සැමන් පෑන්කේක් & ෆිටර්ස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
04

සැමන් පෑන්කේක් & ෆිටර්ස්

සැමන් පෑන්කේක් & ෆිටර්ස්

හැමදාම වගේ අපි ඔයාලට අළුත්ම විදියේ රස රෙසපි වර්ග අරගෙන එනවා නෙ. අදත් ඔන්න අපි ඔයාලට ඒ වගේම රෙසපි දෙකක් ගෙනාවා. පෑන්කේක් කිව්වම මතක් වෙන්නේ මැදට පැණි පොල් දාලා හදපු රසවත් පැණි රස කෑමක් නෙ. ෆ්රිටර්ස් කිව්වමත් පැණිරස කෑමක් තමයි මතක් වෙන්නෙ. ඒත් ඔයාලා කාලා තියෙනවද පැණිරසට නැතුව සැරට පෑන්කේක් ඒ වගේම ෆ්රිටර්ස් ??

 

මස් , මාළු වර්ග වලින් හදන විවිධ කෑම වර්ග අතරම අද අපි සැමන් වලින් ඉතා ඉක්මනින් සහ පහසුවෙන් හදාගන්න පුළුවන් සැමන් පෑන්කේක් හා සැමන් ෆ්රිටර්ස් හදන විදිහ තමයි ඔයාලට කියල දෙන්නේ. සැරට කන්න කැමති අයට මේ රෙසපි දෙක හොඳ කටගැස්මක් වෙයි. ඒවගේම ගෙදරට එන අමුත්තන්ට දෙන්න, සවස තේ මේසයට සහ උපන්දින සාදයකට උණත් හැමදාම කන කට්ලට්, රෝල්ස් වෙනුවට මේ සැමන් පෑන්කේක් වර්ග දෙක හදන්න පුළුවන්. ඔයාලත් හදලා අනිවාර්යයෙන්ම රස බලන්න.

 

  1.   සැමන් පෑන්කේක් අවශ්ය ද්රව්,

 

 

පෑන්කේක් මිශ්රණය සඳහා,

 

  •  පාන්පිටි ග්රෑම් 250 ක්
  •  කහ ස්වල්පයක්
  •  බිත්තර 01 ක්
  •  ලුණු ස්වල්පයක්

 

 වතුර පිරවුම සඳහා,

 

  •  ලොකු සැමන් කැබලි 02 ක්
  •  ලොකු අල ගෙඩි 02 ක් ( තම්බා පොඩිකරගන්න )
  •  සිහින්ව කපාගත් අමුමිරිස් කරල් 02 ක්
  •  සිහින්ව කපාගත් බී ළූණු ගෙඩියක්
  •  සිහින්ව කපාගත් කරපිංචා ස්වල්පයක්
  •  සුදු ළූණු බික් 02 ක්
  •  ‍රස අනුව කෑලි මිරිස් , ලුණු , ගම්මිරිස්
  •  පිරිසිදු පොල් තෙල් හෝ එළවළු තෙල් ස්වල්පයක්

 

සාදාගන්නා ආකාරය,

 

මුලින්ම පිරවුම සකස් කර ගැනීමට භාජනයක් ලිප තබා එයට තෙල් ටිකක් එකතු කර රත් වූ විට එයට සුදු ළූණු , කරපිංචා , බී ළූණු සහ අමුමිරිස් එකතු කර තෙම්පරාදු කරගන්න. හොඳින් තෙම්පරාදු වූ පසු එයට පොඩිකරගත් සැමන් ටික සහ අල ටික එකතු කර හොඳින් කලවම් කරගන්න. ඉන්පසු එයට රස අනුව ලුණු , ගම්මිරිස් සහ කෑලි මිරිස් දමා හොඳින් කලවම් කරමින් මද වේලාවක් තබා ලිපෙන් ඉවතට ගන්න. ඉන්පසු පෑන් කේක් එක සකස් කර ගැනීමට භාජනයක් ගෙන එයට පාන් පිටි , බිත්තර 02 , ලුණු සහ කහ ස්වල්පයක් දමා වතුර ටික ටික එකතු කරමින් හොඳින් මිශ්ර කරන්න. පෑන්කේක් මිශ්රණය ගොඩක් ඝනත් නැති දියාරුත් නැති මිශ්රණයක් විය යුතුයි. අනතුරුව පෑන් එකක් ගෙන එයට තෙල් හෝ බටර් ස්වල්පයක් දමා පෑන්කේක් මිශ්රණය ටිකක් දමා රවුම් හැඩයට හැන්දකින් සකස් කරගන්න. දෙපැත්ත දමා පෑන් කේක් එක සකස් කර ගන්න. අවසානයට සකස් කර ගත් පෑන්කේක් එකක් ගෙන එය අයිනට සාදාගත් සැමන් මිශ්රණයෙන් හැන්දක් පමණ දමා රෝල් කරගන්න.

 

2. සැමන් ෆ්රිටර්ස් අවශ්ය ද්රව්,

 

 

  •  බිත්තර 01 ක්
  •  සැමන් කැබැල්ලක් ( කුඩා කොටස් වලට කඩාගන්න )
  •  සිහින්ව කපාගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්
  •  රස අනුව ලුණු සහ ගම්මිරිස්
  •  බැදගැනීමට අවශ්ය ප්රමාණයට තෙල්
  •   දෙහි හෝ ලෙමන් බෑයක්

 

සාදාගන්නා ආකාරය,

 

කුඩාවට කපා ගත් සැමන් ටික භාජනයකට දමා හොඳින් බීට් කරගත් බිත්තරය ටික ටික එකතු කරමින් හොඳින් කලවම් කරගන්න. දැන් එයට කොත්තමල්ලි කොළ ටිකත් දමාගෙන නැවතත් හොඳින් කලවම් කරන්න. බිත්තර සාරුව සැමන් ටිකත් එක්ක හොඳින් මිශ්ර විය යුතුයි. දැන් මේ මිශ්රණයට අවශ්ය ලුණු සහ ගම්මිරිස් එක් කරගන්න. ටිකක් සැරට අවශ්ය නම් කෑලි මිරිස් ස්වල්පයක් යොදා ගන්න පුළුවන්. දැන් මෙම මිශ්රණයෙන් මේස හැන්දක් වැනි ප්රමාණයක් ගෙන අතින් වඩයක් ආකාරයට පැතලි කරන්න. භාජනයක් ලිප මත තබා රත්වන විට එයට දමා රන්වන් පාට වනතුරු බැදගන්න. මෙය තවත් ආකාරයකට සකස් කර ගත හැකියි.

 

 

එම මිශ්රණයෙන්ම කුඩා කොටස් ගෙන කුඩා පෑන්කේක් එකක් ආකාරයට තුනී කර තැටියක තෙල් ස්වල්පයක් දමා රන්වන් පැහැය එනතුරු දෙපැත්ත බැදගන්නත් පුළුවන්. මේ දෙයාකාරයෙන්ම සකස් කරගත හැකි මෙය ඉතාමත් රසවත් මෙන්ම අමුද්රව්ය ස්වල්පයක් යොදා ඉක්මනින්ම හදාගන්න පුළුවන්. දීසියකට දමා අවසානයේ දෙහි හෝ ලෙමන් යුෂ ඒවා මතට ඉසින්න එයින් රසය තව තවත් වැඩි කරනවා.

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

560 Views

Comments

arrow-up