දැල්ලො රෙසිපි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
04

දැල්ලො රෙසිපි

දැල්ලො රෙසිපි

ටිකක් ඌෂ්ණ අධික කෑමක් වුණත් දැල්ලන් ආහාරයට ගන්න ගොඩක් දෙනෙක් කැමතියි. මේ රසවත් දැල්ලෝ රෙසිපි කිහිපයක්.


1. ක්‍රිස්පි කර්ඩ්ල් ෆිෂ්


අවශ්‍ය ද්‍රව්‍ය


දැල්ලෝ ග්‍රෑම් 500
හාල් පිටි ග්‍රෑම් 500
බිත්තර 2
ලොකු ලුණු ග්‍රෑම් 200
අමු මිරිස් කරල් 5
සැල්දරි දඩු ග්‍රෑම් 100
ගම්මිරිස් කුඩු තේ හැදි 3
ලුනු ගම්මිරිස්
බැදගැනීමට පිරිසිදු තෙල්
දෙහි ගෙඩි 2 ක යුෂ
ඉඟුරු
සුදු ලුණු


සාදන ක්‍රමය


දැල්ලන් හොදින් පිරිසිදු කරගෙන දෙකට පලාගන්න. හොද තියුණ වෙන්නොවෙන සේ දිග අතට සහ හරස් අතට කැපුම් සලකුණු කරගන්න.ඉන්පසු තමන් කැමති හැඩයට කපාගෙන බිත්තර,හාල් පිටි,ලුනු,ගම්මිරිස් දමා හොදින් සීසන් කරගෙන ගැඹුරු තෙලේ බැදගන්න.ලොකු ලුණු,අමු මිරිස්,සැල්දරි ඉඟුරු,සුදු ලුණු හොදින් චොප් කරගන්න.භාජනයක් ලිපේ තබා එයට තෙල් ස්වල්පයක් දමා චොප් කරගත් සියළුම ද්‍රව්‍යය දමා තෙම්පරාදු කරගෙන අවසානයේ බැදගත් දැල්ලන් හා දෙහි යුෂද රසකාරක එක්කර ලිපෙන් බාගන්න.


2. දැල්ලන් පිරවුම


අවශ්‍ය ද්‍රව්‍ය


අඟල් 6 ක් පමණ දිග දැල්ලන් 10 ක්
බැදගත් මුo ඇට හුන්ඩු 1
රතුළුණු ගෙඩි 10
අමු මිරිස් කරල් 5
උම්බලකඩ
කහ, තුනපහ, මිරිස් කුඩු
උළුහාල්
කෑලි මිරිස් මේස හැදි 1
දෙහි ගෙඩි 1
ලුණු
මාගරින්
කරපිංචා
පොල් කිරි කෝප්ප 1


සාදන ක්‍රමය


රතුළුණු, අමු මිරිස් සිහින්ව ලියා උම්බලකඩ කුඩු, කරපිංචා, මිරිස් කුඩු, දෙහි, ලුණු, මුo ඇට කුඩු දමා කලවම් කර පිරිසිදු කරගත් දැල්ලන් පුරවා ගන්න. පිරිසිදු නුලකින් දැල්ලන්ගේ සිදුර ගැටගසා බදුනකට පොල් කිරි දමා දෙහි තේ හැදි 1 ක්, ලුණු, කහ, තුනපහ, කෑලි මිරිස්, උළුහාල් හා පුරවාගත්
දැල්ලන් දමා ඉස්ම හිදෙන තුරු පිසගන්න.


3. දැල්ලෝ මාළුව

 


අවශ්‍ය ද්‍රව්‍ය


දැල්ලෝ ග්‍රෑම් 500
ලොකු ලුණු ග්‍රෑම් 100
තක්කාලි ග්‍රෑම් 100
සැල්දරි දඩු ග්‍රෑම් 100
අමු මිරිස් කරල් 5
ලුනු/ගම්මිරිස්
දෙහි ගෙඩි 2
මාළු සෝස් මේස හැදි 2
සීනි මේස හැදි 1
සැල්දරි කොළ

 


සාදන ක්‍රමය

දැල්ලන් කපා සුද්ද කර කැබලි කපා ගන්න.භාජනයක් ලිපේතබා එයට දෙහි ලෙලි 4 ක් සැල්දරි දඩුවක්,ලුනු,ගම්මිරිස්,ලුණු කැබලි කිහිපයක් දමා වතුරද දමා දැල්ලන් තම්බා ගන්න.රත් කරගත් පසු දැල්ලන් පමණක් වෙනම භාජනයකට දමා ගන්න.එයට ලොකු ලුණු තක්කාලි,සැල්දරි,අමු මිරිස් හීනියට කපාගෙන එයට සීනි,දෙහි,මාළුසෝස් දමා කලවම් කරගන්න.දැල්ලන්ද දමා හොදින් කලවම් කරගෙන සැල්දරි කොළ උඩින් දමා සකසා ගන්න.

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

1381 Views

Comments

arrow-up