ගුණදායක ගොටුකොළ සලාද සහ චට්නි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
03

ගුණදායක ගොටුකොළ සලාද සහ චට්නි

ගුණදායක ගොටුකොළ සලාද සහ චට්නි

ගොටුකොළ එනම්, ආයුර්වේද වෛද්‍ය විද්‍යා නාමයෙන් හදුන්වන (සෙන්ටෙලා ආසියාටිකා), සාම්ප්‍රදායික ලාංකීය, චීන මෙන්ම අප්‍රිකානු වෛද්‍ය විද්‍යාව තුළ භාවිතා කරන ඉතා වටිනා පැළෑටියක්.

ගොටුකොළ මගින් මතකය වැඩි දියුණු කරන අතරම සමහරු ගොටුකොළ අනුභවයෙන් තම තරුණ බව වැඩි වන බව විශ්වාස කරති. බොහෝ ගුණයන් ඇති ගොටුකොළ යොදා ගෙන සකස් කළ හැකි රෙසපි දෙකක් මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

එයින් පළමු රෙසපිය ලෙස ගොටුකොළ සලාද හා ඉන්පසු ගොටුකොළ චට්නි හදන හැටි අපි අපේ ගෘහණියන්ට කියලා දෙනවා.


 

ගොටුකොළ සලාද

අවශ්‍ය ද්‍රව්‍ය,

- කුඩා කැබලි වලට කපාගත් ගොටුකොළ කෝප්ප 2 ක්
- මධ්‍යම ප්‍රමාණයේ තක්කාලි ගෙඩි 1 ක්
- ගාන ලද පොල් තේ හැදි 1 ක්
- අමුමිරිස් තේ හැදි 1 ක්
- කුඩාවට කපා ගත් ළූණු පොඩි ගෙඩියක්
- රස අනුව ගම්මිරිස් සහ ලුණු

- දෙහි යුෂ තේ හැදි 1 ක්
 


සාදන ආකාරය,

ගොටුකොළ ටික හොඳින් සෝදා ගන්න. ඉන්පසු ඒවා කුඩාවට කපා සලාද බඳුනකට දමන්න. තක්කාලි, මිරිස් සහ ළූණු කපා එම බඳුනටම එක් කරගන්න.

තක්කාලි වලට අකමැති අය සඳහා, නැවුම් ලෙස ගාගත් පොල් ඒ වෙනුවට යොදා ගන්න. ගම්මිරිස් සහ ලුණු ස්වල්පයක් ඉස ඉන් අනතුරුව දෙහි යුෂ එකතු කළ යුතුයි.

හොඳින් කලවම් කර, කෑම මේසයට පිළිගන්වන්න.


 

ගොටුකොළ චට්නි

අවශ්‍ය ද්‍රව්‍ය,

- කුඩාවට කපාගත් ගොටුකොළ කෝප්ප 2 ක්
- සිහින් ව නැවුම් ලෙස ගාගත් පොල් කෝප්ප 1/2
- කැබලි කපා ගත් ළූණු කුඩා ගෙඩියක්
- අමු මිරිස් කරල් කිහිපයක්
- දෙහි යුෂ ස්වල්පයක්

 


සාදන ආකාරය,

කුඩාවට කපාගත් ගොටුකොළ, පොල්, ළූණු සහ අමුමිරිස් මේ සියල්ලම බ්ලෙන්ඩරයට දමා හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. පිළිගැන්වීමට පෙරාතුව නැවුම් දෙහි යුෂ ටිකක් චට්නි මතට මිරිකා මිශ්‍ර කරන්න.

 

 

 

 

 

 

by Kaushalya De  Silva

Photo source : Internet

views

832 Views

Comments

arrow-up