සෑන්ඩ්විච් වර්ග
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
13

සෑන්ඩ්විච් වර්ග

සෑන්ඩ්විච් වර්ග

ඇවකාඩෝ සැන්ඩ්විච්

නම ඇහුවම ඔයාලට හිතෙනවා ඇති මේ මොනවාද කියලා. ඔව් ඔයාලා හරි අලිගැටපේර. මේක හදන්නෙ අලිගැටපේර වලින් තමා. අපට නුපුරුදු වුනාට මේක රසවත් ඒ වගේම ගුණයෙන් ඉහළ සෑන්ඩ්විච් වර්ගයක්.

හදලා බැලුවොත් ඔයාලා හැමදාම හදයි. එහෙනම් බලමුකො අපි කොහොමද හදන්නේ කියලා..

අවශ්‍ය දෑ,

සැන්ඩ්විච් පාන් ගෙඩියක් හොඳින් ඉදුණු අලිගැටපේර ගෙඩියක්
තක්කාලි ගෙඩියක්
ලොකු ළූණු ගෙඩියක් මෙයොනීස් සෝස්
අබ ක්‍රීම්
ගම්මිරිස් කුඩු
සලාද කොළ

සාදන ආකාරය,

මුලින්ම පාන් පෙති දෙකක් අරන් ඒවයෙ ඇතුල් පැත්තෙ හොඳට මෙයොනීස් සෝස් ගාගන්න.ඊට පස්සෙ ඒකට උඩින් අබ ක්‍රීම් එකත් ගාගන්න. (මුලු පාන් පෙත්තේම එක හා සමාන වන පරිදි ගෑවෙන්න ඕන)

දැන් මේකට ගම්මිරිස් කුඩු ටික ටික ඉසගන්න. වැඩි සැරට කැමති අයට ටිකක් වැඩිපුර ගම්මිරිස් යොදා ගන්නත් පුලුවන්. ඊට පස්සෙ සලාද කොළ පෙති දෙකේම වෙන් වෙන්ව උඩින් තියලා හීනියට පෙති කපා ගත් තක්කාලි එයට උඩින් අතුරගෙන ඊට උඩින් ලූණු හීනියට පෙති වගේ කපලා තියාගන්න.

දැන් අලිගැටපේර ගෙඩිය සුද්ද කරලා හීනි පෙති කපලා පාන් පෙත්තෙන් තියලා අනික් පෙත්තෙන් වහලා මේසයට පිලිගන්වන්න. ආහාරයට ගන්න. වෙනස්ම රසයක් ගෙන ඒවි.

 

 

 


චීස් සැන්ඩ්විච්

පොඩ්ඩෝ නම් ගොඩක් ආස කෑමක් තමයි චීස් සැන්ඩ්විච්. ඒකත් මෙන්න මෙහෙම හදලා දුන්නොත් එයාලා හැමදාම ඔයාගෙන් ඉල්ලයි.

අවශ්‍ය දෑ,

සැන්ඩ්විච් පාන් පෙති 4ක්
ග්‍රේට් කරගත් චීස් ග්‍රෑම් 50ක් බටර් ග්‍රෑම් 10ක්
අබ ක්‍රීම් ස්වල්පයක්
තක්කාලි ගෙඩි 1ක්
සලාද කොළ

සාදන ආකාරය,

පළමුව සැන්ඩ්විච් පාන් පෙති 4 ටෝස්ට් කරගෙන පාන් පෙත්තේ එක් පැත්තක බටර් හා අබ ක්‍රීම් ගාගන්න. ඊට පස්සෙ එයට ග්‍රේට් කරගත්තු චීස් ටිකක් පාන් පෙත්තේ අතුරගෙන ඒක උඩින් සලාද කොළයක් තියන්න.

දැන් අනික් පාන් පෙත්තෙන් වහගන්න. දැන් ඉතින් මේක පිළිගන්වන්නයි තියෙන්නෙ.

රසම රස සෑන්ඩ්විච් වර්ග දෙකක්ම ඉතා පහසුවෙන් හා ඉක්මනින් හදාගන්න.

 

 

by Kaushalya De Silva

Photo Source: Internet

views

905 Views

Comments

arrow-up