කොළඹ අවට නාන්න නම් වී ඔයට යන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
17

කොළඹ අවට නාන්න නම් වී ඔයට යන්න

කොළඹ අවට නාන්න නම් වී ඔයට යන්න

ට්‍රිප් ගියා කියලා ඉතිං ගොඩක් අය වැඩි දුරකට යන්නත් කැමති නෑනේ. නිවාඩු දවස් දෙකක් විතර එක ළග ආවොතින් කරන්න ඕන මොනවද කියන එක ගැන වෙලාවකට එකපාරටම කල්පනාවට එන්නේ නෑ.

අන්න ඒ වගේ දවස් දෙකකට කොහෙද යන්නේ මොකද කරන්නේ කියලා හිතන අයට මේ කියන්න යන්නේ කොළඹ අවටම නාන්න යන්න පුළුවන් ලස්සන, අපූරු තැනක් ගැනයි. ඒ තමයි වී ඔය. සමහරවිට ඔයාලා මේ වෙනකොට ගිහිල්ලත් ඇති නැත්නම් මේ තැන ගැන ඇහුවේ අදම වෙන්නත් පුලුවන්. කොහොම වුනත් අපි කියන්නම් මේ ගමන යන්න පුළුවන් හරිම පාර.

මේ අපූරු ස්ථානය පිහිටලා තියෙන්නේ යටියන්තොට ප්‍රදේශයේ. කොළඹ ඉදලා හැටන් පාරෙන් යටියන්තොට නගරයට ගියාම එතනින් වමට තියෙනවා පාලම්පිටිය පාර කියලා පාරක්. අන්න ඒ පාරේ කිලෝමීටර් 6 ක් විතර ගියාම තමයි මේ ස්වාභාවික නාන තටාකය හම්බවෙන්නේ.

නොගැඹුරු ජලය සහිත මේ ස්ථානය හරිම සුරක්ෂිත තැනක් ඒවගේම තමයි ජල පහරත් එතරම්ම සැඩ නැහැ. කොළඹ ඉදලා වැඩි දුරක් නැති නිසා දවසකින් දෙකකින් ගිහින් එන්නත් පුළුවන්.

අපි කියනවාට ඔබ මෙතතනට ගිහින් බලන්න. කෙටි නිවාඩුවකට කියාපුම තැනක් හැබැයි තවමත් අපවිත්‍ර නොවී පවතින මේ සුන්දර පරිසරය විනාශවන කිසිවක් නොකිරීමටත් ඔබ වග බලා ගන්න කියලත් හැමදාම වගේ අපි මතක් කරන්න කැමතියි.

 

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

348 Views

Comments

arrow-up