යීස්ට්, බේකින් සෝඩා, අාප්ප සෝඩා, බේකින් පවුඩර් හදුනාගනිමු

බේකරි කෑම, කේක් වර්ග සදහා යොදා ගන්නා මෙම ද්‍රව්‍ය පිළිබඳව ඔබ හොඳින් අසා ඇත..
යීස්ට්, බේකින් සෝඩා,අාප්ප සෝඩා, බේකින් පවුඩර් මේ ඔක්කොම එකයි ද? ඔබට එය ගැටලුවක් නම්, අපි අද හදුනාගනිමු එකින් එක මේ මොනවාද කියලා.
යීස්ට් (Yeast) යනු යුකැරියෝටික් කාණ්ඩයේ තනි සෛලීය ක්ෂුද්‍ර ජීවී දිලීර වර්ගයකී මෙම දිලීර විශේෂය මගින් පිෂ්ඨය හෙවත් කාබෝහයිඩ්‍රේට වලින් කාබන්ඩයෙක්සයිඩ හා මධ්‍යසාර විදාරනය කිරීම නැතහෙත් පැසීම (Fermentation) යන ක්‍රියාවලියෙන් පිපුම්කාරකයක් ලෙස ක්‍රියාකරයි.
මෙය ප්‍රධාන මුලද්‍යවය පිටි හා ජලය වන අාහාර (එනම් පාන් බනිස් වැනි) බේක් කිරීම නම් ආහාර කාණ්ඩයන් යටතේ සැකසීමට භාවිත කරයි.
බේකින් සෝඩා ( Baking Soda ) යනු අාප්ප සෝඩාමයි. එය සෝඩියම් බයිකාබනේට් (Sodium Bicarbonate) නම් රසායනිකයයි. මෙම ද්‍රව්‍ය අපි පිෂ්ඨයට අදාලව පිලිස්සීම නැතහොත් ග්‍රිලිං යන ආහාර සැකසුම් කාණ්ඩය යටතේ කරන අාප්ප තෝසේ වැනි ආහාර ද්‍රව්‍ය සෑදීමට භාවිත කරයි.
බේකින් පවුඩර් ( Baking Powder ) යනු ඉහතින් සදහන් කළ සෝඩියම් බයිකාබර්නේට් වලට සෝඩියම් ඇසිඩ් ෆයිරොපොස්පේට් ද එක්කර සකස් කර ගත් පිපුම්කාරකයකි.
මෙය බේකිං කියන ආහාර කාණ්ඩය යටතේ පිටි සීනි හා බිත්තර භාවිතවන (මාගරින්/බටර් සහිතව හෝ රහිතව) මිශ්‍රණ සදහා (එනම් කේක් වැනි) ආහාර සදහා භාවිතවේ.
ඉහත පැහැදිලි කළ කාණ්ඩ තුන, තුනක් බවත් අමුද්‍රවය හා සැකසුම් ක්‍රියාවලිය අනුව යාෙදාගත යුතු ද්‍රවය 3කි.
මේවාගේ ක්‍රියාකාරිත්වය එකිනෙකට වෙනස් බවත් අාහාරපාන පිලියෙල කරන කොයි කවුරුත් වටහා ගත යුතුය. එසේම අදාල ආහාරය සදහා අවබෝධයකින් භාවිතා කළ යුතුයි.
by Kaushalya De Silva
Photo Source: Internet
14654 Views
Comments