ඩබල් චොක්ලට් මැග්නම් අයිස්ක්‍රීම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
30

ඩබල් චොක්ලට් මැග්නම් අයිස්ක්‍රීම්

ඩබල් චොක්ලට් මැග්නම් අයිස්ක්‍රීම්

චොක්ලට් කන්න කව්ද ඉතින් අකමැති. ඉතින් ඒ නිසාම චොක්ලට් වලට කැමති ඕනෑම කෙනෙක්ට නිවසෙදීම ඉතා පහසුවෙන් සකස් කර ගන්න පුළුවන් අයිස්ක්‍රීම් රෙසපි එකක් අපි ගෙනාවා.

 

. චොක්ලට් රසය වැඩිපුර එන නිසා පොඩ්ඩන්ට උණත් කන්න ආස හිතෙන මේ මැග්නම් අයිස්ක්රීම් එක අපි හදලා බලමු. හැබැයි අපිට අයිස් පලම් අචිචු ( සිලිකොන් අචිචු වෙළෙඳපොළේ මිලදී ගන්නට තියෙනවා ) හා අයිස් පලම් කෝටු මේකට අවශ්ය වෙනවා. ඒවත් එකතු කරගෙනම අපි අයිස්ක්රීම් එක හදමු.

 

අවශ්‍ය ද්‍රව්‍යය,

 

- ඩාක් චොක්ලට් හෝ මිල්ක් චොක්ලට් ග්රෑම් 200

- කිරි අඩු කෝප්ප 2

- ටින්කිරි මේස හැදි 2

- කොකෝවා පවුඩර් ග්රෑම් 5

- වයිට් චොක්ලට් ස්වල්පයක් කැමති නම් පමණක් භාවිතා කරන්න

- කුඩාවට කපාගත් කජු ස්වල්පයක්

 

සාදන ආකාරය,

 

භාජනයකට ඩාක් චොක්ලට් ග්රෑම් 100 ක් සමග කජු හා කොකෝවා පවුඩර් හැර අනෙක් සියල්ලම එකතු කර හොඳින් බීට් කරගන්න. මේ මිශ්රණයට ඔබ කැමති නම් වයිට් චොක්ලට් එකතු කරගන්නත් පුළුවන්. එයින් මැද වයිට් චොක්ලට් හා වටේට ඩාක් හෝ මිල්ක් චොක්ලට් වලින් හදන්නත් පුළුවන්. දැන් සිලිකොන් අචිචු වලට මේ මිශ්රණය කොටස් දමමින් අයිස් පලම් කෝටු එය තුළට දමන්න. හොඳින් ඝණ වනතුරු ශීතකරණයේ තබන්න. දැන් ඉතිරි චොක්ලට් ග්රෑම් 100 ඩබල් බොයිල් ක්රමයට දිය කරගන්න. එයට කොකෝවා පවුඩර් මිශ්ර කර තවත් උකු කරගන්න. මේ මිශ්රණය කෝප්පයකට දමාගන්න.

 

 

දැන් ශීතකරණයේ දැමූ ඝණ වූ අයිස් පලම් එක අචිචුවෙන් ඉවත් කරගෙන එය අපි සාදාගත් චොක්ලට් සිරප් කෝප්පයට ඔබන්න. එළියට ගෙන වටේට කුඩාවට කපාගත් කජු ඉසින්න. දීසියක තබා නැවතත් ශීතකරණයේ සිසිල් කරගෙන. කැමති වෙලාවට කෑමට ගන්න. අමුත්තන්ට සංග්‍රහ කරන්නත් කියාපු අතුරුපසක්. කඩෙන් පලම් ගන්නවාට වඩා ගෙදරදීම මේ රසම රස මැග්නම් එක හදලා රස බලන්න.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

1121 Views

Comments

arrow-up