කොස් නූඩ්ල්ස්

මේ දිනවල කොස් බහුල කාලයක්, ඒ වගේම රටේ තියෙන තත්ත්වයත් එක්ක ගෙදරම ඉදන්, හැමදාම බත් කන එකේ පෝෂණ ගුණයෙන් ඉහළ ආහාර වේලක් වගේම වෙනසකටත් එක්ක කොස් වලින් හදාගෙන ආහාරයට ගනිමු...
අවශ්‍ය දෑ,
ඉතාමත් සිහින්ව පටි ආකාරයට ලියාගෙන හුමාලෙන් තම්බා ගත් කුඩා කොස් කැබලි
සිහින්ව කපා ගත් කැරට්
සිහින්ව කපා ගත් ලීක්ස්
සිහින්ව කපා ගත් ගෝවා
කුඩා කැබලිවලට කපාගත් මාලුමිරිස්
සිහින්ව කපා ගත් බෝංචි
කුඩාවට කපාගත් ළූණු
සුදු ළූණු බික් දෙක තුනක්
ලුණු ස්වල්පයක්
ගම්මිරිස් ස්වල්පයක්
චීස් කැබැල්ලක්
බිත්තර 02ක්
මාගරින්
කරපිංචා
සාදන ආකාරය,
මුලින්ම හොඳින් රත් කර ගත් භාජනයකට මාගරින් ස්වල්පයක් දමා ගන්න. එයට බිත්තර 02ක් දමා හොඳින් කැට කඩමින් කලවම් කරගනිමින් එයට තලා ගත් සුදු ළූණු හා කරපිංචා දමා ගන්න.
එය මදක් කලවම් කරමින් එයට කපා ගත් ලූනු දමා ගන්න. මදක් තැම්බුනු පසු සිහින්ව කපා ගත් එළවළුද දමා ගන්න.
නැවතත් මද වේලාවක් හොඳින් තම්බා ගන්න.
එම මිශ්‍රණය සකස් වීගෙන එන විට සිහින්ව කපා හුමාලෙන් තම්බා ගත් කොස් කැබලි ටික එයට එක් කරන්න.
එයට ගම්මිරිස් සහ ලුණු රස අනුව අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් දමා හොඳින් කලවම් කර ගන්න.
අවසානයේදී මෙම මිශ්‍රණයට චීස් කැබැල්ල දමා හොඳින් මිශ්‍ර කර තවත් මද වේලාවක් තම්බා ගෙන ලිපෙන් බා කෑම මේසයට පිලිගන්වන්න.
by Kaushalya De Silva
Photo Source: Internet
826 Views
Comments