තක්කාලි සෝස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
21

තක්කාලි සෝස්

තක්කාලි සෝස්

අපි ගොඩක් දෙනා විවිධ සෝස් වර්ග කඩෙන් ගන්න පුරුදු වෙලා ඉන්නෙ. විශේෂයෙන්ම වැඩිපුර භාවිතා වන තක්කාලි සෝස්. ඒත් ඒ තක්කාලි සෝස් වල විවිධ වූ රසකාරක හා රසායනික ද්රව්ය එකතු කර තිබෙන නිසා පරිභෝජනයට ගැනීමෙන් නොදැනුවත්වම අපගේ සෞඛ්යයට හානි කර විය හැකියි. ඒ නිසාම අපි කඩෙන් ගන්නා මේ සෝස් වර්ගයට විකල්පයක් ලෙස නිවසේදීම සාදාගත් හැකි තක්කාලි සෝස් රෙසපියක් අරගෙන ආවා. සෝස් වල ගුණ මෙන්ම අගුණත් තිබෙනවා. මේ හදන සෝස් එකට යොදන කුළු බඩු වල ගුණය එලෙසින්ම ලැබෙන නිසා පෝෂණයෙන් නම් අඩුවක් නෑ. සීනි සහ ලුණු අන්තර්ගත වන නිසා අධික රුධිර පීඩනය , දියවැඩියාව හා හෘද රෝගීන්ට නිසා එතරම්ම සුදුසු වන්නේ නෑ. උෂ්ණාධික රෝගීන්ට මෙය තරමක් නුගුණ වනවා. ඒ නිසා ඒ අය සතියකට දෙපාරක් පමණ පරිභෝජනය ප්රමාණවත්. පුරස්ථි ග්රන්ථි පිළිකා හැදුණු පිරිමින් වැඩි කලක් ජීවත් වීමට මෙම සෝස් අන්තර්ගතය බටහිර වෛද්ය විද්යා පර්යේෂණයන් වලින් තහවුරු කරගෙන තිබෙනවා. වසක් විසක් නොමැති ගුණදායික තක්කාලි සෝස් එකක් ගෙදරදිම හදාගන්න විදිහ අද අපි කියලා දෙනවා.

 

අවශ්‍ය ද්‍රව්‍යය,

 

- හොඳට ඉදුණු ( රතු වූ ) තක්කාලි ග්රෑම් 600 ක්

- සුදු ළූණු බික් 07 ක් ( පේස්ට් එකක් ලෙස පොඩිකරගන්න )

- ලියාගත් ලොකු ළූණු ගෙඩියක්

- සීනි තේ හැඳි 06 ක්

- ලුණු ස්වල්පයක්

- විනාකිරි කෝප්ප 1/2 ක් කුළුබඩු පොට්ටනිය සඳහා,

- කරදමුංගු කරල් 06 ක්

- කරාබුනැටි කරල් 06 ක්

- කුරුදු පොතු සාමාන්යයෙන් ටිකක් ලොකු කැබැල්ලක්

- සූදුරු කුඩු තේ හැඳි 01 ක්

- මාදුරු කුඩු තේ හැඳි 01 ක්

- ගම්මිරිස් ඇට තේ හැඳි 02 ක්

 

 

සාදාගන්නා ආකාරය,

 

තක්කාලි ගෙඩි සොදා හොඳින් පිරිසිදු කර කැබලි කපා ගන්න. පියනකින් වැසිය හැකි භාජනයකට දමා එයට ලියාගත් ළූණු හා තලාගත් සුදු ළූණු දමා පියන වසා පැය 1/2 ක් පමණ මද ගින්නේ පිස ලිප නිවා නැවතත් පියන නොඇරම තවත් පැය කාලක් පමණ නිවෙන්නට හරින්න. හොඳින් නිවුණට පසු පියන ඇර තක්කාලි පොතු ඇත්නම් එය ගෑරුප්පුවකින් ඉවත් කර ඉන්පසු පෙනේරයකින් හොඳින් පෙරා ගන්න. ඉතා මෘදු වූ පේස්ට් එකක් ලැබෙනවා. දැන් මේ පේස්ට් එක භාජනයකට දමා ලුණු , සීනි හා විනාකිරි දමන්න. හොඳින් කලවම් කරන්න. මේ සඳහා ලී හැන්දක් භාවිතා කිරීම වඩාත් සුදුසුයි. දැන් එයට පිරිසිදු කපු රෙද්දක් භාවිතා කරගනිමින් සකස් කරගත් කුළුබඩු පොට්ටනිය මෙම තක්කාලි මිශ්රණයට දමා භාජනය ලිප තබා රත්කරන්න. මේ පේස්ට් එක හොඳින් නටන තුරු හැඳිගාන්න. විනාඩි 20 ක් පමණ හොඳින් නැටවුණු පසු ලිපේ ගින්දර අඩු කරමින් තවත් විනාඩි 20 ක් පමණ පිසගන්න. ඒ විනාඩි 20 ගිය පසු ලුණු සහ සීනි රස ප්රමාණවත්ද යන්න බලා තක්කාලි සෝස් එක ලිපෙන් බා ගන්න. පොට්ටනිය මිරිකා ඉවත් කර හොඳින් නිවෙන්නට හැර ජීවානුහරණය කළ බෝතලයකට දමා ශීතකරණයේ තබා අවශ්ය වේලාවට මෙය භාවිතා කරන්න.

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

939 Views

Comments

arrow-up