බිස්කට්ලට් - Biscuitlet
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
30

බිස්කට්ලට් - Biscuitlet

බිස්කට්ලට් - Biscuitlet

අද අපි ටිකක් වල තර වෙනස් කට්ලට් රෙසපියක් ඔයාලට අරගෙන ආවා. මේ කට්ලට් රෙසපියට අමුද්‍රව්‍යය කිහිපයක් එකතු වෙන නිසා හරිම රසවත්. සාමාන්යයෙන් අපි හැමදාම කන කට්ලට් වෙනස් ආකාරයෙන් හදන්න අද අපි කියලා දෙනවා. බිත්තර ඒ වගේම මාළු දෙවර්ගයම එකතු කරගෙනයි මේ කට්ලට් හදන්නේ. ඔයාලත් හදලා පවුලේ හැමෝම එක්ක රස බලන්නකො.

 

අවශ්‍ය ද්‍රව්‍ය,

 

- තම්බා කටු ඉවත් කර පොඩි කරගත් මාළු කෝප්ප 1 1/2 ක් ( කැමති නම් මේ සදහා සැමන් වුවද ගත හැක )

- තම්බා පොඩි කරගත් අර්තාපල් අල ග්රෑම් 500 ක්

- සිහින්ව කපාගත් ලොකු ළූණු ගෙඩියක්

- සිහින්ව ලියාගත් කරපිංචා කොළ 5 ක්

- ගම්මිරිස් කුඩු තේ හැදි 01ක් ( කැමති නම් වැඩි සැරට ගම්මිරිස් කුඩු එක්ක මිරිස් කුඩු හැන්දකුත් එකතු කරගන්න පුළුවන් )

- දෙහි බෑයක යුෂ

- රස අනුව ලුණු

- තම්බා ගත් බිත්තර 6 ක් හෝ 8 ක්

- ගසාගත් බිත්තරයක්

- පාන් පිටි මේස හැදි 02 ක්

- පාන් කුඩු අවශ්ය ප්රමාණයට

- බැදගැනීමට අවශ්ය ප්රමාණයේ තෙල්

 

සාදන ආකාරය,

 

භාජනයකට ළූණු, දෙහි යුෂ, හා ලුණු එක් කර හොඳින් අතින් අනන්න. ගම්මිරිස් කැමති නම් මිරිස් ටිකත් දමා නැවතත් කලවම් කරගන්න. මේ මිශ්‍රණය හොඳින් පොඩි කරමින් කලවම් කරන්න ඕන. දැන් එයට සිහින්ව ලියාගත් කරපිංචා කොළ ටිකත්, මාළු හා අල ටිකත් දමා කලවම් හොඳින් පොඩි කරන්න. ඊළඟට තම්බා ගත් බිත්තර නොකැඩෙන සේ දෙකට වෙන් කරගන්න. බිත්තර බෑයක් ගෙන අප සාදාගත් අල මිශ්‍රණයෙන් ද කොටසක් ගෙන බිත්තරය වැසෙන සේ වටේටත්, ගෝලාකාර වන සේ අතින් සකස් කරගන්න. ඉතිරි සියළුම බිත්තර භාග මේ ආකාරයට සකස් කරගන්න.

 

 

දැන් භාජන දෙකක් ගෙන ඉන් එකකට පිටි, ගසාගත් බිත්තරය හා ජලය අවශ්ය ප්රමාණයට එක් කරමින් මදක් උකු මිශ්‍රණයක් සාදාගන්න. අනෙක් භාජනයට පාන් කුඩු දමා ගන්න. ගැඹුරු තාච්චියක් මද ගින්දරේ ලිප තබා එයට තෙල් දමන්න. හොඳින් රත් වන විට අර බිත්තර බෝල පාන් පිටි මිශ්රණයෙන් දවටා නැවතත් පාන් කුඩු වල දවටා තෙලට දමමින් රන්වන් පාට වනතුරු බැද, පේපර් සර්වියට් එකකට දමා තෙල් හොඳින් බේරාගන්න. උණු උණුවෙන්ම ඔබ කැමති සෝස් වර්ගයක් සමඟ තේ මේසයට පිළිගන්වන්න.

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

510 Views

Comments

arrow-up