එක එක රස සීනිසම්බෝල
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
19

එක එක රස සීනිසම්බෝල

එක එක රස සීනිසම්බෝල

සීනි සම්බෝල කිව්වාම ලූනු තෙල් දාල හදන රසට හදන සීනි සම්බෝලය ඔබට මතක් වෙනවා ඇති. නමුත් එක එක රසට සීනි සම්බෝල හදන්න පුළුවන්.කෑම වේලක් පරාස කරන්න මේ විදියට එක එක රසයන්ගෙන් එළවළු යොදාගෙන රසට හදපු සීනි සම්බෝල කියන්නේ රසවත් විසදුමක්.

දඹල සීනි සම්බෝල

දඹල ප්‍රෝටීන් බහුල එළවළුවක්. දඹල වෑංජනයක් විදියට පමණක් නෙවේ අමුවෙන් සලාද ලෙසත් ආහාරයට ගන්න පුළුවන්. දැන් රසට දඹල සීනි සම්බෝල හදන්නත් පුළුවන්. ඊට අවශ්‍ය වෙන්නේ
*දඹල ග්‍රෑම් 300
*කරපිංචා ඉති දෙකක්
* ලූනු ග්‍රෑම් 150
*සියඹලා යුෂ මේස හැඳි දෙකක්
*සීනි මේස හැඳි එකක්
*කෑලි මිරිස් මේස හැඳි එකක්
* උම්මලකඩ කුඩු ග්‍රෑම් 50ක්
*කුරුදු පොතු කැබැල්ලක්
*එනසාල් ඇට දෙක තුනක්
* ලුණු
*බැදීමට තෙල්

සාදන ක්‍රමය
මේ සඳහා ලපටි දඹල තෝරාගෙන දෙපැත්ත කඩා සිහින්ව වෙන්වෙන්නට ලියාගන්න. ඉන් පසුව මේවා රත් වූ ගැඹුරු තෙලේ බැදගන්න. ලොකු ළූණු සිහින්ව ලියා ඒකත් රන්වන් පැහැවන සේ බැඳගෙන කරපිංචා සහ උම්බලකඩ බැදගන්න. දැන් මැටි වළඳට සියඹලා යුෂ එනසහල් කුරුදු පොතු සීනි කෑලි මිරිස් ලුණු කුඩු දමා ලිප තබා උතුරන විට බැදගත් ද්‍රව්‍ය එයට දමා හොඳින් මිශ්‍ර කර ලිපෙන් බාගන්න.

 

 

 


කතුරුමුරුංගා මල් සීනි සම්බෝල

කතුරුමුරුංගා මල්වලින් රසවත් වෑංජන මෙන්ම ඔම්ලට් වර්ගත් සකස් කරන්න පුළුවන්. ඒ වගේම එයින් සකස් කරන මේ සීනි සම්බෝලයත් හරිම රසවත්. ඊට අවශ්‍ය වෙන්නේ
* කතුරුමුරුංගා මල් ග්‍රෑම් 250ක්
*ලොකු ළූනු ග්‍රෑම් 250ක්
*උම්බලකඩ කුඩු ග්‍රෑම් 50ක්
* සියඹලා යුෂ මේස හැඳි දෙකහමාරක් *සීනි මේස හැදි එකහමාරක්
*එනසාල් ඇට දෙක තුනක්
*කුරුඳු පොතක්
* රම්පෙ කරපිංචා
*කෑලි මිරිස් මේස හැදි එක හමාරයි
* ලුණු
* බැදීමට තෙල්

සකස් කරන්නේ මෙහෙමයි
කතුරුමුරුංගා මල් වල මැද නාරටිය ඉවත් කර කැබලි වලට කඩා ගෙන ගැඹුරු තෙලේ බැදගන්න. ලොකු ලූනු සිහින්ව ලියා රන්වන් පැහැයට බැදගන්න. උම්මලකඩ රම්පෙ කරපිංචා වෙන වෙනම බැදගන්න අවශ්‍ය වෙනවා. දැන් බැදගත් සියලුම ද්‍රව්‍ය මැටි වළඳක දමා ඒ පදමට සීනි ලුණු සියඹලා යුෂ යුෂ එනසාල් කුඩු දමා ලිප තබා රත් වෙනකොට වැදගත් කතුරුමුරුංගා මල් ටික ඊට එකතු කරන්න. ඉන්පසු ලිපෙන් බා කෑමට ගන්න.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

667 Views

Comments

arrow-up