අයිසින් වර්ග හදමු-2
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
29

අයිසින් වර්ග හදමු-2

අයිසින් වර්ග හදමු-2

මේ ලිපියෙම කලින් ලිපියෙන් බටර් අයිසිං වර්ග එක එක විදියට හදන විදිය ගැන දැනුවත් කලා. මේ සූදානම් වෙන්නේ අනෙක් අයිසින් වර්ග හදන විදිය ගැන ඔබව දැනුවත් කරන්න.

පාර්ච්මන්ට් අයිසිං

කේක් එකක් ලස්සන කරනකොට පුංචි පුංචි මල් හදාගෙන ලස්සනට හැඩ කරන්න පුළුවන්. ඒ වගේ වෙලාවට තමයි පාච්මන්ට් අයිසින් එක පාවිච්චි කරන්නේ. බටර් අයිසින් එක වගේ දියාරු නැති අයිසින් එකෙන් මල් කලින්ම හදලා වේළලා පස්සෙ කේක් එක සරසන්න පාවිච්චි කරන්න පුළුවන්. ඊට අවශ්‍ය වෙන්නේ
*බිත්තර සුදු මද දෙකක්
*අයිසිං සීනි ග්‍රෑම් 350ක්
* තයිලෝ පවුඩර් තේ හැඳි 6ක්
*බටර් මේස හැන්දක්
*වැනිලා තේ හැදි එකක්
අයිසින් ග්‍රෑම් 350 න් වෙනම ග්‍රෑම් සීයක් වෙන්කරගෙන ඉතිරිකොටස බෝල් එකකට දාලා ඒක මැදට බිත්තර සුදු මද සහ වැනිලා එක්කර ගෙන කැට නොහිටින විදිහට හොදින් අනාගන්න ඕන. ඊට පස්සේ තයිලෝ පව්ඩර් එක්කරලා විනාඩියක් විතර හොඳින් අනාගන්න ඕන. ඇලෙන සුළු ගතිය නැති නැතිවී යන්න ඉතිරි කරගත් අයිසින් සීනි ටික ටික එක් කරන්න පුළුවන්. බටර් ටිකකුත් එකතු කරලා අනාගෙන සුළං නොවදින විදිහට වහල තියා ගත්තාම මේ පාච්මන්ට් අයිසිං වලින් අපිට හොද ලස්සන නිර්මාණ කරන්න පුළුවන්.

 

 

 


ෆොන්ඩන්ට් අයිසිං

කේක් එකක් වටේ ආවරණය කරන්නත් පුංචි පුංචි රූප හදාගන්න යොදාගන්නේ ෆොන්ඩන්ට් අයිසින්. ඒවා හදාගන්න අවශ්‍ය සෑම දෙයක්ම වෙළඳපළෙන් මිලදී ගන්න පුළුවන්. ඊට අවශ්‍ය වෙන්නේ
*අයිසින් සීනි කප් හතරක්
*ග්ලිසරින් මේස හැදි භාගයක්
*ලික්විඩ් ග්ලූකෝස් කප් කාලක්
* ජෙලටින් තේ හැදි එකක්
*බටර් මේස හැඳි එකක්
*වැනිලා තේ හැඳි භාගයක්
*අයිස් වතුර කප් 1/8
ෆොන්ඩන්ට් අයිසින් එක හදාගන්නේ ඩබල් බොයිල් කරගත්තු ජෙලටින් හා ග්ලිසරින් ග්ලූකෝස් එක් කරලා හොඳින් මිශ්‍ර කරගෙන ඊටම බටර් ටිකක් දාලා එක් කරගන්න ඕන. වෙනම බඳුනකට අයිසින් සීනි එක් කරලා සකස් කර ගත්තු දියරය එක් කරගෙන එය නොඇලෙන පදමට අනා ගන්න ඕන.

රෝයල් අයිසිං

මේ අයිසින් එක නම් වැඩිපුරම යොදාගන්නේ ලේස් මෝස්තර වගේ කේක් එක හැඩ කරන්න. මෙයට අවශ්‍ය වෙන්නේ
*බිත්තර සුදුමද තුනක්
*අයිසින් සීනි කප් 4ක්
*ක්‍රීම් ඔෆ් ටාටර් තේ හැදි බාගයක්
මේ සියල්ල බෝල් එකකට එකතු කරලා අඩු වේගෙකින් වැඩි වේලාවක් හොඳින් මිශ්‍ර වෙනතුරුත් බීට් කරගෙන රෝයල් අයිසින් එකේ පදම ලබාගන්න පුළුවන්.

 

 

by Dilki Shamani

Photo Source: Internet

views

1527 Views

Comments

arrow-up