චයිනීස් ක්‍රමයට චිකන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
10

චයිනීස් ක්‍රමයට චිකන්

චයිනීස් ක්‍රමයට චිකන්

චයිනීස් කෑම අපි අතර හරි ප්‍රසිද්ධයි. මේ සූදානම් වෙන්නේ චයිනිස් ක්‍රමයට චිකන් හදා ගන්න ක්‍රම කීපයක් ගැන දැනුවත් කරන්න.

ස්වීට් ඇන්ඩ් සේවරි චිකන්

මෙය හදාගන්න අවශ්‍ය වෙන්නේ
*කටු රහිත චිකන් ග්‍රෑම් පන්සීයක්
* බිත්තර සුදු මද එකක්
*ලුණු තේ හැඳි භාගයක්
*කෝන් පිටි තේ හැදි දෙකක්
*කුඩා කොටු කපාගත් අන්නාසි කෝප්ප බාගයක්
*අන්නාසි යුෂ කෝප්ප කාලක්
* විනාකිරි මේස හැදි දෙකක්
* ටොමැටෝ කෙචප් මේස හැඳි දෙකක්
*ලුණු තේ හැඳි භාගයක්
* දුඹුරු සීනි මේස හැදි දෙක තුනක්
* කොටු කපා ගත් බෙල්පෙපර්
* හොඳින් තලාගත් ඉඟුරු තේ හැඳි බාගයක්

මේක සකස් කරගන්න මුලින්ම බිත්තර සුදුමද කෝන් පිටි සහ ලුණු මිශ්‍ර කරලා චිකන් එකේ හොඳින් දවටලා විනාඩි පහළොවක් විතර සීසන් වෙන්න තියන්න ඕන. අන්නාසි යුෂ සීනි හා විනාකිරි වෙනම බඳුනකට දාලා හොඳින් මිශ්‍ර කරගෙන හොඳින් රත්වූ නොන්ස්ටික් පෑන් එකකට තෙල් ටිකක් දාලා චිකන් ටික ඒ පෑන් එකට දාන්න. ඒක හොඳින් ටෝස්ට් වුණාම ඒ චිකන් කෑලි ටික වෙන් කරල අරගෙන නැවත ඒ පෑන් එකටම තෙල් මේස හැන්දක් පමණ එකතු කරලා බෙල්පේපර් ඉඟුරු එක්කර විනාඩියක් පමණ තෙම්පරාදු කර ගන්න. ඉන්පස්සෙ අන්නාසි කැබලි හා සකස් සකස්කරගත සෝස් එක කලවම් කරලා බැදගත් චිකන් ටික මිශ්‍ර කරන්න. දැන් විනාඩි තුන හතරක් පමණ මද ගින්නේ පිස රස බලන්න.

 

 

 


චිලි චිකන්

ඊට අවශ්‍ය වෙන්නේ
*කටු රහිත චිකන් ග්‍රෑම් 500ක්
*බිත්තර එකක්
*සෝයා සෝස් තේ හැඳි දෙකක්
*ලුණු තේ හැඳි එකක්
*විනාකිරි මේස හැඳි දෙකක්
*කෝන්පිටි මේස හැදි 5ක්
*පලාගත් අමුමිරිස් කරල් හතරක්
*චොප් කරගත් සුදුලූණු බික් කිහිපයක් *ලොකු ලූණු ගෙඩියක්
*වතුර හෝ චිකන් ස්ටොක් කප් බාගයක්
මුලින්ම මැරිනේඩ් එක සකස් කරමු.ඊට බිත්තර, සෝයා සෝස් මේස හැඳි එකක් ලුණු මේස හැඳි භාගයක්, විනාකිරි මේස හැඳි එකක්, කෝන් පිටි මේස හැඳි හතරක් එකට මිශ්‍ර කරලා බැටර් එකක් සකස් කරගන්න. එයට කපාගත් චිකන් එක්කර මිශ්‍රණය හොඳින් මිශ්‍ර කර පැය භාගයක් පමණ වසා තබන්න. මේ ටික පැය භාගයකට පමණ පසුව ගැඹුරු තෙලේ රන්වන් පැහැවන තුරු බැදගන්න. වෙනම බදුනකට තෙල් ටිකක් රත් වෙන තබා ඊට සුදුළූණු අමු මිරිස් ලුණු එක්කර තත්පර තිහක් පමණ තෙම්පරාදු කරගන්න. එයට ඉතිරි සෝස් සහ විනාකිරි එක්කර කලවම් කර කෝන්පිටි මේස හැන්දක් පමණ දියකර ගත් වතුර හෝ ස්ටොක් වතුර එක්කරන්න. මේ මිශ්‍රණය ඝනවී ගෙන එන විට බැදගත් චිකන් ටික මිශ්‍ර කර ලිපෙන් බාගන්න.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

506 Views

Comments

arrow-up