගයේ කුඩාරමක් අටවා ගැනීම සඳහා වත් සුදුසු තැනක් නැති තරම්. ඇත්තෙන්ම මෙය දැඩි වෙහෙසක් කැපවීමක් දරමින් විඳගත යුතු සුන්දර අත්දැකීමක්.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

 

views

771 Views

Comments

arrow-up