අයිසින් වර්ග හදමු-1

කේක් වර්ග හදන්න වැඩි දෙනෙක් හරිම කැමති. විවිධ රසට හදන කේක් තවත් රස කරන්න අයිසින් වර්ග යොදා ගන්නවා. විවිත අයිසින් වර්ග කිහිපයක් තියෙනවා. ඒවා එක් එක් අවස්ථාවන්වලදී යොදා ගන්න විදිය එකිනෙකට වෙනස් වෙනවා. අයිසින් එකක් හදාගන්න කොට අයිසින් සීනි එක හොඳට හලා ගන්න මතක තියාගන්න ඕන. සමහර වෙලාවට අයිසින් වල කැට හිටිනවා .කේක් වර්ග ලස්සන කරන රස කරන බටර් අයිසින් හදාගන්නේ කොහොමද කියලා අපි බලමු.
බටර් අයිසින් එක කප් කේක් හදන කොට උපන්දින කේක් හදන කොට වැඩිපුරම යොදා ගන්නවා. බටර් අයිසින් එක වර්ග තුනකට සකස් කර ගන්න පුළුවන්. ඒ බේසික් බටර් අයිසින් බටර් ක්‍රීම් සහ හාඩ් බටර් අයිසින් විදියට. මේ තුන සකස් කරගන්න ක්‍රම වෙනස් වගේම පාවිච්චි කරන ආකාරයත් වෙනස් වෙනවා.
බේසික් බටර් අයිසින්
කේක් එකක් හදපුවාම ඒක වටේ කවර් කරන්න යොදාගන්නේ මේ අයිසින් වර්ගය. ඒ වගේම ලේයර් කේක් එකක් හදන කොට ඒක මැදට පාවිච්චි කරන්නෙත් බේසික් බටර් අයිසින් එක. ඊට අවශ්‍ය වෙන්නේ
*බටර් ග්‍රෑම් 150ක්
*අයිසින් සීනි ග්‍රෑම් 300ක්
* කිරි මේස හැදි දෙකක්
මුලින්ම බටර් ටික බෝල් එකකට දාලා බීට් කරගන්න ඕනි. ඊට පස්සේ අයිසින් සීනි වලින් බාගයක් එක් කර නැවත බීට් කර ගන්න ඕන. කිරි සහ ඉතිරි අයිසින් එක්ක අවශ්‍යනම් වැනිලා හෝ වෙනත් කලරින් වර්ග එකතු කර නැවත බීට් කරගෙන මේ බේසික් බටර් අයිසින් එක සකස් කර ගන්න පුළුවන්.
බටර් ක්‍රීම්
බටර් ක්‍රීම් එක වැඩි වශයෙන් පාවිච්චි කරන්නේ කප් කේක් එකක් වගේ උඩින් තවරන්න. දියාරු අයිසින් එකක් නිසා කේක් වර්ග සැරසීමට මේක වැඩිය යොදා ගන්න අමාරුයි. මේක සකස් කරන්නත් කලින් පාවිච්චි කරපු බටර් අයිසින් ප්‍රමාණ වලටම කිරි මේස හැඳි හතරක් එකතු කරන්න අවශ්‍ය වෙනවා. කිරි ටිකක් වැඩිපුර එකතු කරන නිසා තමයි දියාරු ගතිය වැඩිපුර එන්නේ. බටර් ටික බෝල් එකකට දාලා බීට් කරගෙන අයිසින් සීනි වලින් බාගයක් එක්ක කර නැවත බීට් කරගෙන කිරි ඉතුරු අයිසින් සීනි එකතු කරලා මේ බටර් ක්‍රීම් එක සකස් කර ගන්න පුළුවන්.
හාඩ් බටර් අයිසින්
හාඩ් බටර් අයිසින් එක පාවිච්චි කරන්නේ කේක් වලට එක ලස්සන කරන්න පොඩි පොඩි මල් මෝස්තර වගේ දේවල් වලට. මේ අයිසින් එකේදි වෙනස් වෙන්නේ අයිසින් සීනි ප්‍රමාණය. බටර් කප් එකකට අයිසින් සීනි කප් පහක් සමග කිරි තේ හැඳි දෙකක් මිශ්‍ර කරල කලින් වගේම මේ අයිසින් එක සකස් කර ගන්න පුළුවන්. තවත් අයිසින් වර්ග කීපයක්ම තියෙනවා. ඒ පිළිබද ඉදිරි ලිපියකින් දැනුවත් වෙමු.
by Dilki Shamani
Photo Source: Internet
2259 Views
Comments