චීස් පොළොස් සොසේජස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
06

චීස් පොළොස් සොසේජස්

චීස් පොළොස් සොසේජස්

සොසේජස් වැනි පෙර සැකසූ ආහාරයන් පිළිකා වර්ධනයට තුඩු දෙන බව අපි අපේ පෙර ලිපියකින් සඳහන් කළා. ඒත් පොඩි දරුවන් ආසම මේ ආකාරයේ ආහාර වලටයි. කරගත හැකි දෙයක් නොමැති නිසා ඔබත් දරුවාට මේ දේවල් ලබා දෙනවා. ඒත් දෙමාපියන් ලෙස තමන්ගේ පහසුව ගැන පමණක් නොසිතා ඔබේ දරුවාගේත් , ඔබගේත් සෞඛ්යය පිළිබඳව මීට වඩා සිතිය යුතු බව අප ඔබට මතක් කරනවා. අද අපි ඔයාලට මස් මාංශ වලින් තොර පෝෂණ ගුණයෙන් ඉතා ඉහළ වූ දේශීය අමුද්රව්යයකි සකස් කර ගත හැකි පොළොස් සොසේජස් රෙසපියක් අරගෙන ආවා. චීස් යොදා ගෙන සාදන නිසා දරුවන් කොහොමටවත් අකමැති වෙන එකක් නෑ. මෙන්න මෙහෙමයි චීස් පොළොස් සොසේජස් හදාගන්නේ.

 

අවශ්‍ය ද්‍රව්‍ය,

 

  •  තරමක ප්රමාණයේ පොළොස් ගෙඩියක්
  •  කඩල පිටි ස්වල්පයක්
  •  තුනපහ කුඩු ස්වල්පයක්
  •  මිරිස් කුඩු ස්වල්පයක් ( මේ සඳහා පැප්රිකා කුඩු ස්වල්පයක් වුවද යොදා ගත හැකියි )
  •  කරපිංචා ස්වල්පයක්
  •  අමුමිරිස් ස්වල්පයක්
  •  බිත්තරයක්
  •  චීස් ස්වල්පයක්
  •  බිස්කට් කුඩු ස්වල්පයක්
  •  රස අනුව ලුණු

 

සාදාගන්නා ආකාරය,

 

පොළොස් ගෙඩිය කටු පිටින්ම තම්බා ගන්න. දර ලිපක එහෙමත් නැත්නම් රයිස් කුකර් එකේ වුවද තම්බාගන්න පුළුවන්. හොඳින් තැම්බුණු පසුව නිවෙන්නට හරින්න. මීළඟට පොළොස් ගෙඩියේ පොතු හැර කැබලි වලට කපා බ්ලෙන්ඩරයකට දමා බ්ලෙන්ඩ් කර ගන්න. මෙහෙම බ්ලෙන්ඩ් කළාම කොහොල්ලෑ වලින් ප්රශ්ණයක් ඇතිවෙන්නේ නෑ. දැන් හොඳින් බ්ලෙන්ඩ් කර ගත් පොළොස් ටික භාජනයකට දමා එයට පහේ සියල්ලම දමා කරපිංචා , බිත්තරය , බිස්කට් කුඩු , කඩල පිටි සහ ඉතුරු අමුද්රව්ය ටිකත් දමා අතින් හොඳින් මිශ්ර කර ගන්න.

 

 

හොඳින් තුනපහ ටික මේ පොළොස් ටිකට මිශ්ර විය යුතුයි. චීස් ටිකත් දමා නැවතත් හොඳින් ඝනකමට මිශ්රණයක් එන ආකාරයට මිශ්ර කරගන්න. අවසානයේ වෙළෙඳපොළේ ලබා ගැනීමට ඇති ෆොයිල් කොළයක් නැත්නම් ක්ලිං රැප් කොළ කොටුවට කපා පැත්තකින් ටික ටික දමා ටොෆියක් ඔතන ආකාරයට ඔතා ගන්න. දෙපැත්ත තදින් අඹරන්න. මෙසේ සාදාගත් සොසේජස් සියල්ලම අධි ශීතකරණයෙහි විනාඩි 20 ක් පමණ තබාගන්න. භාවිතයට ගන්නා විට ක්ලිං රැප් එක ඉවත් කර සොසේජස් කරල් පිසීම සඳහා ගන්න.

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

714 Views

Comments

arrow-up