දිවුල් කොළ කැද
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
04

දිවුල් කොළ කැද

දිවුල් කොළ කැද

වර්තමානයේ උදෑසනට කොළ කැද එකක් බොන්නෙ කීයෙන් කී දෙනාද. එකල අපේ මුතුන් මිත්තන් උදෑසන ආහාර වේලට අනිවාර්යයෙන්ම එක් කරගත් මේ කොළ කැද වර්ග පානයට ගැනීමෙන් විවිධ වූ ලෙඩ රෝග මෙන්ම ශරීරයට ශක්තිය වර්ධනයටත් මේ කැද උපකාරී වුණා.

අද අපි එවැනි වූ දේශීය, ගුණදායක කොළ කැද පානයක් අරගෙන ආවා. අපි දිවුල් කිරි නම් බොනවා නේ. එහෙනම් අපි දිවුල් කොළ කැද බොමු. මෙන්න හදාගන්න ක්‍රමය.

අවශ්‍ය ද්‍රව්‍ය,

- දිවුල් කොළ ග්‍රෑම් 500 ක්
- කැකුළු හාල් ග්‍රෑම් 50 ක්
- ගාගත් පොල් ග්‍රෑම් 50 ක්
- සුදු ළූණු බික් 02 ක්
- අමු ඉගුරු කැබැල්ලක්
- ලුණු ( අවශ්‍ය ප්‍රමාණයට )

සාදාගන්නා ආකාරය,

සෝදා පිරිසිදු කර ගත් දිවුල් කොළ ටිකට වතුර අඩු කෝප්පයක් පමණ දමා බ්ලෙන්ඩරයක් ආධාරයෙන් බ්ලෙන්ඩ් කර හොඳින් මිරිකා පෙරාගන්න.

ඊළඟට පොල් දෙවරක් බ්ලෙන්ඩ් කර එයද මිරිකා පෙරාගන්න. හාල් ටික සෝදාගෙන වතුර ටිකක් වැඩිපුර එකතු කරමින් බෙරි වෙන්නට තම්බාගන්න.

 


හාල් ටික තැම්බීගෙන එන විට එයට සුදු ළූණු සහ අමු ඉගුරු දමා පැතලි හැන්දකින් පොඩි කරගන්න. දැන් බ්ලෙන්ඩ් කර මිරිකා ගත් පොල් කිරි දමා උතුරවා ගන්න.

ලුණු සහ කලින් බ්ලෙන්ඩ් කර පෙරා ගත් කොළ යුෂ ටික දමා උතුරුවා ලිපෙන් ඉවතට ගෙන විනාඩි 03 ක් පමණ හොඳින් හැදි ගාන්න. උණු උණුවෙන්ම හකුරු කැබැල්ලක් සමග පානය කිරීමට පිළිගන්වන්න.

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

1462 Views

Comments

arrow-up