කඩල පිටි ලඩ්ඩු (බිසාන්)

ලඩ්ඩු කියන්නේ ඉන්දියාවේ විශේෂ අවස්ථාවන්, හේතූන් මත හදන සාම්ප්රදායික රසකැවිලි වර්ගයක්. පෙර ලිපියකින් අපි ඔයාලට ලඩ්ඩු වර්ග අතරින් ඉතාමත්ම රසවත් ලඩ්ඩු වර්ගයක් වන කොකනට් ලඩ්ඩු කොහොමද හදාගන්නේ කියලා කියල දුන්නා. අද අපි ඔයාලට ගෙනාවේ ඒ වගේම රසවත් ලඩ්ඩු වර්ගයක් වන බිසාන් ලඩ්ඩු නැත්නම් කඩල පිටි ලඩ්ඩු. ලඩ්ඩු වර්ග සියල්ලන්ගෙන්ම ඉතාම ජනප්රිය වර්ගයක් තමයි මේ බිසාන් ලඩ්ඩු කියන්නේ.
ඉන්දියාවේ පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන එන සාම්ප්රදායික කෑම වට්ටෝරු අතරින් මේ ලඩ්ඩු වර්ගය ඉතා ඉහළ තැනක් ගන්නවා. විශේෂ උත්සවයක් වන දීපවාලි උත්සවයට තමයි වැඩි වශයෙන්ම මෙම ලඩ්ඩු වර්ගය සකස් කරන්නේ. ඉන්දියාවේ සෑම කලාපයකම ජනතාව ඔවුන්ට අවේනික වූ විවිධ වෙනස්කම් හා විවිධ අමුද්රව්ය භාවිතා කරමින් ලඩ්ඩු වර්ග සකසන අතර ලඩ්ඩු වර්ග කිහිපයක් කිසිම වෙනස් කිරීමකින් තොරව සකසනවා. මේ බිසාන් ලඩ්ඩුත් ඉන් එකක් වනවා. ඒවගේම කඩල පිටි වල ගුණාත්මක භාවය පිළිබඳව කථා කළොත් ප්රෝටීන් ප්රමාණය ඉතා ඉහළ මට්ටමක පවතින අතර විටමින් වර්ග සහ ඛනිජ ලවණ රැසකින් සමන්විතයි. ඉතින් ඔයාලත් සවස තේ මේසයට පිළිගන්වන්න මේ බිසාන් ලඩ්ඩු රෙසපිය අනිවාර්යයෙන්ම හදලා පවුලේ අයත් එක්ක රස බලන්න අමතක කරන්න එපා.
අවශ්ය ද්‍රව්‍ය,
- කඩල පිටි කෝප්ප 02 ක්
- සීනි කෝප්ප 01 ක්
- ගිතෙල් කෝප්ප 1/2 ක්
- කජු මේස හැඳි 02 ක් ( කැබලි වලට කපාගන්න )
- එනසාල් ඇට 04 ක්
සාදාගන්නා ආකාරය,
මුලින්ම භාජනයක් ලිප තබා එයට එළගිතෙල් දමා එය රත් වූ විට එයට කඩල පිටි ටික එකතු කරගන්න. ලිප අඩු ගින්දරේ තබමින් හොඳින් කලවම් කරගෙන තම්බාගන්න. කඩල පිටි වලට එළගිතෙල් හොඳින් මිශ්ර වෙනකම් නොනවත්වා හොඳින් කලවම් කරගත යුතුයි. මිශ්රණය වේලිලා නම් නැවත ගිතෙල් හැන්දක් පමණ දමා මිශ්ර කරන්න. මේ ආකාරයෙන් හොඳින් මිශ්ර වූ පසු විනාඩි 20 කින් පමණ පසු කඩල පිටි වලින් ගිතෙල් එළියට එනවා. රන්වන් පැහැය වනතුරු හොඳින් නොනවත්වා හැඳි ගාන්න. රන්වන් පැහැය වූ පසු මෙම මිශ්රණය වෙනත් භාජනයකට දමා නිවෙන්නට හරින්න. ඉන්පසු අඩු ගින්දරේ කජු ටික මදක් බැදගෙන කලින් සාදාගත් මිශ්රණයට එකතු කරන්න.
අනතුරුව බ්ලෙන්ඩරයට සීනි සහ එනසාල් ඇට ටික දමා හොඳින් පිටි වනතෙක් බ්ලෙන්ඩර් කරගන්න. අපි කලින් සාදාගත් මිශ්රණය හොඳින් නිවිලා නම් පමණක් බ්ලෙන්ඩ් කර ගත් සීනි ටික එකතු කරන්න නැත්නම් උණු මිශ්රණයට සීනි එකතු කරගත්තොත් සීනි ටික දියවී මිශ්රණය දියාරු හා ඇලෙන සුළු ගතියක් ගනිවී. මේ සියල්ල හොඳින් මිශ්ර කර සාදාගත් ලඩ්ඩු මිශ්රණයෙන් පොඩි බෝල සාදාගන්න. කැමතිනම් උඩින් කජු හෝ මුදරුස්පලම් තබා සරසගන්න. හුලං නොවදින භාජනයකට දමා සති දෙකක් පමණ මේ බිසාන් ලඩ්ඩු තියාගන්න පුළුවන්.
by Kaushalya De Silva
Photo source : Internet
1724 Views
Comments