ස්පයිස්ඩ් චිකන් - Spiced Chicken
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
21

ස්පයිස්ඩ් චිකන් - Spiced Chicken

ස්පයිස්ඩ් චිකන් - Spiced Chicken

මෙවර උත්සව සමය අපි සියළු දෙනාටම ගත කරන්න වෙන්නේ නිවෙස් වලට ඉඳගෙනමයි. කොහොම උනත් අපි උත්සව සමය සමරන්න කෑම මේසයට විශේෂ රෙසපියක් ගෙනාවා. උත්සව අවස්ථාවන් විතරක් නෙමෙයි ගෙදර අයට ඒ වගේම අමුත්තන්ට වගේ සංග්රහ කරන්නත් කියාපුම කෑමක්. ඉතින් මේ රෙසපිය අපි හදන්නේ චිකන් වලින්. බොහෝ දෙනා කන්න ප්රිය කරන කෑමක් තමා ස්පයිස්ඩ් චිකන් කියන්නේ. අද අපි බලමු මේ රෙසපිය හදාගන්න විදිය.

 

අවශ්ය ද්‍රව්‍ය,

 

කුකුළෙක් කිලෝ 01ක් පමණ ( සම්පූර්ණ කුකුලෙක් මේ සඳහා යොදා ගන්නවා )

- අඟලක පමණ කුරුදු පොතු කැබැල්ලක්

- කරාබුනැටි 02 ක්

- කරදමුංගු 05 ක්

- මිරිස් කුඩු තේ හැඳි 01 ක්

- අඹරාගත් ළූණු ගෙඩි 02 ක්

- තෙල් මේස හැඳි 03 ක්

- ලුණු සහ ගම්මිරිස් රස අනුව

- දෙහි යුෂ මේස හැඳි 01 ක්

- ඉගුරු පේස්ට් මේස හැඳි 1/2 ක්

- සුදු ළූණු පේස්ට් මේස හැඳි 01 ක්

- තක්කාලි සෝස් මේස හැඳි 02 ක්

- ස්වීට් චිලී සෝස් මේස හැඳි 01 ක්

- සෝයා සෝස් මේස හැඳි 01 ක්

 

සාදාගන්නා ආකාරය,

 

පළමුව සම්පූර්ණ කුකුළා ගෙන හොඳින් සෝදා පිරිසිදු කර අවශ්ය නම් සම සම්පූර්ණයෙන් ඉවත් කර භාවිතයට ගන්න. කඩවල් වලින් චිකන් සුද්ද කරලාම ගන්නත් පුළුවන්. ඉන්පසු කිචන් ටවල් හෝ පේපර් ටවල් එකක් මත තබා වැඩි වතුර ඉවත් කර ගන්න. ඉන්පසු ගෑරුප්පුවක් ගෙන කුකුළාගේ සම මත සිදුරු විදින්න. අඹරාගත් හෝ කුඩු කරගත් ගම්මිරිස් ටිකකට ලුණු හා දෙහි කලවම් කර හොඳින් කුකුළා මත තවරන්න. පදම් වීම සඳහා විනාඩි 30 ක් පමණ පසෙකින් තබන්න. ළූණු ගෙඩි 02 ක් සිහින්ව අඹරාගෙන එයට ඉගුරු පේස්ට්, සුදු ළූණු පේස්ට්, මිරිස් කුඩු හා සිහින්ව අඹරා ගත් සුවඳ කුඩු සියල්ල තෙල් මේස හැඳි 02 ක් සමඟ කලවම් කර සම්පූර්ණයෙන්ම කුකුළාගේ සම මත ආලේප කරන්න.

 

 

දැන් මෙය ශීතකරණය තුළ පැයක් පමණ ශීත වන්නට තබන්න. දැන් ඉතිරිව ඇති තෙල් මේස හැන්දට තක්කාලි සෝස්, ස්වීට් චිලී සෝස්, සොයා සෝස් කලවම් කර පසෙකින් තබන්න. පෙර පිළියෙල කරගත් කුකුළා ශීතකරණයෙන් ගෙන තැටියක තබා සෙන්ටිග්රේඩ් අංශක 200 ට රත්කර පැය 2 - 2 1/2 ත් අතර කාලයක් ඔවන් එකේ රෝස්ට් කරගන්න. දෙවනුව අපි සාදාගත් සෝස් මිශ්රණයෙන් ටික ටික පැයකට පසුව එළියට ගත් කුකුළාගේ වටේට ගාන්න. කුකුළාගේ පැත්ත පෙරලමින් හොඳින් ගාන්න. කුකුළා හොඳින් රෝස්ට් වීගෙන එන විට කූරක් ආධාරයෙන් මැද තැම්බී ඇත්දැයි ඇන බලන්න. අවසානයේ දෙහි හෝ ලෙමන් පෙති තබා පාස්ලි හෝ කොත්තමල්ලි කොළ වලින් සරසාගන්න.

 

 

 

 

 

 

by Kasuhalya De Silva

Photo source : Internet

views

552 Views

Comments

arrow-up