ඕටස් කිරි - Oats Milk
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
25

ඕටස් කිරි - Oats Milk

ඕටස් කිරි - Oats Milk

අද අපි ඔයාලට කිරි වෙනුවට භාවිතා කළ හැකි පෝෂණයෙන් පිරි ආදේශකයක් අරගෙන ආවා. ඔබ සෝයා කිරි හා එයින් සාදන සෝයා අයිස්ක්රීම් ගැන අහලා ඇති, දැකලා කාලත් ඇති. මේ වගේම පෝෂණයෙන් ඊටත් ඉහළ කිරි වර්ගයක් තමයි ඕට්ස් කිරි කියන්නේ. කිරි වෙනුවට , චොකලට් ඩ්රින්ක් එකට උණු උණුවෙන් හෝ සීතලෙන් සකස් කළ හැකි සෝයා කිරි වලට වඩා ක්රීම් ගතිය වැඩි මෙය සකස් කර පානය සඳහා ගත හැකියි. ඕට්ස් කිරි අපි භාවිතා කරන්නේ ඇයි ? ඕට්ස් වලටම ආවේණික වූ පැණි රසක් මෙන්ම සෝයා කිරි වලටත් වඩා ඉතා රසවත් හා පෝෂණ ගුණයෙන් ඉතා ඉහළ නිසා. සාමාන්යයෙන් මෙය ශාඛමය ආහාරයක් නිසා බොහෝ සත්ව කිරි පානය කරන්නන් පවා මේ කිරි පරිභෝජනයට ප්රියතාවයක් හා වැඩි වශයෙන් යොමු වීමක් දකින්නට ලැබෙනවා. මෙම ඕට්ස් කිරි ආසාත්මිකතාවයන්ට හිතකර වන අතරම පරිසර හිතකාමී ආදේශකයක් ලෙසද හදුන්වන්නට පුළුවන්.

 

අවශ්‍යය ද්‍රව්‍ය,

- ඕට්ස් කෝප්පයක්

- අයිස් වතුර කෝප්ප 04 ක්

- මේපල් සිරප් , මී පැණි හෝ ගෝල්ඩන් සිරප් හෝ වෙනත් රස කාරකයකින් තේ හැඳි 02 ක්

- වැනිලා තේ හැඳි 01 ක්

- ලුණු තේ හැඳි 1/4 ක්

 

 කැමති නම් පමණක් කුරුදු කුඩු තේ හැඳි 01 ක් හෝ කොකෝවා පවුඩර් තේ හැඳි 02 ක් යන එක් වර්ගයක් වෙනසකට එක් කරගන්න.

 

 

සාදාගන්නා ආකාරය,

 

බ්ලෙන්ඩරයට මුලින්ම ඕට්ස් ටික හා අයිස් වතුර ටික දමා ගන්න. වතුර සිසිල් මදි නම් අයිස් කැට ටිකක් බ්ලෙන්ඩරයට දමා ගන්න. එවිට ඕට්ස් වල ඇලෙන උකු ගතිය නැති වේ. ඔබ කැමති රසකාරකයක් මෙයට එකතු කරන්න. තත්පර 20 - 30 ක් පමණ බ්ලෙන්ඩර් කරගන්න. ඕනවට වඩා බ්ලෙන්ඩර් කරගන්නත් එපා. එවිටද ඇලෙන උකු ගතියක් ඇති වීමට ඉඩ ඇති නිසාවෙනි. දැන් පිරිසිදු කපු රෙද්දකට මෙම මිශ්රණය දමා ඉතා ප්රවේශමෙන් මිරිකන්න. ගොඩක් අත තද කරමින් මෙය සිදු කරන්නත් එපා එවිටත් මෙය උකු ඇලෙන සුළු ගතියක් ඒවි. කුඩු ගතිය වැඩි නම් නැවතත් දෙවෙනි වරට පෙරා ගන්න. බෝතලයකට දමා මේ කිරි සතියක් පමණ ශීතකරණයේ කල් තබා ගත හැකියි. භාවිතා කිරීමට පෙර බෝතලය හොඳින් සොලවා ගන්නත් අමතක නොකරන්න.

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo Source : Internet

views

842 Views

Comments

arrow-up