ගෙදර හදන චිකන් සබ්මැරීන්

චිකන් සබ්මැරීන් කියන්නේ වැඩි දෙනෙක් ඉතා ඉහළ මිලක් වැය කරලා වෙළඳපොළෙන් මිලදී ගන්න ආහාරයක්. ඒවගේම ලොකු පොඩි කවුරුත් මේ චිකන් සබ්මැරීන් රස බලන්න කැමති. නමුත් මේ රසවත් චිකන් සබ්මැරීන් එක ඔබට නිවසේදීම පහසුවෙන් හදාගන්න පුළුවන් බව ඔබ දන්නවාද? මේ ඒ රස රෙසිපි එක.
අවශ්‍ය ද්‍රව්‍ය
• සීනි ග්‍රෑම් 15
• පිටි ග්‍රෑම් 100
• කිරිපිටි ග්‍රෑම් 15
• බටර් ග්‍රෑම් 15
• ඊස්ට් ග්‍රෑම් 5
• බිත්තර 1
• වතුර මිලි ලීටර 200
• ලුණු ස්වල්පයක්
සකස් කරන ක්‍රමය
පළමුව සියලු ද්‍රව්‍ය එක් භාජනයකට වතුර දමා කලවම් කර මෝලිය අනාගන්න. ඉන්පසු මිනිත්තු 20ක් පමණ ආවරණය කර තබා අවශ්‍ය පරිදි මොලියෙන් බෝල ආකාරයට සාදා එය කුරු ආකාරයට රෝල් කර මිනිත්තු 10ක් පමණ තබන්න. එම කුරුවල කොන් එක මත එක තබා තදකරගෙන එකක් බවට පත්කරගන්න. දැන් එහි නිදහස්ව ඇති ඉතිරි කොටස් එක්කරමින් එකමත එක සිටින සේ ගොතාගන්න. සකස් කරගත් සබ්මැරීන් බනිස් විනාඩි 15 ක් පමණ නිදහස්ව තබා ඒ මත බිත්තර සාරු අලේප කරගන්න. ඉන්පසුව සෙල්සියස් අංශක 180 ට රත්කරන ලද උදුනක විනාඩි 15ක් පමණ හොඳින් බේක් කරගන්න. අවසානයේ එය මැදින් කපා එයට පිරවුම් දමා පිළිගන්වන්න.
පිරවුම සදහා අවශ්‍ය ද්‍රව්‍ය
• කුකුළු මස් ග්‍රෑම් 50
• තක්කාලි
• අමුමිරිස්
• තක්කාලි සෝස් ග්‍රෑම් 15
• ලොකු ලූනු ගෙඩියක්
• සුදු ලූනු ස්වල්පයක්
• ගම්මිරිස් ස්වල්පයක්
• ලුණු ස්වල්පයක්
• කෑලි මිරිස් ස්වල්පයක්
• දෙහි යුෂ
පිරවුම් සාදන ක්‍රමය.
පළමුව කුකුල් මස් හොදින් සෝදා කැබලි වලට කපා ලුණු සහ ගම්මිරිස් දමා මිශ්‍ර කර ගැඹුරු තෙලේ බැදගන්න. ඉන්පසු භාජනයක් ලිපතබා එයට තෙල් දමා රත් වූ පසු කුඩාවට කපාගත් සුදුලූනු දමන්න. දැන් සිහින්ව කපාගත් අමු මිරිස් සහ ලොකු ලූනු දමා තෙම්පරාදු කරගෙන අවසානයේ එයට බැදගත් කුකුල් මස් කැබලි එක්කරන්න. ඉන්පසු කෑලි මිරිස්, රස පදමට ලුණු සහ ගම්මිරිස් දමා මේ රසවත් පිරවුම සාදා ගන්න.
මෙලෙස ඉතා පහසුවෙන් රසවත්ව සකස් කළ චිකන් සබ්ව්ඔබට සවස තේ පානය සඳහා පවුලේ සැමට එක්ව රස විඳින්න පුළුවන්. මෙලෙස වැඩි මිලක් දී ඔබ වෙළඳපොලෙන් මිලදී ගන්නා මෙවැනි ආහාර පහසුවෙන් නිවසේදීම පෝෂදායිව සහ සෞඛ්‍ය ආරක්ෂිතව සකස් කරගන්න පුරුදු වෙන්න. එය ඔබට නව අත්දැකීමක් එක්කර දේවි.
by Dilki Shamani
Photo source : Internet
728 Views
Comments