බත් අග්ගලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
05

බත් අග්ගලා

බත් අග්ගලා

එදිනෙදා අපේ නිවසේ උයලා ඉතුරු වෙන බත් ගොඩක් දුරට අපි විසිකරනවනේ. ඉතින් ඒකට විසදුමක් තමයි අපි අද ඔයාලට අරගෙන ආවේ. අපේ පැරැන්නන් පවා මේ ආහාරය සකස් කිරීම සිදු කළත් වර්තමානයේ කාර්යබහුලත්වයෙන් පිරුණු ජීවිත ගත කරන අපිට මේ කෑම වර්ග හදන්න වෙලාවක් ඇත්තෙම නැති තරම්. ඒත් වෙලාවක් ලැබුණ ගමන් අනිවාර්යයෙන්ම මේ රෙසපිය නම් හදන්න ඕනි.. ඉතින් අපි මේ විදියට ඉතුරු වෙන බත් දවස ගානෙම හොඳින් තද අව්වේ වියළා ගෙන සුළං නොවදින භාජනයකට දමා එකතු කරගන්න ඕන.

 

මේ විදිහට හොඳින් වියළා ගත් බත් අපිට මාසයක් පමණ කාලයක් උනත් තියාගන්න පුළුවන්. මේ දවස්වලනම් තද අව්වක් නැති නිසා ටිකක් අමාරු වැඩක් තමයි බත් වේල ගන්නවා කියන්නේ. ඒත් ඒ වෙනුවට දර ලිපේ උයලා ඉවර වෙලා දර ඇද්දාම තැටියකට දමා තියන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මද රස්නෙන් තැටියකට හෝ තාච්චියකට දමා ලිපේ තබා හැදිගාමින් පරිස්සමෙන් වේලගන්නත් පුළුවන්. මේ ඕනෑම විදියකට වේලගන්න ඔයාලට පුළුවන් කම තියෙනවා. හැබැයි බත් හොඳින් වියළුණේ නැත්නම් පුස් කන්න පුළුවන්. ඉතින් අද අපි ඔයාලට ඉතාමත් රසවත් බත් අග්ගලා හදාගන්න විදිහ තමයි කියලා දෙන්නේ. ගොඩක් අය කාලත් ඇති. සවස තේ මේසයට පිළිගන්වන්න ඔයාලත් අනිවාර්යයෙන්ම හදලා බලන්න.

 

අවශ්‍ය ද්‍රව්‍ය,

 

  •   හොඳින් වියළා ගත් බත්
  •  සිහින්ව ගාගත් පොල්
  •  අවශ්‍යය ප්‍රමාණයට සීනි හෝ හකුරු
  •  රස අනුව ලුණු ස්වල්පයක්
  •  වතුර ස්වල්පයක්

 

 

සාදාගන්නා ආකාරය,

 

මුලින්ම වියළා ගත් බත් හොඳින් කබලේ බැදගන්න. ඉන්පසු පිටි වෙන්නම බ්ලෙන්ඩර් කරගෙන ඕන. දැන් මේ බ්ලෙන්ඩර් කරගත් පිටි ටික භාජනයකට දමාගෙන එයට පොල් , රස අනුව ලුණු සහ සීනි හෝ හකුරු එකතුකර වතුර ටික ටික දමමින් හොඳින් මිශ්‍ර කර අතේ නොඇලෙන මිශ්‍රණයක් සකසා බෝල සාදාගන්න. තේ මේසයට පිළිගන්වන්න.

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

654 Views

Comments

arrow-up