පොඩිත්තන්ට පුඩිං
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
19

පොඩිත්තන්ට පුඩිං

පොඩිත්තන්ට පුඩිං

රයිස් පුඩිම

පුංචි දරුවන් බත් කන්න හරිම අකමැතියි. ඒත් අම්මලා හැම වෙලාවෙම දරුවන්ගේ පෝෂණය ගැන හිතනවා. ඒ නිසා දරුවාට රසවත් ගුණදායි අතුරුපසක් විදියට මේ රසවත් රයිස් පුඩිම සකස් කරන්න පුළුවන්. ඊට අවශ්‍ය වෙන්නේ
* දුන් තෙල් මේස හැඳි එකක්
*කුරුදු පොතු කැබැල්ලක්
*දුඹුරු සීනි ග්‍රෑම් 175 ක්
*බෙරිකරගත් බත් ග්‍රෑම් 150
* කිරි කෝප්ප 5ක්
* කරදමුංගු කුඩු තේ හැදි එකක්
*ආමන්ඩ් ඇට, ප්ලම්ස් හා කජු ටිකක්

පළමුව බඳුනක් ලිප තබා එයට දුන් තෙල් කුරුදු සහ සීනි රන්වන් පැහැ වනතුරු රත් කර ලිපෙන් බා ගන්න. බෙරිකරගත් බත් සහ කිරි ප්‍රමාණය බාගයක්ද දමා අඩක් හිදෙන තුරු හැදි ගාමින් උණූ කරගන්න. එයට ඉතිරි කිරි ද එකතු කර එයට කරදමුංගු ප්ලම්ස් සහ ආමන්ඩ් කජු එකතු කර හැඳි ගාමින් හින්දවගන්න. මිශ්‍රණය ඝන වූ පසු ලිපෙන් බා නිවුණු පසු ශීතකරණයේ තබා සාදික්කා කුඩු ස්වල්පයක් උඩින් ඉස ආහාරයට ගන්න.

 

 

 


ස්නෝ පුඩිම


රසවත් අතුරුපසක මිහිරියාව විඳින්න කැමති කෙනෙකුට රස තේරීමක් තමයි ස්නෝ පුඩිම කියන්නේ. හැමදාම ඔබ පානය කරන එළකිරි යොදාගෙන වෙනස් ආකාරයට සකස් කරන්න පුළුවන් පුඩිමක් තමයි මේ. ඊට අවශ්‍ය වෙන්නේ
*එළකිරි හෝ කල්කිරි බෝතල් එකක් *සීනි ග්‍රෑම් 125
*කෝන් පිටි හෝ කස්ටඩ් පවුඩර් තේ හැඳි තුනක්
*ප්ලම්ස් ග්‍රෑම් 25ක්
* කජු මද ස්වල්පයක්
*බිත්තර තුනක්

මුලින්ම කරන්නේ බිත්තර සුදු මද සහ කහ මද ලෙස වෙන්කර ගන්න. දැන් සුදු මද පෙන නගින්න හොඳින් බීට් කරගන්න.ඉන්පසු ඊට සීනි එකතු කරමින් නැවතත් ක්‍රීම් එකක් වනතුරු හොඳින් බීට් කරගන්න. කල්කිරි බෝතලය බඳුනකට දමා උණු කරගන්න. දැන් බිත්තර සීනි මිශ්‍රණය එකතු කරන්න. මද වේලාවකින් කැටි ගැසීම සිදු වෙනවා. දැන් එම කැටි ගැසුණු සුදු මද වෙනත් බඳුනකට දමන්න. ඉන්පසු ඉතිරි කිරි බිත්තර කහ මද තියෙන පිටි මිශ්‍ර කර ලිප තබා උණු කරන්න. දැන් මෙය හොඳින් ඝන වූ පසු ලිපෙන් බා ඔබට අවශ්‍ය බඳුන් වලට දමන්න. අනතුරුව ඝන වූ කිරි බඳුන් වලට උඩින් කැටි කරන ලද බිත්තර සුදු මද එකතු කරන්න. දැන් ඒ අලංකාර කර ගැනීම සඳහා ප්ලම්ස් සහ කජු එක් කර ගත හැකි. ඔබට පහසුවෙන් සකස් කර ගන්න පුළුවන් හිම පුඩිම හිත මිතුරන්ට සංග්‍රහ කරලා බලන්න.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 
views

596 Views

Comments

arrow-up