සාම්ප්‍රදායික කහබත් රස බලමු
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
29

සාම්ප්‍රදායික කහබත් රස බලමු

සාම්ප්‍රදායික කහබත් රස බලමු

ඕනෑම නිවසක උත්සව අවස්ථාවක දී සාදා ගන්නා කහ බත සාම්ප්‍රදායික අයුරින් රයිස් කුකර් එකක සාදා ගන්නා ආකරය අද ඔබට කියලා දෙනවා. මේ රෙසිපි එක ලංකාවේ අවුරුදු සිය ගණනක් පුරා සාදා ගන්නා ආකාරයක්.නමුත් නවීන පන්නයට ආහාර රස බැලීමට පුරුදු වූ බොහෝ දෙනා සාම්ප්‍රදායික රස හඳුනන්නේ නැති තරම් .ඒ නිසා මේ සාම්ප්‍රදායික කහ බතේ රස බලන්න කැමති අයටයි.

අවශ්‍ය ද්‍රව්‍ය

තම්බපු සහල් සම්බා හාල් ග්‍රෑම් 500
පොල් කිරි කෝප්ප 4 1/2
මට ඔයිල් මේස හැඳි 4
රතුලූනු ගෙඩි 12-15
ලුණු තේ හැඳි 1 1/2
කහ කුඩු තේ හැඳි 1
ගම්මිරිස් ඇට තේ හැඳි 1 1/2
කුරුඳු පොතු 2
කරාඹු නැටි 10
පොඩි සේර ගහක්
රම්පෙ
කරපිංචා
කරදමුංගු 8

පළමුව අපි ගත් තම්බපු සහල් පෙරන එකක දමා හොඳින් සෝදා ගන්න . පසුව එම හාල් සර්වියට් එකකට දමා වතුර බේරෙන්නට තබනවා.සාම්ප්‍රදායික ලෙස ආහාර පිස ගන්නා විට ඒ වගේ ආවේණික රස ලබා ගැනීම සඳහා පුංචි රහස් ක්‍රම උපයෝගී වෙනවා.ඒ අනුව ඉහත සඳහන් කළ වතුර බේරෙන ලෙස හාල් වියළා ගැනීම ද රහස් ක්‍රමයක්. ඉන්පසුව ළූණු ,සේර ගස ,කරපිංචා වැනි දෑ කපා ගන්නා අතර කරඳමුංගු ටික යාන්තමින් තලා ගෙන තබා ගන්නවා .

 

 

 


පළමුව රයිස් කුකර් එක on කර එය cooking option එකට දමා එයට බටර් ඔයිල් එක්කර විනාඩි තුනක් පමණ රත් වෙන්නට තබනවා.විනාඩි තුනකට පසුව රයිස් කුකර් එක නිසි උෂ්ණත්වයකට පැමිණ බටර් ඔයිල් නිසි පරිදි දිය වීමෙන් පසු එයට කපාගත් ළූණු, සේර ,කරපිංචා දමා ටික වේලාවක් බැදෙන්නට හරින්න .ඉන් පසු එයට ආවේණික වූ නිසි සුවඳ පැමිණි විට කුරුඳු, කරාබුනැටි දමා ටික වේලාවක් බැදෙන්නට තබන්න .ඉන්පසුව එයට ගම්මිරිස් ඇට කිහිපයක් දමා තප්පර භාගයක් පමණ පමන බැදෙන්නට හැර එයට කහ කුඩු එක් කරන්න.කහ කුඩු දැමූ විගසම හාල් ටික රයිස් කුකර් එක එකතු කිරීම සිදු කළ යුතුයි .ඒ අනුව වතුර ටික බේරී හොඳින් වියළුණු හාල් ටික රයිස් කුකර් එකට එකතුකර විනාඩි දෙකක් පමණ ජල වාෂ්ප ඉවත්වන තුරු විටින් විට පියන අරිමින් වසිමින් බැදෙන්නට අරින්න . රයිස් කුකර් එක cooking option එකෙන් keep warm option එකට පැමිණෙන තුරු සියලුම ජලවාෂ්ප ඉවත්වන තෙක් පිසෙන්න අරින්න .ඉන්පසු සූදානම් කරගත් කර ගත් පොල් කිරි කෝප්ප 4 1/2 රයිස් කුකර් එකට එක් කරන්න .මෙහිදී ඔබ කහ බත සෑදීමට යොදා ගන්නා හාල් වර්ගය අනුව පොල් කිරි ප්‍රමාණයේ යම් වෙනසක් සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳ ඔබ පිළිබඳව වැඩිදුර අවදානය යොමු කරන්න.පසුව නැවතත් රයිස් කුකර් එකේ පියන වසා cooking option එකට දමා පිසෙන්න අරින්න .මෙම කහ බත් පිළියෙල කර ගැනීම සඳහා භාවිතා කලේ පොල් කිරි නිසා මේ බත අතරමැද අවස්ථා වලදී පියන විවෘත කිරීමට සිදුවෙනවා.ඒ අනුව විනාඩි හතරකට පමණ පසු තියෙන විවෘත කර කරදමුංගු ,ලුණු ,රම්පෙ දමා හොඳින් කලවම් කර තියෙන් වසා තබන්න.ඉන් පසු මෙම කහ බත හොඳින් පිස ගත් පසු ව රයිස් කුකර් එක keep warm option එකේ ටික වෙලාවක් තබා ආහාරයට ගන්න.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

2777 Views

Comments

arrow-up