රස මාළු අච්චාරු

මුහුදු මාළු කන්න ලොකු පොඩි කවුරුත් කැමති. හැම වෙලාවෙම මාළු යොදාගෙන රසවත් කරි බැදුම් වර්ග තමයි අපි හදන්න වැඩිපුරම උත්සාහ කරන්නේ. මුහුදු මාළු කෑමට රුචියක් දක්වන ඔබට විවිධ මාළු යොදාගෙන රසවත් අච්චාරු ගන්න පුළුවන්.
දැල්ලන් අච්චාරු
දැල්ලන් භාවිතයෙන් රසවත් අච්චාරුවක් සාදා ගන්න හරිම පහසුයි. ඊට අවශ්‍ය වෙන්නේ
• දැල්ලන් ග්‍රෑම් 250ක්
• රතුලූනු ග්‍රෑම් 100 ක්
• අමුමිරිස් කරල් හයක්
• අබ ඇට තේ හැඳි දෙකක්
• ගම්මිරිස් ඇට තේ හැඳි එකක්
• මිරිස් කුඩු තේ හැඳි එකක්
• කුරුඳු පොතු කෑල්ලක්
• කොත්තමල්ලි ඇට තේ හැදි එකක්
• විනාකිරි මේස හැදි දෙකක්
• බැදීමට තෙල්
සාදන ක්‍රමය
දැල්ලන් සුද්ද කර සෝදා දිග තීරු කපා විනාඩි දෙක තුනක් තෙලෙන් බදින්න.එය පරිස්සමෙන් කළ යුතුයි. අමුමිරිස් දෙකට පලා එයද තරමක් බැදගන්න. ලූණු පොතුහැර එයද තරමක් බදින්න. අබ ගම්මිරිස් කොත්තමල්ලි විනාකිරෙන් අඹරාගන්න. බැදගත් ද්‍රව්‍ය සහ අඹරාගත් දෑ එකට අනාගන්න. දැන් මෙය ලිප තබා රස අනුව ලුණු සීනි එක්කර විනාඩි 5ක් පමණ තබා ලිපෙන් බා ආහාරයට ගන්න.
ඉස්සන් අච්චාරු
ඉස්සන් හැමදාම කරි එක තෙම්පරාදුව විදිහට රස බලලා තියෙනවා. ඉස්සන් කෑමට ප්‍රිය කරන කෙනෙක්ට වෙනස්ම ආකාරයකට ඉස්සන් අච්චාරුව රස බලන්න පුළුවන්. ඊට අවශ්‍ය වෙන්නේ
* ඉස්සන් ග්‍රෑම් 500ක්
* සිහින්ව ලියාගත් රතුලූනු ග්‍රෑම් දෙසීයක්
*සිහින්ව ලියාගත් අමූමිරිස් ග්‍රෑම් 50 *කපාගත් තක්කාලි ගෙඞි එකක්
*සීනි තේ හැඳි එකක්
* බැදීමට තෙල්
* පදමට ලුණු
*කුරුදු පොතු කැබලි දෙකක්
*එනසාල් ඇට තුනක්
සාදන ක්‍රමය
ඉස්සන් සෝදා පොතු ඇර සුද්ද කරගෙන රත් වූ ගැඹුරු තෙලෙහි බැදගන්න. දැන් මැටි වළඳක් ලිප තබා එයට තෙල් ටිකක් දමා ඊට අමුමිරිස් රතුළූණු අඹරාගත් අබ ගම්මිරිස් විනාකිරි තක්කාලි දමා හොඳින් තෙම්පරාදු කරගන්න. ඉන්පසු එයට බැදගත් ඉස්සන් ලුණු සීනි එක්කර කලවම් කරගෙන බාගන්න. අවසානයේ කුරුදු පොතු හා එනසාල් කුඩු එකතු කරන්න. දැන් හොදින් මිශ්‍රකර සංග්‍රහයට ගන්න.
ඔය විදිහට මුහුද මාළු යොදාගෙන විවිධ රසට අච්චාරු වර්ග විවිධ මාළු වර්ග වලින් රස බලන්න පුළුවන්. හැමදාම හදන මාලු කරි එක මාළු තෙම්පරාදු වූ විට වෙනුවට වෙනස් විදිහට මාළු අච්චාරු හදලා රස බලන්න ගෙදරදීම මේ රෙසිපි හදලා බලන්න.
by Dilki Shamani
Photo Source: Internet
842 Views
Comments