ගෙදර හදන චොක්ලට් බිස්කට්

චොක්ලට් බිස්කට් කන්න ගොඩක් දෙනෙක් හරිම කැමතියි. රසම රස කිරි කෝපි එකක් එක්ක චොක්ලට් බිස්කට් එකක් කියන්නේ හවසට ගොඩක් රසවත් අත්දැකීමක්. අපි චොක්ලට් බිස්කට් කඩෙන් කන්න තමයි පුරුදු වෙලා ඉන්නේ. එක එක සන්නම් නාම යටතේ මිලදී ගන්න චොක්ලට් බිස්කට් වෙනුවට ගෙදරදිම හදන චොක්ලට් බිස්කට් රස බැලුවොත් කොහොමද? ඒක හරිම ලේසියි. ඊට අවශ්‍ය වෙන්නේ
*බටර් ග්‍රෑම් සීයක් 100 ක්
*සීනි ග්‍රෑම් 30ක්
*ආමන්ඩ් පව්ඩර් ග්‍රෑම් 35 ක් නැත්නම් ආමන්ඩ් ඇට කුඩු කරගෙන වුණත් මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්
*පිටි ග්‍රෑම් 130ක්
* කුකින් චොක්ලට් ග්රෑම් 200ක්
චොක්ලට් බිස්කට් සකස් කරගන්න විදිහ අපි බලමු.
ෆ්‍රිජ් එකේ තියල තිබුන බටර් ටික ටිකක් වේලාසනින් එලියට අරන් තියාගන්න. ෆ්‍රීස් වෙලා තියෙන බටර් ටික දියවෙන්න ටික වෙලාවක් යනවා. භාජනේකට බටර් එක්ක සීනි දාල හොඳට කලවම් කරන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපි කුඩු කර ගත්තු ආමන්ඩ් ඇට එහෙම නැත්නම් සකස් කරගෙන තිබුණු ආමන්ඩ් පව්ඩර් එක දාල හොඳින් මිශ්‍ර කරගන්න අවශ්‍ය වෙනවා. මේ ටික බීට් කරගන්න අවශ්‍යතාවයක් නැහැ. අන්තිමට පිටි ටික දාලා හොඳින් කලවම් කරන්න ඕන. දැන් මේ පිටි මිශ්‍රණය පොලිතීන් එකකින් ඔතලා ටිකක් තුනී කරලා ශීතකරණ පැයක විතර කාලයක් තියෙන්න ඕන. පැයක් කියන්නේ ලොකු කාලයක් නම් චොක්ලට් බිස්කට් ඉක්මනින් හදා ගන්න මේ මිශ්‍රණය ෆීසර් එකේ විනාඩි තිහක් විතර තිබ්බත් ගැටලුවක් නැහැ. පැයකට විතර පස්සෙ චොක්ලට් බිස්කට් එකේ කැමති හැඩයට මේවා කෑලි කපාගන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ සෙන්ටිග්‍රේට් අංශක 160 ක උෂ්ණත්වයට උණුසුම් කරපු උඳුනක විනාඩි විස්සක් විසිපහක් විතර අපි සකස්කරගත බිස්කට් ටික බේක් කරගන්න ඕන. අවන් එකෙන් එලියට අරගෙන බිස්කට් ටික හොඳට නිවුනට පස්සෙ චොක්ලට් ටික හොඳින් මෙල්ට් කරලා බිස්කට් එක වටේ දවට ගන්න අවශ්‍ය වෙනවා. මතක ඇතුව චොක්ලට් ටික දියකරගන්න අවශ්‍ය වන්නේ ඩබල් බොයිල් ක්‍රමයට. මේ විදියට සකස් කරගත්ත චොක්ලට් අපේ චොක්ලට් බිස්කට් එක විනාඩි තිහක් හතළිහක් වගේ ශීතකරණ තියලා ඔබට කෑමට ගන්න පුළුවන්. සකස් කරගත චොක්ලට් බිස්කට් එකේ චොක්ලට් එළියේ තිබුනොත් දියවෙන බලන නිසා කෑමට ගන්න තුරු ශීතකරණයේ තියෙන එක තමයි හොඳම ක්‍රමය. ඉතින් මේ විදිහට රසවත් චොක්ලට් බිස්කට් ගෙදරදීම හදලා බලන්න.
by Dilki Shamani
Photo Source: Internet
1343 Views
Comments