විෂ නසන කරපිංචා කැඳ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
01

විෂ නසන කරපිංචා කැඳ

විෂ නසන කරපිංචා කැඳ

අපි අපේ ගෘහණියන්ට පෙර ලිපියකින්ද මේ කරපිංචා වල ඇති ගුණය පිළිබඳව විස්තර කළා. ඒ වගේම අපි කරපිංචා යොදාගනිමින් සකස් කළ හැකි රෙසපියක් ඔබට කියලා දුන්නා. අදත් අපි එවැනිම රෙසපියක් ඔයාලට අරගෙන ආවා.

 

මිනිස් සිරුරෙහි ඇති විෂ නසන කරපිංචා වලට පාචනය සහ දිරවීමේ අපහසුතා ඇති අයටත් දිනපතා කරපිංචා ආහාර වේලට එකතු කර ගැනීමෙන් එම ගැටළු මඟහරවා ගන්න පුළුවන්. කරපිංචා වල පවතින සුවඳට මානසික ආතතිය අවම කිරීමේ හැකියාව පවතින බව මේ වන විට සොයා ගෙන තිබෙනවා. තුවාල, හමේ රෝග, පිළිස්සුම් තුවාල ඉතා ඉක්මනින් සුව කිරීමට හොඳ ඖෂධයක්ද වනවා. ආයුර්වේද වෛද්යවරුන් බොහෝ ප්රතිකාර සඳහාද කරපිංචා භාවිතා කරනවා.

 

 

විටමින් A බහුලව පවතින නිසා ඇස් පෙනීමට බෙහෙවින් උපකාරී වෙනවා. එවගේම ගර්භණී සමයේ මුල් කාලයේදී කාන්තාවන්ට ඇති වන ආහාර අරුචිය සහ වමනය සඳහාද කරපිංචා වලින් සැකසූ ආහාර ගැනීමෙන් එය මගහරවා ගත හැකියි. සමහර සුවඳ විලවුන් වර්ග නිශ්පාදනය සඳහාත් කරපිංචා පැලෑටියෙන් ගන්නා තෙල් භාවිතා කරනවා. එවගේම විවිධ රූපලාවණ්ය නිශ්පාදන සහ සත්කාර සඳහාද කරපිංචා භාවිතා කරනවා. කරපිංචා එදිනෙදා ආහාර පිසීමේදී අනිවාර්යයෙන්ම එකතු කර ගැනීම සුදුසුයි කියලා ඔයාලට දැන් හිතෙනවා ඇති. මේ කරපිංචා කැද එක ගෙදර විශේෂයෙන්ම වැඩිහිටියන් ඉන්නවනම් අනිවාර්යයෙන්ම හදලා දෙන්න අමතක කරන්න එපා.

 

අවශ්ය ද්රව්ය,

 

- කරපිංචා කොළ

- සුදු ළූණු බික් 02 ක්

- පොල් කිරි කෝප්පයක්

- අවශ්ය ප්රමාණයට රස අනුව ලුණු ස්වල්පයක්

- සීනි හෝ හකුරු

 

 

සාදාගන්නා ආකාරය,

 

මුලින්ම කරපිංචා , සුදු ළූණු සහ පොල් කිරි බ්ලෙන්ඩරයට දමා හොඳින් බ්ලෙන්ඩ් කර ගෙන පෙරා ගන්න. ඉන්පසු භාජනයක් ලිප තබා එයට පෙරාගත් මිශ්රණය දමාගෙන මඳ ගින්නේ ටික වේලාවක් නොනවත්වා හැඳිගාන්න. මඳ වෙලාවකින් කැඳ එක නටන විට අවශ්ය ප්රමාණයට ලුණු සහ රස අනුව සීනි හෝ හකුරු ස්වල්පයක් එකතු කර හොඳින් මිශ්ර කර ලිපෙන් ඉවතට ගන්න.

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

2235 Views

Comments

arrow-up