කඩල පැටිස්

අද අපි ඔයාලට තේ මේසයට තවත් වෙනස් රෙසපියක් අරගෙන ආවා. මෙහි විශේෂත්වය වන්නේ සාමාන්‍යයෙන් උත්සව අවස්ථාවකදී සාදන පැටිස් වර්ගයට වඩා වෙනස් වීමත්, පෝෂණ ගුණය අතින් ඉතාමත්ම ඉහළ වීමත් ය.
කඩලවල විටමින්, ඛනිජ ලවණ හා තන්තු වලින් පොහොසත් වන අතර, ආහාර ජීරණය පහසු හා ක්‍රමවත් කිරීම, බර මනාව කළමනාකරණය කිරීම මෙන්ම රෝග කිහිපයක අවදානම අඩු කරලීමට කඩල වලට හැකියාව තිබෙනවා.
මීට අමතරව කඩල වල ඇති ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණය නිසා සත්ත්ව ආහාර වලට හොඳ ආදේශකයක්ද වනවා. කඩල නොකන අයට පවා කන්න ආස හිතෙන මේ කඩල පැටිස් එක ඔයාලත් නිවසේදීම හදලා බලන්න.
අවශ්‍ය ද්‍රව්‍ය,
- තිරිඟු පිටි කෝප්ප 1/2
- මාගරින් මේස හැඳි 04 ක්
- රස අනුව ලුණු
- යීස්ට් මේස හැඳි 01 ක්
- කඩල කෝප්ප 01 ක් ( රාත්‍රියේ පෙගෙන්නට හැර පසුදින තම්බා ගන්න )
- සිහින්ව ගාගත් පොල් කෝප්ප 1/2 ක්
- සීනි කෝප්ප 1/4 ක්
-කුඩු කරගත් කුරුදු කුඩු තේ හැඳි 01 ක්
- බැද ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට තෙල්
සාදාගන්නා ආකාරය,
භාජනයකට පිටි , ලුණු සහ මාගරින් මේස හැඳි 03 ක් පමණ එකතු කර යීස්ට් ටිකට උණුවතුර ස්වල්පයක් දමා කලවම් කර එයත් පිටි ටිකට දමා හොඳින් මිශ්‍ර කර අත් ගසන්න. හොඳින් මෘදු පිටි මෝලියක් එනතුරු අත් ගැසිය යුතුයි.
ඊළඟට මෙම පිටි මෝලිය කොටස් 12 කට වෙන් කර කුඩා බෝල සාදාගන්න. තෙත රෙදි කඩකින් හෝ ක්ලින් රැප් එකකින් වසා පැයක් පමණ පිපෙන්නට තබන්න.
තවත් භාජනයක් ගෙන ඉතා අඩු ගින්දරේ රත් කර එයට සීනි ටික යෝදා විනාඩියක් පමණ සීනි රන්වන් පැහැය වන විට එයට ගාගත් පොල් ටික එකතු කරන්න. හොඳින් විනාඩි 02 - 03 ක් පමණ කලවම් කරන්න.
ඉතිරි මාගරින් මේස හැන්දත්, කුරුදු කුඩු ටිකත් දමා කලවම් කරමින් එයට තම්බාගත් කඩල ටික එකතු කර හොඳින්ම කලවම් කරන්න. දැන් මෙම මිශ්‍රණය ලිපෙන් ඉවත් කර නිවෙන්නට හරින්න. නිවුණු පසු එම මිශ්‍රණය බ්ලෙන්ඩරයකට දමා මදක් කැබලි වන ලෙස බ්ලෙන්ඩර් කර ගන්න.
දැන් පෙර සකස් කර ගත් පිටි බෝල ලෑල්ලක් මත තුනීකරමින් පැතලි රවුම් සකසා ගන්න. එම රවුමේ මැදට සාදාගත් මිශ්‍රණයෙන් කොටසක් දමා දෙකට නවා ගන්න. එවිට වෘත්තයක භාගයක හැඩයක් ඔබට ඒවී. ( සාමාන්‍ය පැටිස් සාදන ආකාරයටමයි ) ගෑරුප්පුවකින් වටේට තද කරමින් ගැඹුරු තෙලේ රන්වන් පාට වනතුරු බැදගන්න.
by Kaushalya De Silva
Photo source : Internet
699 Views
Comments