රසම රස මෝජු වර්ග

මෝජු කිව්වම මතක් වෙන්නෙ වම්බටු මෝජු නේ? උත්සවයක් නම් අනිවාර්යයෙන්ම ඕනෑම ගෙදරක මෝජු හදනවාමයි.
හැමදාම හදන වම්බටු මෝජුව වෙනුවට මේ මෝජු වර්ග හදලා මේසයට පිලිගන්වන්න.
ඇපල් අන්නාසි මෝජු
අවශ්‍ය දෑ,
ඇපල් 100g
අන්නාසි 100g
අමුමිරිස් කරල් 4ක් හෝ 5ක් අඹරාගත් අබ මේස හැදි 1 ක් මිරිස් කුඩු තේ හැදි 1 ක් විනාකිරි කෝප්ප බාගයක්
සීනි මේස හැදි 1 ක්
අඹ චට්නි මේස හැදි 1 ක් අවශ්‍ය ප්‍රමාණයට ලුණු
සාදන ආකාරය
පළමුව අන්නාසි හා ඇපල් කුඩාවට කොටු හැඩයට කපාගන්න. නැත්නම් සිහින්ව දිගට කපාගන්නත් පුලුවන්. ඉහත කී සියලු අමුද්‍රව්‍ය එකතු කර හොදින් කලවම් කර මේසයට පිලිගන්වන්න. රසවිදින්න.
කැරට් මෝජු
අවශ්‍ය දෑ,
කැරට් 200g
මාළුමිරිස් කරල් 2 ක් හෝ 3ක්(දිගටි පෙති කපාගත්) අමුමිරිස් කරල් 3ක් හෝ 4ක්(දිගටි රවුමට කපාගත්) රතුලූනු 50g
අඹරාගත් අබ තේ හැදි 2 ක් මිරිස් කුඩු තේ හැදි 1 ක්
චට්නි මේස හැදි 1 ක්
සීනි මේස හැදි 2 ක්
ලුණු අවශ්‍ය ප්‍රමාණයට විනාකිරි අවශ්‍ය ප්‍රමාණයට
සාදන ආකාරය,
කැරට් අගල් 1ක් පමණ දිගට සෙන්ටිමීටරයක් පමණ පළලට සිහින්ව කපාගන්න. එයට විනාකිරි, වතුර, සීනි, ලුණු එකතුකර හොදින් තම්බාගන්න.
මාළුමිරිස්, අමුමිරිස්, ළූණු ටිකද තම්බා ගෙන වෙනම තබාගන්න. භාජනයක් අරගෙන එයට අබ, මිරිස් කුඩු, චට්නි, සීනි අවශ්‍ය ප්‍රමාණයට ලුණු සහ විනාකිරි එකතුකර එයට තම්බා ගත් කැරට් සහ ලූනු අමුමිරිස්, මාළුමිරිස් එකතු කරගන්න.. පිලිගන්වන්න...
පොලොස් මෝජු
අවශ්‍ය දෑ,
පොලොස් 200g
අවශ්‍ය ප්‍රමාණයට හාල්මැස්සන්
මාළුමිරිස් කරල් 2ක් හෝ 3ක් (රවුමට කපාගෙන)
අමු මිරිස් කරල් 3ක් හෝ 4ක්(මැදින් දෙකට පලාගන්න) ලූනු 50g( දිග අතට කපාගෙන )
අඹරාගත් අබ තේ හැදි 2 ක් මිරිස් කුඩු තේ හැදි 1 ක්
අඹ චට්නි මේස හැදි 2 ක්
සීනි මේස හැදි 2 ක්
ලුණු අවශ්‍ය ප්‍රමාණයට විනාකිරි අවශ්‍ය ප්‍රමාණයට
සාදන ආකාරය,
පොලොස් අගල් 1/2 ක් වන සේ කොටු ආකාරයට කපාගන්න. එයට විනාකිරි, වතුර, සීනි , ලුණු එකතුකර හොදින් තම්බාගන්න. මාළුමිරිස් , අමුමිරිස් , ලූනු ටිකද තම්බා පසෙකින් තබන්න.
භාජනයක් ගෙන එයට අබ, මිරිස් කුඩු, චට්නි, සීනි, අවශ්‍ය ප්‍රමාණයට ලුණු සහ විනාකිරි එකතු කර එයට තම්බා ගත් පොලොස් සහ ලූනු, මාළුමිරිස් , අමුමිරිස් එකතු කරන්න.
පිලිගන්වන්න...
by Kaushalya De Silva
Photo Source: Internet
1297 Views
Comments