පොටේටො කේක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
13

පොටේටො කේක්

පොටේටො කේක්

අර්තාපල් කිවුවම ගොඩක් දෙනෙක් උයලා තෙල් දාලා තමයි කන්න පුරුදු වෙලා තියෙන්නෙ. ඒ අතරේම රසකැවිලි වර්ග කීපයක් හදන්නත් පුලුවන්. අද මම ඔයාලට අර්තාපල් කේක් ( පොටේටො කේක්) හදන හැටි කියන්නම්.

මේ දවස් වල ගෙදර වැඩිපුරම වියළි ආහාර ද්‍රව්‍ය තියෙන නිසා අර්තාපල් අල අනිවාර්යයෙන්ම ඇති. ඒ නිසා අපි මේ කෑමත් හදලා බලමු. කැමති නම් බතල වගේ වෙනත් අල ජාතියකුත් අරගෙන හදලා බලන්න.

අවශ්‍ය දෑ,

පොල් කිරි කෝප්ප 1 යි
මධ්‍යම ප්‍රමාණයේ අර්තාපල් ගෙඩි 2 ක්
ලුණු තේ හැන්දක්
බිත්තර 2 යි
පිටි කෝප්ප 1 යි
සීනි 1/4 කෝප්පයක්
බටර් හෝ මාගරින් මේස හැදි 1 යි.
සීතල වතුර ස්වල්පයක්
උණු වතුර ස්වල්පයක්

සාදන ආකාරය,

ගාගත් පොල් සහ උණුසුම් ජලය මිශ්‍රකර බඳුනකට දමා විනාඩි 20 ක් පමණ තිබෙන්නට හරින්න. ඉන්පසුව භාජනයකට ඔබට හැකි තරම් අතින් මිරිකා, පොල් වලින් කිරි මිරිකා ගන්න. කැමති නම් බ්ලෙන්ඩර් කර ගැනීමටත් පුලුවන්.

පොල් ටික වතුරේ තිබෙන විනාඩි කිහිපය ඇතුළත අපි අර්තාපල් අල ටික සකස් කරගනිමු. පළමුව ඒවා සෝදා ඉන්පසු පීලරයකින් පීල් කර පොත්ත ඉවත් කරගන්න.

ඊළඟට ඔබට කෝප්ප 1 1/2 ක් ලැබෙන තුරු අඟල් 1 ක් පමණ විශාලත්වයෙන් අර්තාපල් කැට කපාගන්න. ඒවා සාස්පානක් තුළට දමා අර්තාපල් වලට වඩා අඟල් 2 ක් පමණ සීතල වතුර වත් කරන්න.

ලුණු තේ හැදි 1 ක් එකතු කර අර්තාපල් විනාඩි 10 ක් පමණ මධ්‍යම ගින්දරෙන් තම්බා ගන්න. දැන් මේ අර්තාපල් අල ටික වතුරෙන් ඉවතට ගෙන පෙරනයක් තුළට දමන්න.

භාජනයයේ ජලය ඉවත් කර අර්තාපල් නැවත භාජනය තුළට දමන්න. අර්තාපල් සිනිඳු හා ගැටිති නොවන තෙක් හොදින් පොඩි කරගන්න.

 

 

 


බිත්තර 1 ක් සැහැල්ලුවෙන් බීට් කරගන්න. මෙයට බීටරයක් භාවිතා කරන්නත් පුලුවන්. බිත්තර සමග පොඩි කළ අර්තාපල්ද දෙමා හොදින් බීට් කර පිටි අඩක් එකතු කරගන්න.

අන්තිම බිත්තරය එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පසු ඉතිරි පිටි, ඉන්පසු පොල් කිරි, ඉන්පසු ලුණු හා සීනි පිළිවෙළින් කියූ ආකාරයෙන් එකතු කර මිශ්‍ර කරගන්න.

භාජනයකට බටර් දමා මධ්‍යම තාපයකින් රත් කරගන්න. බටර් හොදින් දියවන තුරු ඉන්න. හැන්දකින් මිශ්‍රණයෙන් කොටස් වශයෙන් ගෙන මදක් තුනී කරමින් පෑන් කේක් සාදන ආකාරයටම බටර් වලින් දෙපැත්ත හොදින් බැදගන්න. වරකට ප්‍රමාණයෙන් කුඩා කේක් 4 ක් පමණක් සාදන්න.

කේක් එක් පැත්තකින් දුඹුරු වූ විට, ඒවා පෙරළා එම පැත්තත් දුඹුරු වන තෙක් රැඳී සිටින්න. සියල්ලම ඒ ආකාරයෙන් සකස් කරගන්න.

ඔබට අද සහ තවත් දවසකත් පොටේටො කේක් සෑදීමට අවශ්‍ය නම්, තදින් ආවරණය කර ඇති වීදුරු භාජනයකට මිශ්‍රණය දමා ශීතකරණය තුළ ගබඩා කරන්න.

පොටේටො කේක් උණුසුම්ව තිබියදීම ඔබ ඒවා ආහාරයට ගත යුතුය. ඔබ කැමති නම් බටර් හෝ මාගරින් සහ දුඹුරු සීනි හෝ පැණි, මේපල් සිරප් සමඟ පිලිගන්වන්න.

 

 

by Kaushalya De Silva

Photo Source: Internet

 

views

571 Views

Comments

arrow-up