කස්ටඩ් ලෙමන් පයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
13

කස්ටඩ් ලෙමන් පයි

කස්ටඩ් ලෙමන් පයි

අපි ගොඩක් දෙනෙක් අතුරුපස ට ගන්නෙ අයිස්ක්‍රීම්, ෆෘට් සැලඩ් වගේ ලේසි දේවල් නෙ. එහෙමත් නැත්නම් කඩෙන් ගෙනත් දෙනවා.

අද අපි ඔයාලගේ කුස්සියට තවත් ඩෙසර්ට් වර්ගයක් ගෙනාවා. වෙලාවක් ගියත් රසට ගෙදර කෑමක් හැදුවම ඒකෙන් දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. මේ උත්සව සමයේ ගෙදර හැමෝම එක්ක රස විදින්න මේ අතුරුපස අනිවාර්යයෙන්ම හදන්න.

කස්ටඩ් ලෙමන් පයි

අවශ්‍ය ද්‍රව්‍ය,

- ඔබ කැමති බිස්කට් වර්ගයක් ග්‍රෑම් 200 ක් ( මාරි / ක්‍රීම් ක්‍රැකර් වගේ බිස්කට් කුඩුකරලා ගන්න)
- ලෙමන් යුෂ කෝප්ප 1/2 ක්
- ලෙමන් කොඩියල් මේස හැදි 1 ක්
- මාගරින් ග්‍රෑම් 75 ක්
- සීනි කෝප්ප 1 1/2 ක්
- කෝන් පිටි 1 1/2 ක්
- බිත්තර 2 ක්
- උණු වතුර කෝප්ප 1/2 ක්
- කහ කලරිං බිංදු කිහිපයක්

 

සාදාගන්නා ආකාරය,

ඉස්සෙල්ලාම බිස්කට් කුඩු ටිකත් මාගරින් ටිකත් හොඳින් එකට මිශ්‍ර කරන්න ඕනි. අගල් 1 1/2 ක පමණ ගැඹුරු බදුනක් ගෙන එම බදුනේ අඩියට මිශ්‍රණය දමා හොඳින් වටේට හැන්දකින් තදකරගෙන ශීතකරණයේ ඝණ වන තෙක් තබන්න.

දැන් භාජනයක් ගෙන එයට සීනි, කෝන් පිටි සහ බිත්තර දමා හොඳින් කලවම් කරගන්න. එයටම ලෙමන් යුෂ ටිකත්, වතුරත් දමා ඝනකම් පෙස්ට් එකක් වනතුරු හොඳින් උණු කරගන්න.

 


එය ලිපෙන් ඉවතට ගෙන බටර් ටික දමා හැදි ගා නිවුණු පසු කහ පාට කලරිං ස්වල්පයක්, ලෙමන් කෝඩියල් මේස හැන්දක් සහ වතුර තේ හැන්දක් මිශ්‍ර කරන්න. දැන් ශීතකරණයේ ඇති බදුන අරගෙන එයට මෙම සාදාගත් මිශ්‍රණය දමන්න.

නැවතත් ශීතකරණයේ තබා සීතල වූ පසු දීසියකට අනෙක් පැත්ත හරවා. මේසයට පිලිගන්වන්න.

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

578 Views

Comments

arrow-up